SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 
හිරු එකේ චමුදිත අහල තිබ්බ ජනාධිපති සමාව දීල දුමින්ද නිදහස් කරනකොට තිබුණ විරෝධය
රංජන් නිදහස් කරනකොට නැත්තෙ ඇයි කියල. හොඳ ප්‍රශ්නයක්. මේක රෙනෝත් අහනව ඇති. විරෝධය විතරක් නෙමෙයි, දැන් ආපහු දුමින්ද ඇතුළටත් දාලා. රෙනෝට කියන්න තියෙන්නෙ රැවුලයි කැඳයි දෙකම බැහැ කියල. මේව අධිකරණ ප්‍රශ්නවලට වඩා දේශපාලන ප්‍රශ්න. දුමින්ද එළියට දාපු දවසෙ ඉඳල හිරු එක ආණ්ඩුවට ගහන එක දෙගුණ තෙගුණ කළා. ගෝඨාභය යන තැනට ම වැඩ කළා. ආණ්ඩුව පෙරලෙන තැනටම වැඩ කළා. ඒකෙ ප්‍රතිඵල නිසා තමයි දුමින්දට ආපහු සිරගත වෙන්න වුනේ.
 
ඇමරිකාව වගේ රටවලත් අධිකරණ ගන්නේ ඒ දේශපාලන මත. පහුගිය දවස්වල ඇමරිකාවේ ගබ්සා තීන්දුව දුන්නේ රිපබ්ලිකන් බර ශ්‍රේෂ්ඨාධිකරණය විසින්. මෙතන ඉන්නෙ ට්‍රම්ප් පත් කරපු අය. අධිකරණ එහෙම තමා. මම ඕවට මල් පුදන්නෙ නැත්තෙ ඒකයි.
 
මතය කියන එක හදන (manufactured) එකක්. හදන්න පුළුවන් එකක්. මාධ්‍ය ඒක කරන්නෙ නැතුව එක එක මතවලට අහුවෙන එක ඔවුන්ගේ දුර්වලකමක්.
CNN එකට මතයක් තියෙනව. Fox newsට මතයක් තියෙනව. NDTV එකට මතයක් තියෙනව (අන්න BJP එක අදානි හරහා NDTV එක සල්ලිවලට අරගෙන).
 
 
දෙරණත් කළේ ඕකමයි. ආණ්ඩුව ජනප්‍රිය වෙනකොට ආණ්ඩුවත් එක්ක ඉන්නව. ආණ්ඩුව දුර්වල වෙනකොට ආණ්ඩුව අතහරිනවා. අන්තිමට දෙරණ ඇතුළට අරාජිකවාදීන් රිංගල බලෙන් වැඩසටහන් ගන්න තැනට පත් වුණා. චතුර වගේ අයට පාරෙදි හූ කිව්ව. ඔය කවුරුත් තම මතයන් වෙනස් කළාට, මතක තියා ගන්න, මිනිස්සුන්ගේ මේ ආයතන හා පුද්ගලයින් ගැන තියෙන්නෙ එකම මතයක්. ඒ නිසා එක තනි ස්ථාවරයක ඉන්න එක තමා හොඳම විකල්පය.
 
 
මාධ්‍යවලට දේශපාලන ස්ථාවරයක් තියෙන්නෙ පුළුවන්. හැබැයි ඒ ස්ථාවරය මිනිස්සුන්ට කියන්න ඕන. ඒකට කොන්දක් තියෙන්නෙ ඕන. ස්ථාවර ව්‍යාකුල වුනාම විස්වාසය බිඳ වැටෙනවා. අන්තිමට කවුරුත් නැති වෙනවා. කාගේ හරි එල්ලෙන්න වෙනවා. මිනිස්සු පිළිගන්නෙ තමන් කැමති දේ මිසක්, ඔළුවෙන් හිට⁣ගෙන කිව්වත් ඊනියා ඇත්ත නෙමෙයි.
 
මේ අතින් සිරස අගය කළ යුතුයි. මම සිරස විවේචකයෙක්. හැබැයි ඔවුන් පටන් ගත්ත දවසෙ ඉඳල තමන්ගේ ස්ථාවරයේ ඉන්නව. ප්රේමදාසට තියෙන ආලවන්තකමත් එක්ක එජාප ස්ථාවරය ඔවුන් රකිනවා. ඒක හරි ද වැරදිද ජනප්රිය ද නැහැ. අමාරු කාලවල වගේ ම, හොඳ කාලවලත් ඔවුන් තමන්ගේ ස්ථාවරයේ ඉන්නව.
 
මඩේ හිටවපු ඉනි වගේ අයට සමාජයේ විස්වාසයක් ගොඩ නැගෙන්නෙ නැහැ. තමන්ට ම කියල කුමන ආකාරයේ හෝ ස්ථාවරයක් නැත්නම්, ඔබ හොඳ එන්ටටේනර් කෙනෙක් වෙයි, හැබැයි විස්වසනීය නායකයෙක් වෙන්නෙ නැහැ.
@ Mahinda Pathirana FB

නවතම ලිපි