SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇය, ලොවක් වසඟ කල, ලොවක් සුවඳවත් කල, ලොවටම ආදරය කළ වේල්සයෙහි කුමරියයි.

1961 වර්ශයේ ජූලි 1 දින උපත ලද ඇය ඩයනා ෆ්‍රැන්සිස් ස්පෙන්සර් ය. ඇය වේල්ස්හි කුමරු චාල්ස්ගේ බිරිඳ වූ අතර විලියම් කුමරුගෙ (විලියම් ආතර් පිලිප් ලුවී) සහ හැරී කුමරුගෙ (හෙන්රි චාල්ස් ඇල්බට් ඩේවිඩ්) ආදරණීය මව වුවාය. පුණ්‍ය කටයුතු සහ විලාසිතාවන් කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ ඇයට, මුළු ලොවක්ම ආදරය කළේද එනිසාවෙන්ය. ලොවටම කුමරිය වූ ඩයනාගේ මරණය 1997 අගෝස්තු 31 වන දින සනිටුහන් වනුයේ අනතුරක් සහ ඝාතනයක් අතර දෝලනය වන්නා වූ අබිරහසක් ද ඉතිරි කරමිනි.

 

1997 අගෝස්තු 30 වන දින ඩයනා සහ ඩොඩි ෆයිඩ් පැරිසියේ රිට්ස් හෝටලයෙන් පිටත්ව ගියේ රියදුරා වන හෙන්රි පෝල් සහ ඩොඩිගේ ආරක්ෂකයා සමඟ මෝටර් රථයකින් ය. මධ්‍යම රාත්‍රියෙන් පසු මෝටර් රථය පැරිස් උමං මාර්ගයකදී පාලනයෙන් මිදී කඩා වැටෙන්නට විය. ෆයිඩ් සහ රියදුරා ක්ෂණිකව මිය ගියේය. ඩයනා ඇයව බේරා ගැනීමට උත්සාහ කළත් පසුව රෝහලේදී මිය ගියාය. බරපතල තුවාල තිබියදීත් ආරක්ෂකයා දිවි ගලවා ගත්තේය. එදා පටන් අද වනතුරුත්ලොව වටාම විශාල ලෙස මතභේදයට තුඩු දුන් මෙම රිය අනතුර ගැන අනේකවිධ තොරතුරු වාර්තා වෙමින් පවතියි. සමහරෙක් මෙය රිය අනතුරක් යැයි පවසන අතර සමහරෙක් මෙය සැලසුම් සහගත ඝාතනයක් යැයි මත පල කරයි.

කෙසේ නමුත් එදින, එංගලන්තයේ රෝස කුසුම රොන්සුණු සුවඳ පමණක් ලෝකයාට ඉතිරි කර සදාකාලික සැනසුම සොයා නික්ම ගියාය.

 d3

 

 

එතැන් පටන් වසර 25කට පසුව, ඇගේ මතකය නැවතත් ආවර්ජනය කරමින්, ඇගේ මරණයේ නොවිසඳුණු අබිරහස සහ එතුළ සැඟව ගත් බලවතුන්ගේ කුමන්ත්‍රණ පාදක වෙමින් ලියැවෙන පළමු නවකතාව, ප්‍රියා සමගින් ඉරිදාවක්, ආදරණීය සේන් ගඟ, රෝස මාළිගාවේ මනුසතුන්, ආයුබෝවන් නිහැඩියාව, ජීවිතයෙන් මාස හයක්, 12.12.12, බියුරෝ, සිව් සෘතු සිතුවිලි, දෙවැනි ගැහැනිය ආදි මිනිස් හද සන්තානය.ආමන්ත්‍රණය කල නිර්මාණ තුළින් පාඨක ආදරය නොමඳව ලැබූ මංජුල සේනාරත්නයන් විසින්, ඒ රෝස කුසුමට ආදරය කළ මුළු මහත් ලෝකයාම ඉදිරියෙහි තබන්නට දැන් සියල්ල සූදානම්.

 

d2

#D

එය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්‍රීයෙන් වෙළීයමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ.

මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක්‍රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.

එය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුමන්ත්‍රණයකි. ඇයව මරා දැමූ ඔවුහු, ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණතම අබිරහසකට පදනම දැමූහ.

 

d5

 

 උදෑසන 1.30 ට පිලිප් දෝනෝ වෙතින් පැමිණි දුරකථන ඇමතුමට සවන් දුන් කේස් වින්ගර්ෆීල්ඩ් ඩෝඩිගේ තට්ටු නිවාසයට ඇතුළු විය . ඩයනා - ඩෝඩි පැමිණීම බලාපොරොත්තුව දැල්වෙමින් තිබූ රෝස මල් සුවඳ හමන ඉටි පන්දම් නිවී ගොසිනි . සේවකයින් දෙදෙනෙක් විශාල මේසය දෙකෙළවර තිබුණු වටිනා පිගන් කෝප්ප සහ සැරසිළි ඉවත් කරමින් සිටිති. නිවස පුරා සැරි සරමින් තිබුණු සංගීත රාවය අතුරුදන්ය. ඩෝඩි යළි කිසි දිනක පැමිණෙන්නේ නැත.

"උඹ දන්නවද ඩයනා කැමතිම සින්දුව මොකක්ද කියලා..?" පිටුපසින් පැමිණි රොනේ දොලොමේ ඇසූ ප්‍රශ්නය නිසා කේස් පුදුමයට පත් විය. තම දයාබර ස්වාමියාගේ මරණයෙන් කම්පිතව සිටින රොනේගේ මුහුණ අඳුරුය. දස වසකින් වයසට ගියාක් වැනිය. තැනට නොගැළපෙන ප්‍රශ්නයට පිළිතුරු කේස් දැනසිටියේ නැත.

 

d4

 "ඩයනා ගේ ආසම සින්දුව තමයි මයිකල් ජැක්සන් ගේ Dirty Diana. එයා කාර් එකේ යද්දී නිතරම ඒක කියනවලු. ඩෝඩි ගෙදරින් පිටවෙන්න කලින් කිව්වා එයාලා එනකොට ලයනල් රිචීගේ ඇල්බම් එක දාලා තියන්න කියලා. ඩයනා රිචීගේ Hello සින්දුවටත් කැමතියි කිව්වා..."

කේස් සොවින් තැවෙන මෙහෙකරුවා ගේ උරහිසට සුරත තැබුවේය.

"අඩුම ගානේ ඩයනාවත් ජීවත් වුණොත් ..." රොනේ කිවේය.  

මේ ඇගේ කතාව නොවෙයි. ඇගේ මරණයේ කතාවයි. ඇගේ මරණයේ සැඟවුණු අබිරහසයි.

 

D6

 

නවතම ලිපි