SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔය ලතා ඉන්නෙ ?

මොන ?

ඔය වැවේ ඉවුරෙ ලෑලි කඩයක් දාන් ඉන්න කොන්ඩෙ කොට ගෑණී..

ඔව් ඔව් !

ඔය ගෑනියි පේමවතී මනන්පේරියි එක තාත්තගෙ දරුවො.

ඔය මනන්පේරිගෙ තාත්ත මුලින් පෙලවහක් කරන් හිටියෙ මෙහෙන් .ගෑණු පස් දෙනයි එක පිරිමියයි සේරම හයයි .ඒ හයම දාල තමා ඔය පේදරික් අප්පුහාමිය දෙවුන්දර පැත්තෙ ගැනියෙක් පස්සෙ වැටිල අන්තිමට ඒ ගෑනි එක්ක කතරගන් ටවුමෙ කඩයක් දාන් හිටියෙ .ඔය පේමවතී මනන්පේරි කියන්නෙ දෙවෙනි ගෑණිගෙ දරුවෙක්.

මනන්පේරිව දැකල තියෙනවද ?

නැත්තන් !

ඉස්සර නාග විහාරෙ චේ ගුවේරා කාරයින්ගෙ පන්ති තිබුන .ඒ පන්තිවලට එනව මනන්පේරි උගන්නන්න .අපි දන්නව පන්ති තියෙන දවස් .හේනෙ ඉඳල හවස් වෙනකොට අපි එනව .ඇවිල්ල වැවේ එබිල නානව .නාග විහාරෙ ආවාස පිටිපස්සෙ කොහොඹ ගහ යට තමා පන්ති තිබ්බෙ .අපි යන්නෙ පන්සල පිටි පස්සෙ පාරෙන් . ආවාසෙ ගෙයි බිත්තිය අයිනට වෙලා බලන් ඉන්නව.

පන්ති කරන හැටිද ?

මොන පන්තියක් ද ළමයො ..

එහෙනම් ?

මනන්පේරිගෙ පපුවයි කකුලුයි දිහා ? පොඩ්ඩක් වෙලා බලන් ඉඳල එවලෙම ගෙදර යනව බන් ..බඩ ගිනියි බන්..අම්ම බලන් ඇති බන් කියල ගෙවල්වල එනව. ඒ වුනාට හැමෝම යන්නෙ වෙන වෙනම වෙන වෙන තැන්වල වැවේ නාන තැන් වලට .

ඉතින් එනකොට නාල නේ ආවෙ ?

නාන්න නෙවේ බොල මහත්තය ..මනන්පේරි එක්ක හිතෙන් කෙළින්න ..

අපෝ බන් මාමෙ උඹල වැවේ ම ඒව අතඇරියද ? වතුර සවුත්තු වෙනව නේ ..

පිස්සු . කොරලියො බින්දක් වතුරෙ පාවෙන්න දෙන්නෙ නෑ.සුටුස් ගාල ගිලිනව ..අපි කොල්ලො හිනා වෙනව වෙලාවට මුන් අපේ ඒවයින් බඩ නොවෙන්නෙ කියල .

මාමල ඉස්සර ගැනු නානව බලන් ඉඳල තියෙනවද ?

නැත්තන් ..අපි ඇවිල්ල ගැනු නානව බලන් ඉඳපු පරම්පරාවෙ මුල්ම මිනිස්සු . අපි තොටුපොලේ එහාට වෙන්න පීන පීන ඉන්නෙ .රෙදි ටික හෝදල ඉවර වෙලා ගෑනු නාන්න ගත්තම ඉතින් නානවම තමා ..අතුල්ල්ල ඉවරයක් නෑ . මුලින් වට පිට බල බල සබන් ගෑවට පස්සෙ අමතක වෙනව අපි ඉන්න වගක්. අපිත් ඉතින් බෙල්ල ලඟට ගිලිල ඔලුව විතරක් ඔබ ඔබ වතුර කලත්තන්නෙ නැතිව නෙව ඉන්නෙ.

ගෑනු නාන දිහා බලන් ඉන්න එක තරම් සතුටක් අපට තිබුනෙ නෑ ඉතින් ..ඔය වැවේ කොරලි අපේ ධාතු කොච්චර බීල ඇද්ද ?

සමහර විසේ වල් ගෑණු අපි ඉන්න වග දැන දැනම ඇති වෙන්න සතුටු වෙයල්ල කියල අපේ පැත්තට හැරිල අපට පේන්නම සබන් ගාල ඇඟ අතුල්ලනව .ඔය දැන් හතර පෝයට සිල් ගන්න අර කුදු සිරියාවතිය අපි කොල්ලො සේරටම පෙන්නල තියෙනව ..

බොහෝ දෑ කතා කලෙමි.ඒවා රසයෙන් අනූනය.කිසිදා කිසිවෙකුට නොකියන ගැමි මිනිසුන්ගේ රස රහස් එළියට ගැනීමට තරම් ඔවුන් සමග කුලුපග වීමට පුරුදු පුහුනු විය යුතුය.මිනිස් විශයේ ඇති සන්කීරනතා නො එසේත් නම් කාලානුරූපීව වෙන්ස් වෙමින් ගලා එන ඒ චලනයන් අපූරුය .වයසක පැරැනි මිනිසුන් යනු සැබවින්ම පරිස්සම් කර බලා ගත යුතු පිරිසකි.වයසක මිනිසුන් ගමකට ආඩම්බරයකි .සතේට ආප්පයයි කෙසෙල් ගෙඩියයි කහට එකයි බී සත අරික්කාලක් ගෙදරත් අරන් ආ මිනිසුන් ප්රාගධනයේ ගොදුරු බවට පත්වූ මේ සයිබර් අවකාශ අහසේ ඇල්ගොරිදම් විසින් පාලනව වන සමාජයක් දක්වා රැගෙන විත් ඇත. ඔවුන් මේ සියල්ල දෙසම උපේක්ශාවෙන් බලා සිටී..වයසක මිනිහා යනු ඉතා වැදගත් පොතකි .කියවන්න ආස මිනිස්සු පොත් පමනක් නොව මිනිස්සුන්ද කියවති.

මනන්පේරි ගමේ අවුරුදු උත්සවයේ අවුරුදු කුමරිය වූවාය.එදින තෑගි දෙන්නට ආ කතරගම පොලීසියේ ලොක්කා මනන්පේරිට පිස්සු වැටී ඈ පසු පස ගියද ඈ ඔහුට අවනත නොවූවාය .එක දහස් නවසිය හැත්තා එකේ චේ ගුවේරා කාරයින් සති දෙකක් පමන කතරගම තම බලයට නතු කරගත්තද පසුව රජයේ හමුදාව ඉදිරියේ පසු බසින්නට විය .පොලීසියේ ලොක්කා මනන්පේරිගෙන් පලි ගන්නට තීරනය කරන්නේ මේ වටපිටාවේය .ඇයව දූශනය කොට නිරුවතින් මහ මග ඇවිදින්නට බල කරද්දී ඇය තම රහසඟ අති වසා ගනිද්දී එසේ නොකරන ලෙස අණ කර ඇත.ඇය ඊට අවනත නොවන විට වෙඩි තබා ඇත .වෙඩි තුනක් තබා වලක් කපා පස් දමන විටත් ඇය කෙඳිරි ගා තිබේ .ඉන්පසු ඇයගේ හිසට වෙඩි දමා පස් දමා ඇත.

ඇගේ මෙම ඝාතනය සිදුකල කතරගම පොලීසියේ රත්නායක හිරෙන් නිදහස් වී ගෙදර පැමිනියද පිහි ඇනුමකින් මියගොස් ඇති අතර එයට සම්බන්ද එවක කතරගම ඩිපෝවේ පවත්වා ගෙන ආ හමුදා කඳවුරේ ස්වේච්චා සේවක ලුනිනන් ඇල්ෆ්රඩ් විජේසූරිය හිරගෙය තුලම පපුවේ අමාරුවකින් මියගියේය .

මගේ හිත නැවතී ඇත්තේ මනන්පේරි ලඟය . ඇය ඇත්තටම ලස්සනය . ඒ ලස්සන එවක පිරිමින්ගේ එකම ෆැන්ටසියක් වීම අහබ්බයක් නොවේ ..ඒ කෙසේ වෙතත් මට වැවට යන්නට උවමනා නැත!

කෝ ..එන්න ..තව ලන්වෙන්න .. ඇස් පියා ගන්න ..පියා ගන්න ඉතින් කිව්වම ...ඔන්න මම ඔයාගෙ නලල ඉම්බා ...අපරාදේ ඔයාට තිබ්බේ අත් දෙක උඩට අරන් පෙන්නන්න ..ඔන්න ඇති වෙනකම් බලපල්ල කියල කියන්න ..ඇති වෙනකම් බලන් ඉන්න ඉඩ දෙන්න ..ඉන්න තිබ්බෙ ! කැරැල්ලෙ අරමුනු වලට වඩා ලැජ්ජාව ලොකු උනාද? වෙන මිනිහෙක් එක්ක යන්න බෑ දැන් ඉතින් කියල හිතුනද? අපරාදෙ? ඉන්න තිබ්බෙ බම්බු ගහගන්න රෙද්දෙ සංස්කෘතියට කියල .ගෙදර ඇවිත් අන්නාසි ගැටයක් කාල හරි බඩ හෝදගත්ත නම් ඉවරයි නේ බයක් හැකැක් තිබ්බ නම් ..මිනිහෙක් එක්ක හිටියයි කියල වදවෙන්නෙ මෝඩ ගෑනු ..ඕක මහ පොඩි දෙයක් ..අපරාදෙ ඔයාට ඉන්න තිබ්බෙ!

@www.sudukalu.කොම්

Sarath Premathilaka  fb page

නවතම ලිපි