SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“විප්ලවවාදීන් ලෙස ඔබ අපේක්ෂා කරන්නේ නව ස්වාමියෙකි. ඔබට කෙනෙකු ලැබෙනු ඇත”

ලැකාන් තම අදහස් දැක්වීම් වල තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණෙන්නේ 1960 දශකයේ අගභාගයේදීය. එය සමාජ වෙනසක් කරා මහත් ඇවිස්සීමක් ඇති වූ කාලයක් විය. ලිංගික විප්ලවය, කොමියුනිස්ට්වාදය, කෙරෙහි විශාල උනන්දුවක් සහ විරෝධතා රාශියක් ඇති වූ සමයක් විය.

ලැකාන්ගේ මිතුරන් එම අරගල වෙනුවෙන් අතිශයින් උද්යෝගිමත්ව තිබුණි. නමුත් ලැකාන් ඔවුන් කෙරෙහි අනුකම්පා සහගත විය. එහෙත් ශිෂ්‍ය විරෝධතාකරුවන්ගේ වැඩි වන සංඛ්‍යාව දුටු විට ඔහු ඔවුන්ට පැවසුවේ,

“විප්ලවවාදීන් ලෙස ඔබ අපේක්ෂා කරන්නේ නව ස්වාමියෙකි. ඔබට කෙනෙකු ලැබෙනු ඇත.” යනුවෙනි.

ලැකාන් අඟවා සිටියේ, සියලු දෙනා විශ්වාස කරනුයේ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදීන් බවට වුවත්, ඔවුන්ගෙන් බහුතරය ඔවුන් වෙත "මහා පොලොව" පොරොන්දු වන අධිකාරීත්ව චරිතයන් සොයා ගැනීම (පසුව වැඳුම් පිදුම් කිරීමට) කෙරෙහි කැපී පෙනෙන ලෙස කැමැත්තක් දක්වන බවයි.

ඔවුන් (අප) ආශා කරනුයේ සෑම දෙයක්ම හරියාකාරව සිදු කළ හැකි වෙනත් කෙනෙකු භාරයේ සිටීමටයි. එනම් එක් අර්ථයකින්, පරමාදර්ශී දෙමාපියෙකු වන කෙනෙකි. ඒ අනුව අපි දේශපාලනයේ සැරිසැරීමේ මාර්ගයේ දී අප තුලින් නිකුත් වන්නේ එම හඬයි. එනම් දෙමාපියන් වෙතින් දෙමාපියන් හට දීමට නොහැකි දේ ඉල්ලා සිටින දරුවන්ගේ හඬයි.

ලැකාන් පවසා සිටියේ දක්ෂ විමුක්ති දේශපාලන සටන් කරුවා යනු මුහුකුරා නොගිය ළමයින් වැනි, පරිපූර්ණත්වය පිළිබඳව ඔවුන්ගේ සිහින දකින, කණ්ඩායම් පොළඹවන්නේ කෙසේද යන්න හෝ ඒ පිළිබඳව ගිනි අවුලවන්නේ කෙසේද යන්න දන්නා කෙනා නොවේ යන්නයි. ඔහු විසින් තව දුරටත් කියා සිටියේ කල යුතු වන්නේ යථාර්ථයේ බලාපොරොත්තු සුන් කරවන ස්වභාවය මිනිසුන්ට ඒත්තු ගැන්වීමේ හැකියාව ඇති කොට ගැනීම සහ අවශ්‍ය වන්නේ දරාගත නොහැකි කෝපයක් සහ ක්‍රෝධයක් ඇති නොකොට එය කිරීමට උපායශීලී වන කෙනෙකුය යන්නයි.

පහත සබැඳියාවන්ගේ ඇති ලිපි කිහිපය තුලින් ප්‍රකාශ වන්නේ මේ වසර මුල සිට ඇති වූ අරගලකාරී තත්වය සම්බන්ධයෙන් අපගේ ස්ථාවරයයි.

http://www.spartacus.lk/%e0%b6%8b%e0%b6%af%e0%b7%8a.../2022/

http://www.spartacus.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%ad.../2022/

http://www.spartacus.lk/%e0%b6%ba%e0%b7%9d%e0%b6%b0.../2022/

http://www.spartacus.lk/1038-2/2022/

 

@ මාධව රුවන්පතිරණ

නවතම ලිපි