SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනගාරික ධර්මපාල ගැන ගනනාථ ඔබේසේකර ලියපු දේවල් සම්බන්ධයෙන්

ධර්මපාල පාර්ශවය (සිංහල බෞද්ධ රාජ්‍යය ෆැන්ටසිය) සහ ඔබේසේකර පාර්ශවය (ඇකඩමික ප්‍රභූතත්වය අවිඥානික වීම හේතුවෙන් නොදැනුවත්වම එහි ආධිපත්‍ය භාරගැනීම) අතර එලවක් මේලාවක් නැති සංවාදයක් ආරම්භ වී ඇත.

ධර්මපාල මුල් කාලයේ කියූ දේවල් හෝ පසු කාලයේ කියූ දේවල් හෝ දැන් සත පහකට වැඩක් නැත. නමුත් ඔහු දේශපාලනය කල අයෙකි. ඔහු සහ ඔහු සමග කටයුතු කල ප්‍රභූන් විසින් ස්ථාපිත කරන ලද තත්වය වර්තමාන ජාතික රාජ්‍යය සඳහා පදනම දැමීය. Thamalu Maliththa Piyadigama මොනවා කිව්වද ධර්මපාලගේ ප්‍රධාන කාර්ය වූයේ කාර්මික විප්ලවය සමග බටහිර ඇති වූ තත්වය (දියුණුව) ලංකාව තුල ස්ථාපිත කිරීමය (එය ප්‍රභූ දේශපාලනයකි). ධර්මපාල එහිදී ප්‍රධාන කොට සලකන ලද්දේ අධ්‍යාපනයයි. කතෝලික පල්ලිය ප්‍රමුඛ කොටගත් ප්‍රභූ පාසල් පද්ධතියේ කොපියක් ලෙස බුද්ධාගම මුල්කොටගත් සිංහල බෞද්ධ පාසල් පද්ධතියක් ආරම්භ කිරීමේ කාර්ය ආරම්භ කලේ ඔහු සහ ඔහු සමග එකතුව සිටි ඕල්කට්ලාය. ඔහු විසින් ආරම්භ කරන ලද මහා බෝධි සමාගම විසින් පසු කාලීනව ලංකාව තුල පාසල් 164ක් නඩත්තු කරනු ලැබූයේ එබැවිනි.

 

anagarika1

 

ධර්මපාල ඕල්කට් සමග පරම විඥානාර්ථ බෞද්ධ සමාගම ආරම්භ කොට රටපුරා කළ සංචාරයේ දී ඕල්කට්ගේ ඉංගී‍්‍රසි කථා සිංහලට පරිවර්තනය කිරීමේ කාර්යට ඉදිරිපත් වූයේ ධර්මපාලය.

පරම විඥානාර්ථ සමාගම මගින් මෙරට බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් බෞද්ධ ඉංග්‍රීසි පාසල් ආරම්භ කිරීමට මුලින්ම කටයුතු කළේය. ඒ මහා බෝධි සමාගම ආරම්භ කිරීමට පෙරය. ඉංග්‍රීසි පාසල් ආරම්භ කිරීමේ ධර්මපාලලගේ අරමුණ වූයේ සිංහල බහුතරයට හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දීමයි.

කොළඹ ආනන්ද විද්‍යාලය නමැති සිංහල බෞද්ධ පාසල් පද්ධතියේ මුදුන් මල්කඩ ආරම්භ කිරීමට ඕල්කට් සහ ධර්මපාල කටයුතු කරන ලද්දේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද, වලිසිංහ හරිස්චන්ද්‍ර, හික්කඩුවේ ශ්‍රී සුමංගල වැනි අය සමග එකතුවය. 1886 නොවැම්බර් 1 වන දින ඉංග්‍රීසි බෞද්ධ පාසලක් පිට කොටුවේ අංක 54, මැලිබන් වීදියේ [කාමර 5 කින් යුත් විශාල නිවසක්], සිසුන් 37 දෙනෙකුගෙන් පමණක් විවෘත කළේය. පසුව ආනන්ද විද්‍යාලය බවට පත්වන්නේ එයයි.

ආනන්ද විද්‍යාලයේම කොපියක් වන නාලන්දය ආරම්භ වන්නේද ධර්මපාල සහ ඕල්කට් දෙදෙනාගේ ප්‍රමුඛත්වයෙනි. පසුව නාලන්ද විද්‍යාලයේ ප්‍රාථමික පන්ති ආරම්භ කිරීම සඳහා ඍජුවම මුදල් ලබා දෙන්නේ ධර්මපාල විසිනි. ඒ 1926 දීය. ගුණපාල මලලසේකරද එම කටයුත්තේ හවුල් කාරයෙකු විය.

බටහිර අධ්‍යාපනය නගා සිටුවා ලංකාව "පුරවැසියන්" (citizen) සහිත සිංහල බෞද්ධ ජාතික රාජ්‍යයක් බවට පත් කිරීමට උත්සාහ දැරීම ධර්මපාලගේ දේශපාලනය වී තිබුණි.

සිංහල බෞද්ධ පාසල් පද්ධතිය බටහිර කතෝලික පාසල් පද්ධතියේ කොපියක් ලෙස නිර්මාණය කළා සේම වෙසක් උත්සවයද නත්තලේ කොපියක් ලෙස නිර්මාණය කෙරුණි. ඒ අනුව වර්තමාන වෙසක් උත්සවය ඔවුන්ගේ නිර්මාණයකි. එය තනිකරම නත්තලේ කොපියකි. නත්තල් ආලෝකකරණය, නත්තල් ගස් වෙනුවට වෙසක් කූඩු, නත්තල් කාර්ඩ් වෙනුවට වෙසක් කාර්ඩ්, නත්තල් කැරොල් වෙනුවට භක්ති ගීත, වැනි ලෙස එය වර්ධනය වී ඇත.

වර්තමාන සිංහල බෞද්ධ සමාජය යනු කුමක්දැයි වටහා ගැනීම සඳහා ආනන්ද විද්‍යාලයේ 125 වන සංවත්සය සඳහා නිර්මාණය වුන මේ ගීතය මහත් පිටුවහලක් සපයයි.

අනඳතා පාන නොපමා නිපුණෝ

කුමර තාමාන ගජතා පිරුනෝ

බණදම දැනගෙන හැදුනෝ

විදු නැණ යහගුණ දෙවුනෝ

කෙලි ලොව දිනවන හපනෝ

රණජය බිම මහ මුදුනෝ

පසුමන් නොබසින ඇත්තු

පෙරමන් හොබවන පුත්තු

ආනන්දේ පුත්තු

අපි ආනන්ද පුත්තු

වෙඩි වැස්සට සැලෙන්නෑ

අඩි පස්සට හැරෙන්නෑ

කලා විලේ සියපත් වූ

නිලේ බලේ අගපත් වූ

එලෝ මෙලෝ සුවපත් වූ

අනාගතේ පැහැපත්වූ

අනුහස් ඇති පුතනුවෝ

කොතනත් රජ කරනවෝ

ආනන්දේ පුත්තු

අපි ආනන්ද පුත්තු

උරුම රකියි පෙරදිනේ

දියුණු ලොවේ පෙරමුණේ

විහාරයේ රන් බුදු රැස්

සෙනේහයේ රන්කුරු රැස්

එදා කාලේ රන් කතු රැස්

අපේ කාලේ රන් සිසු රැස්

විජාති බල දල සින්දු

ලොවේම හෙළ නම රැන්ඳු

ආනන්දේ පුත්තු

අපි ආනන්ද පුත්තු

එකා වගේ නැගේවි

අනද සරණ ලබාවි

අනදතා පාන නොපමා නිපුනෝ

කුමර තාමාන ගජතා පිරුනෝ

ඉන් කියවෙන්නේ සිරි ලක සිංහල බෞද්ධ පාසල් අතර රන් කොත් මුදුන ආනන්දය බවත්, එම පාසලේ ඉගෙනගන්නා අය සුවිශේෂී නොපමා නිපුනන් බවත්ය. එය එසේ වීමට නම් අනෙක් සියලු පාසල් වල අය ඒ අයට වඩා නිපුනතාවයෙන් අඩු පමා පිරිස් විය යුතුය. එසේම එහි බණ දහම සහ විදු නැණ එකට ගමන් කරයි. කෙලි ලොව මෙන්ම යුද්ධයේ මූලිකයින්ද ඔවුන්ය(එම ගීතයට අදාළ රූප රාමු තුලින් එය වඩාත් හොඳින් පෙන්නුම් කෙරේ). ඔවුන් වෙඩි වැස්සට සැලෙනේ හෝ අඩි පස්සට හැරෙන්නේ හෝ නැත.

එම ගීතියේ දිගින් දිගටම ඇත්තේ ප්‍රභූත්වයේ අධිපත්‍යය පිලිබඳවය (නිලේ බලේ අගපත් වූ, අනුහස් ඇති පුතනුවෝ කොතනත් රජ කරනවෝ.... උරුම රකියි පෙරදිනේ.... විහාරයේ රන් බුදු රැස්... දියුණු ලොවේ පෙරමුණේ.... විජාති බල දල සින්දු....ලොවේම හෙළ නම රැන්ඳු....).

මේ ඝනයේ අනෙකුත් සිංහල බෞද්ධ පාසල් වන නාලන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද, මාතර රාහුල වැනි දූරවලියේ අනෙකුත් පාසල් ආනන්දයට පසු පසින් සිටින බව එම පාසල් වලට ගිය අයට සහ යන අයට අවිඥානිකය. එසේම අනෙක් සියලු සිංහල බෞද්ධ පාසල් වලට අදාළ අය සඳහාද එය එසේය.

 

anagarika2

 

ධර්මපාලලා ගොඩනැගූ ධනේශ්වර ප්‍රභූ දේශපාලන ආධිපත්‍ය එයයි. ධර්මපාල ඇතුළු පිරිසගේ ව්‍යායාමය වූයේ බටහිර ශිෂ්ටකරනීය ව්‍යාපෘතිය සිංහල බෞද්ධකරණය කිරීමය (සිංහල බෞද්ධකරණය යනුම ඔවුන්ගේ නිර්මාණයකි) 1948 නිදහස ලැබීමෙන් පසුව ගොඩනගන රාජ්‍යයේ පදනමද එයයි.

චම්පික රණවක විසින් පසුගිය දිනක ලියා තිබූ "ධර්මපාලතුමා, ජේ.ආර්.තුමා සහ මළකඳන්තුමා..!" යන ලිපියෙන් කියා සිටින්නේද එක්සත් ජාතික පක්ෂයේ පූර්වගාමියා ධර්මපාල බවය. එය සැබෑය. ඩී.එස්. සේනානායකලා කෙසේ වෙතත් ධර්මපාලගේ නියම අනුප්‍රාප්තිකයා ජේ.ආර් ජයවෙධනය. ජේ.ආර්.ගේ ධර්මිෂ්ට සමාජයේ පදනම ධර්මපාලලාගේ දේශපාලනයයි.

මේ දේවල් ගැන වැඩි වැඩියෙන් කතා කිරීමට දෙයක් නැත. තමළු මොනවා කීවද අපට වැදගත් වන්නේ ධර්මපාල විසින් ස්ථාපිත කොට ඇති දේශපාලනය මිස ඔහු විසින් කොහේ හෝ කියා ඇති කතා කිහිපයක් නොවේ.

ධර්මපාල මිය යන්නේ 1934දීය. නාලන්දයට මුදල් පරිත්‍යාග කරනුයේ 1926දීය. එසේ නම් අපට සිතා ගත හැක්කේ තමළු විසින් කියන ධර්මපාල අඩු තරමින් 1928න් වත් පසු තත්වයක් විය යුතු බවය. නමුත් ඕල්කට්ලා ධර්මපාලලා ස්ථාපිත කොට ඇති තත්වය මිස එය අපට සත පහකට වැඩක් නැත. ඇත්තටම මෙම තත්වය ස්ථාපිත කල දේශපාලනයේ ඉතිහාසයද අපට වැඩක් නැත. එබැවින් මේ විකාර සහගත සංවාදයේ පැටලීම නොකළ යුත්තකි.

මෙහිදී පැනනඟින ප්‍රශ්නයක් වන්නේ Pradeep Jeganathan, Geethika Dharmasinghe, වංගීස (වංගීස මෙහි නොමැති බැවින් දැනුම් දීම සඳහා Pradeep Jayarathne mention කරන්නෙමු) වැනි ඇකඩමික විද්‍යාර්ථයින් ධර්මපාලට එරෙහි වන්නේ ඇයිද යන්නයි. ඇත්තටම ධර්මපාල ද එම විද්‍යාර්ථයින් අපේක්ෂා කරන තත්වය රට තුල ස්ථාපිත කිරීමට දැඟලූ අයෙකි. ඔහු වඩාත්ම උනන්දු වූයේ අධ්‍යාපනය, විද්‍යාව සහ තාක්ෂනය ගැනය. ඇත්තටම මෙම විද්‍යාර්ථයින් විසින් තමලුට එරෙහිව කටයුතු කල යුත්තේ ධර්මපාල ආරක්ෂා කර ගැනීමටය. මොකද තමළු විසින් කිසිම අදාලත්වයක් නැති ව්‍යාජ ධර්මපාල කෙනෙකු ස්ථාපිත කරනා බැවිනි. එසේ ආරක්ෂා කොට නොගෙන ධර්මපාලට එරෙහි වීම සඳහා ධර්මපාල පිළිබඳව ඉහත කී වම්මුන්ට ඇති ප්‍රශ්නය වී ඇත්තේ ඔහුගේ සිංහල බෞද්ධ කොටසය. එම කොටස රහිතව ඔහුගේ කාර්යයන් සිදු කලේ නම් මොවුනට මෙම ප්‍රශ්නය නොමැත. නමුත් ඔවුන් නොවටහා ගන්නා කාරණය වන්නේ සිංහල බෞද්ධ කොටස නොමැතිව ජාතික රාජ්‍යය ස්ථාපිත නොවන බවය. ධනවාදයේ ඊළඟ පියවර සඳහා අත්‍යවශ්‍ය සාධකය වූයේ ජාතික රාජ්‍යය ස්ථාපිත වීමය. ධර්මපාලලා එහි වියැකී ගිය මැදිහත් කරුවන් විය. ඒ ඔවුන් අපේක්ෂා කල සිංහල බෞද්ධ ෆැන්ටසිය වෙනුවට ධනේශ්වර සිංහල බෞද්ධ ජාතික රාජ්‍ය බිහි වෙමින් පැවතිය නිසාය. ධර්මපාලගේ කලකිරීමට හේතුවද එය විය. පසුව ඔහු සමග සිටි සිංහල ප්‍රභූන්ට එරෙහි වන්නේද එබැවිනි.

 

anagarika3

 

Pradeep Jeganathan විසින් සිග්මන් ෆ්‍රොයිඩ් ගෙනහැර දක්වමින් ( ඔහුට අවශ්‍ය පරිදි ) ගනනාථ ඔබේසේකරගේ ඉදිරිපත් කිරීම් සාධාරණීකරණය කිරීමට උත්සාහ කරයි. පෙනෙන ආකාරයට නම් ගනනාථ ධර්මපාල ගැන ලියා ඇත්තේ විකාරය. ඔහු සමලිංගිකයෙකු වීම හෝ වෙනයම් තත්වයක් ඇති වීම පිළිබඳව "මනෝ විද්‍යාත්මක" කරුණු දැක්වීම් ඔහු කල දේශපාලනය හේතුවෙන් ස්ථාපිත වී ඇති තත්වයට අදාළ වන්නේ කෙසේ දැයි ඔවුන් විසින්ම පැහැදිලි කල යුතුය.

අප ප්‍රදීප් ජෙගනාදන්ට අභියෝග කොට සිටින්නේ හැකි නම් ෆ්‍රොයිඩ්ගේ කාර්ය වූයේ කුමක්ද යන්න ගෙනහැර දක්වන ලෙසය.

ගනනාථ ඔබේසේකර යනු ලංකාවේ වාමාංශික ඇකඩමික ප්‍රභූන්ගේ බුදුන්ය. එසේ නම් ඔවුන් පෙන්වා දිය යුත්තේ විමුක්ති දේශපාලනය සඳහා ගනනාථගේ දායකත්වය වැදගත් වන්නේ කෙසේද යන්නයි. ඔහුගේ ලේඛන ආශ්‍රයෙන් "නිවැරදි බුද්ධාගමක්" ගැන වැල් බයිලා ගහන අය හැරුන විට එවැනි කිසිඳු පෙන්වා දීමක් අප දැක නැත.

දේශපාලනයේදී පදනම් විය යුත්තේ වර්තමානය තුල මිස අතීතය තුල හෝ අනාගතය තුල නොවේ. අතීතය තුල සහ අනාගතය තුල පදනම් වීම විමුක්ති දේශපාලනයට කිසිසේත්ම අදාල නැත. එසේම අතීතය යනු ඉතහාසය නොවේ. නමුත් අතීතය මත පදනම් වීම පල රහිත වුවද, ඉතිහාසය මෙන් නොව විසිරුණු අතීතය වර්තමාන දේශපාන මොහත සලකුණු කොට ගැනීම සඳහා වැදගත් වනු ඇත.

අනගාරික ධර්මපාල යනු UNPයේ පූර්වගාමියාය... ඒ පිළිබඳව වැඩි දුර අවබෝධය සඳහා මේ ලිපිය කියවන්න....

http://www.spartacus.lk/%e0%b7%80%e0%b6%b8-%e0%b6.../2019/

@Madawa Ruwanpathirana fb

නවතම ලිපි