SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වන විට රන්ජන් රාමනායක සමාව අරන් නිදහස්වීම අවධානයට ලක් වෙමින් තිබෙන කාරණයක්.
තමන් විශ්වාස කරන මතයක් වෙනුවෙන් වැඩ කිරීම, පෙනී සිටීම, දුෂ්කරතා දරා ගැනීම මනුෂ්‍යත්වයේම කොටසක්. තමන් අහිමි කරගත් මිනිසුන්ට ඒක තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්. නමුත් ඒ අයටත් අන්‍ය මතයක් පිළිබඳ ගරුත්වයක් දරා සිටීම පුහුණු විය යුතුයි. නැත්නම් අප තුළ මනුෂ්‍යත්වයක් ඉතිරි වෙන්නෙ නෑ. අන්‍ය මතයන් ප්‍රතික්ෂේප කිරීමයි, මතවාදී විවේචනයක් කිරීමයි කියන්නෙ අන් මත මර්දනය කිරීම වෙනුවෙන් පෙනී සිටීමක් නෙවෙයි.
 
රන්ජන් අධිකරණය සම්බන්ධ කළ අදහස් දැක්වීම බොහෝ දෙනා දන්න කාරණයක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමක්. නමුත් අධිකරණය ඒ සම්බන්ධ තීන්දුවක් දෙමින් රංජන් දණ්ඩනයට ලක් කළා. වත්මන් රාජ්‍ය තුළ ජනතා විරෝධී පැවැත්ම විවචෙනය කිරීම හෝ එම තත්වය වෙනස් කිරීමට අරගල කිරීම පවතින ප්‍රවාහයට එරෙහිව ගමන් කිරීම කරන කෙනෙක් දුෂ්කරතා අභියෝගවලට මුහුණ දීමට සූදානම් විය යුතුයි. රන්ජන් සමාව අරන් එළියට ඇවිත් තමන්ගේ දේශපාලන අරමුණු අනුව වැඩ කිරීම ඉදිරියේදී අපේක්ෂා කරන්න පුලුවන්.
 
නමුත් හැමෝම තමන් කී දේ වෙනුවෙන් සමාව ගන්න අවශ්‍ය නෑ. සොක්‍රටීස්ගේ සිට විජේවීර දක්වා තමන් දරණ මතය වෙනස් නොකර, දන ගහන්නෙ නැතිව සටන් වැදුණ සුවිශේෂී පුද්ගලයන් මිනිස් ඉතිහාසයට යමක් එකතු කළා. ස්පාටකස්ගේ සිට ප්‍රභාකරන් දක්වා අරගල බිම කුළ සගයන් අත්හැර නොයාම පිළිබඳ ආදර්ශය ඉතිහාසයට එකතු වුණා. තමන් දරණ අදහස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත්, කියන දේ වෙනුවෙන් පෙනී සිටීමත් අපේ කාලය තුළ මිනිස් සමාජය වඩා ඉදිරිගාමී තැනකට ඔසවා තැබීමේ අරමුණින් වැඩකරන අයගේ වගකීමක්.

නවතම ලිපි