SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දීකිරි කීව සැණින් අපගේ මතකයට නැංවෙන්නේ,
70 දශකයේදී ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදයෙක් වූ ලූෂන් බුලත්සිංහලයන්ගේ රතු හැට්ටකාරී වේදිකා නාට්‍යයේ අනුලා බුලත්සිංහල ගයන මෙම ගීතයයි. නමුත් මේ එම ගීතයේ සඳහන් ඒළදෙනගෙන් දොවා හදාගන්නා දී කිරි නොව ඉතා දුර්ලභව පොල් ගස් වල ස්වභාවිකව හටගන්නා දීකිරි පොල් ය.
 
සත්ත්ව කිරිවලින් නිපදවන දීකිරි පරිබෝජනය කිරීමටත් බොහෝ දෙනෙකුට හැකියාව ලැබී ඇතැයි සිතිමත් විරල කාලයක ශාකයකින් ලබාගන්නා දීකිරි අනුභවය කොහොමටත් විරල දෙයකි.
 
දීකිරි පොල් හටගන්නේද, සෙසු පොල් හටගන්නා පොල්ගස්වලය. එම පොල්වලුවලමය. එම නිසා දීකිරි පොල්ගස් යැයි වෙන්කොට හඳුනා ගැනීම අපහසුය. එහෙත් මෑත කාලයේ දීකිරි පොල් ගෙඩිවලින් රෝපණය කරන ලද පොල් පැළ නැතුවාම නොවේ.
 
දීකිරි පොල්වලද, ගෙඩියේ ස්වරූපය සාමාන්‍ය පොල්ගෙඩියකට වඩා‍ වෙනස් නොවේ. එහි ඇතුළත පොල් වතුර නොමැත. පැල පොල් මදයක් මෙන් එහි ඇත්තේ පොල් මදයකි. ඒවා හිරමනයෙන් නොගා පිහියකින් උලුප්පා ගනිති. දීකිරි ඉතා මෘදුය. කිරි සුදු පැහැයෙන් යුක්තය.
 
දීකිරි පොල් මදවල අධික ලෙස මේදය ඇතත් එය ඉතා රසවත්ය. මී පැණි, සීනි හෝ හකුරු ආදිය සමඟ දීකිරි කෑමට එකල සිටම ජනතාව පුරුදූ වී සිටිති.
 
දීකිරි පොල් ගෙඩි පැල කිරීම පහසු නැත. එය අහඹු ලෙස සිදු වන්නකි. එසේ ගෙඩි කෘතිමව පැළ කළද, දීකිරි පොල් ගසක් ම රෝපණය වීම දුර්ලභ ව සිදුවේ. ලුණුවිල පොල් පර්යේෂණායතනයේ මෙන්ම ගාල්ල ප්‍රදේශයේද, එලෙස කෘතිමව රෝපණය කරන ලද පොල් ගස් දෙකක් ඇති බව දැනගන්නට ඇත.
 
(දකුණු රටට ආවේණික යයි කියන නමුත් පොල්ගහවෙල ප්‍රදේශයේ පිහිටි අපගේ පොල් වගාවේ ද සෑම පොල් මුරයකම දීකිරි ගෙඩි එකක් හෝ දෙකක් අනිවාර්යයෙන් තිබෙනවා. මේ අද අහඹු ලෙස ලැබුණු දීකිරි පොල් ගෙඩියේ ඡායාරූපයක්)
 
@"ගමක සිරිය" පිටුවෙන්

නවතම ලිපි