SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජෙනිෆර් රොචා (Jeniifer Rocha) පහුගිය දවසක දකුණු කැලිෆෝනියානු විශ්ව විද්‍යාලයේ …

(University of South California) පලමු පංතියේ සාමාර්ථයක් එක්ක උපාධිය ලබා ගත්ත.

පලමු පෙළ සාමාර්ථ ගත්ත සිසු සිසුවියන්ට විශ්ව විද්‍යාලයෙන් අනුග්‍රහය දක්වනව පිලිගත් ඡායාරූප ශිල්පියෙක් මගින් පිංතූර කීපයක් ගන්න.

ජෙනිෆර් තෝර ගත්තෙ දකුණු කැලිෆෝනියාවෙ පැප්‍රිකා (මාළු මිරිස් විශේශයක්) හා අර්තාපල් වවන වගා බිමක්.

ඒ මොකද.? අංශ ප්‍රධානියා ජෙනිෆර්ගෙන් අහනව.

 

Rocha2

 

“මගෙ අම්මයි තාත්තයි මෙක්සිකෝවෙන් ආපු අනවසර ගොවියො. “

“ ඒ දෙන්න ඇමරිකාවට ආවෙ ලොකු හීන ගොඩක් තුරුළු කරගෙන. නමුත් නීති රීති මැද්දෙ හිරවුනු එයාලට සිද්ධ වුනේ මුළු ජීවිත කාලෙ පුරාවටම ගොවිබිම් වල කුලී වැඩ කරන්න.”

මේ කතා කරන මොහොතෙදිත් අම්මයි තාත්තයි මාළු මිරිස් පුරවපු කූඩ ඔළුවෙ තියන් ‍යනව.

වයස අවුරුදු හයේදි මට මතකයි තාත්ත පැල වටේ පස් බුරුල් කරනව.. අම්ම වැඩි පුර හැදුනු කොල අයින් කරනව. මම ඒ කොල එකතු කරනව ගෙදර අරගෙන යන්න.

 

Rocha3

 

“පහුගිය අවුරුදු පහලව පුරාම මම දැක්කෙ උදේ පාන්දර පහේ ඉඳල හවස හය හත වෙනකල් වැඩකරන අම්මයි තාත්තයි.

ගිම්හාන කාලෙ ගිණි අව්ව්වෙත් .. සීත කාලෙ වෙව්ලමිනුත් ඒ දෙන්න කරේ වැඩ කරන එකමයි.

එහෙම හොයපු ඩොලර් එකෙන් එක එකතු කරල තමා මට ඉගැන්නුවේ. මම හැදුනෙ වැඩුනෙ මේ වගා බිමේ.

අත්තටම අපි හොඳටම දුප්පත්... නමුත් කවදාවත් අපි හොරකං කරේ නෑ.

එයාලගෙ හීන සැබෑ නොවුනු තැන ඒ අය මං වෙනුවෙන් හීන දැක්ක. මුළු ජීවිතේම කැප කරේ මට හොඳ හෙට දවසක් තෑගි කරන්න...

ඉතිං මේ පිංතූර ටික ගන්න හොඳම තැන තමා ඒ වගා බිම.”

ලංකාව වගේ රටවල අම්මල තාත්තලත් මීට වඩා දුක් විඳිනව දරුවන්ට උගන්වන්න.

හැබැයි ගොඩාක් දෙනා ලැජ්ජයි අපි දුප්පත් කියන්න.

හොරකම් කරන මැති ඇමතිලාට නැති නෑකම් කියන්න ලැජ්ජා නොවන මිනිස්සු.. අපේ අම්මයි තාත්තයි දුප්පත් කියන්න ලැජ්ජ වෙන්නෙ මොන හේතුවක් හින්දද කියන්න මට තේරෙන්නෙ නැහැ.

 

සමහරු කතා හදයි ජෙනිෆර් දුප්පත්කම මාර්කට් කරනව කියල. නමුත් මට නම් පේනෙ අවංක කම විතරයි.

සල්ලි තියෙන්නම ඕනෙද සමාජයේ තැනක් තියෙන්න?.. මහා ලොකු රස්සාවක් .. යාන වාහන.. අළුත්ම ඇඳුම් පැලඳුම් තියෙන්නම ඕනෙද?... අම්මල තාත්තල පොශ් වෙන්නම ඕනෙද ....අපි වැදගත් කියන්න.?

මං දන්න හොඳ යාළුවෙක් ඉන්නව.. උපාධියට පස්සෙත් ඉංග්‍රීසි පංතියට ගෙවන්න සල්ලි හොයන්න පොල් අතු වියපු... ඒ වගේම ඒ ගැන කියන්න ලැජ්ජා නැති.

නමුත් සංතෝසෙන් ඒ ගැන කියන.

ඒ වගේ මිනිස්සු ගැන මට නම් පුදුම ගෞරවයක් තියෙන්නෙ.

 

Rocha5

 

ජෙනිෆර්ට වඩා දුප්පත් බොහෝ අය මීටත් වඩා ඉහලට ඉගෙන ගන්න ඇති. ඒත් ඒ අය ජෙනිෆර් වගේ අවංක නෑ.. ජෙනිෆර්ට වගේ හයියක් නෑ දුප්පත් කම පිලිගන්න.

මේ පිංතූර ටිකයි .. කතංදරෙයි ජෙනිෆර්ගෙ ඉන්ස්ටග්‍රෑම් පිටුවෙ පලවෙලා තිබුනෙ.

“අම්මටයි.. තාත්තටයි මං කීවම පිංතූර ගන්න ඕනෙ ගොවිපලේ " කියල අම්ම කීව ..

“අනේ කෙල්ලෙ උඹට යාළුවො හිනාවෙයි” කියල…

මගෙ ජීවිතේ පලවෙනි පාරට මං දැක්ක තාත්තගෙ ඇස් දෙකේ කඳුළු පිරිල තිබ්බ.

ඒත් මේ පිංතූරයි.. පිංතූර වලට ලෝකෙ වටේම ඉන්න හැමෝගෙන්ම ලැබුනු ප්‍රථිචාරයි දැක්කම ඒ දෙන්න තරං සතුටු වුණු කවුරුත් නෑ.

 

Rocha4

නවතම ලිපි