SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද රාජනිගේ 33 වැනි අනුස්මරණයයි
මෙයට අවුරුදු 33 කට පෙර අද වැනි දවසක විශ්ව විද්‍යාලයේ වැඩ නිමකොට සවස ගෙදරට එමින් සිටියදී කොටි සංවිධානයේ තුවක්කු කරුවන් විසින් රාජනී සහාසික ලෙස මහ මගදී ඝාතනය කරන ලදී.
 
උතුරේ මෙන්ම දකුණේද යුක්තිය,සාධාරණත්වය සහ සාමය වෙනුවෙන් පෙනී සිටීම නිසා රජය මෙන්ම සන්නද්ධ කණ්ඩායම් විසින් ද දුන් දඩුවම මරණය යයි .උතුරේදී සන්නද්ධ කණ්ඩායම් මෙන්ම රජයද එල්ල කල ප්‍රචණ්ඩත්වය හමුවේ ජීවිතය ආරක්ෂා කර ගත හැකි වුයේ මේ පාර්ශවයන් දෙකින් එකකට අයත් වීමෙනි.රාජනී එවැනි ස්ථාවරයක් ගැනීම එක හෙලාම ප්‍රතික්ෂේප කොට ද්‍රවිඩ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියාය.
 
ඒ හේතුව නිසා ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය හැකි බව ඇය දැන සිටියද ප්‍රචණ්ඩත්වයට හා අයුක්තියට එරෙහිව අභිතව නැගී සිටියාය.දැනට වසර 33 ක් තිස්සේ අප පවුලක් වශයෙන් ඇගේ මරණයෙන් ඇති වූ වේදනාව දින පතාම පාහේ අත් දකින්නෙමු. ද්‍රවිඩ කොටින්ගේ දෙඅත් ඔවුන්ගේ වැරදි ක්‍රියා නිසාම වින්දිතයන් වූවන්ගේ ලේ සහ කඳුළු වලින් තෙත්ව ඇති බව රාජනී ප්‍රකාශ කලාය.ඔවුන් ප්‍රචණ්ඩත්වයෙන් ගොඩනගා ඇති මේ ආධිපත්‍යධාරී දෘෂ්ටියෙන් මිදෙන්නේ නැතිව නව විමුක්තිකාමී දෘෂ්ටියක් උපත ලැබිය නොහැකි බව රාජනී තව දුරටත් පෙන්වා දුන්නාය.
 
අද ලංකාව තීරණාත්මක මොහොතකට අවතීරණය වී ඇත.රාජනී පෙන්වා දුන් විමුක්තිකාමී දෘෂ්ටිය ජනඅරගලය තුලින් උදාකර ගැනීමට ඇති හැකියාව උරගා බැලීම ට රාජනී අනුස්මරණය කමිටුව තීරණය කොට ඇත.මේ ගැන සාකච්චා කිරීමට ඔක්තෝබර් 1 දා සවස 2ට යාපනයේ ට්රිමර් ශාලාවට පැමිණෙන ලෙස ඔබට ගෞරවයෙන් ආරාධනය කරන්නෙමු.‍රිමර් ශාලාවට පැමිණෙන ලෙස ඔබට ගෞරවයෙන් ආරාධනය කරන්නෙමු.
 
@Dayapala Thiranagama

නවතම ලිපි