SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉරානයෙහි චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ගත් විනාඩියක කාලයක් පමණක් දුවන මෙම චිත්‍රපටය ලොව පුරාවටම සිටින දුගී දුප්පතුන් අත්විඳින දැඩි කුසගින්න කාටත් වටහා ගැනීමට ඉවහල් වී ඇත.

 තම දියණිය සමඟ සිල්ලර බඩු කඩයකට යන දුප්පත් පියෙකු ,එහි තිබූ රොටී සොරකම් කර ආපසු යාමට තැත් කළ විට ,එම සිල්ලර කඩයෙහි වෙළෙන්ඳා ඔහුට මදක් නැවතීමට පැවසීය.මෙය දුටු ඔහුගේ දියණිය ,කිසිවක් නොදැන තම පියා දෙස බලා , මෙහි සිදුවන්නේ කුමක්දැයි ප්‍රශ්න කළාය.

මෙය වටහා ගත් පියා,දුක් වී,සිත් වේදනාවට පත් වී කඩ වෙළෙන්දාගෙන් සමාව අයැදීමට තැත් කළේය.මේ අතරතුරෙහි එම කඩයෙහි වෙළඳ හිමියා සොරකමේ යෙදුනු පුද්ගලයා ඔහුගේ දියණිය සමඟ සිදු කළ කතාබහට සවන් දුන්නේය.

 
මගේ ආදරණීය දියණිය,ඔබගේ පියා මුදල් දී ඉතුරු ගැනීමට ඔහුට අමතක වී ඇත. එසේ වෙළඳ හිමියා පවසා කිසිවක් සිදු නොවුණා සේ යම් කිසි මුදල් ප්‍රමාණයක් ගැන එම දුප්පත් පියාගේ අතෙහි තැබුවේය.තමා කළ වැරැද්දෙහි බරපතලකම වටහා ගෙන ,කිසිවක් කරකියා ගත නොහැකිව තම හිස පහත් කරමින් එම දුප්පත් පියා තම කකුළ අඩියක් ඉදිරියට තබා පිටවීමට යන බව දැක එම කඩයෙහි සිටගෙන සිදුවන ⁣දෑ සියල්ල බලා සිටි එහි පැමිණ සිටි පාරිභෝගිකයෙකු එම දිළිඳුකමට සොරකමේ යෙදුනු ඔහුව අඬ ගසා මෙසේ පැවසීය:
සහෝදරයා!ඔබ මිල දී ගත් මෙම හාල් මල්ල ඔබ අමතක කර යනවා නේද?,කරුණාකර මේකත් ඔබ අරන් යන්න!"මෙසේ පැවසූ ඔහු හාල් මල්ල ඔහුට දුන්නේය.එය පිරුණු සිතෙන් ලබා ගත් ඔහු එම ස්ථානයෙන් සමු ගත්තේය.
 
යම් කෙනෙකුගේ ගෞරවයට යම් හානියක් නොවන ආකාරයට ,කුසගිනිව සිටින්නෙකුට ආහාර සැපයීම හා අවශ්‍යතා ඇත්තෙකුට,දුප්පතාට උදව් කිරීම යනු නිර්මාතෘවරයාණන්ගේ අබියස මහත් වූ පුණ්‍ය කර්මයකි.තවද එය දෙලොවෙහිම නිර්මාතෘවරයාණන් වූ අල්ලාහ්ගේ කරුණා දයාව ලබා ගැනීමට ඉවහල් වන කරුණකි.
 
මිලියන 800 කට වඩා වැඩි පිරිසක්,එනම් ලෝක ජන ගහනයෙන් සියයට 10% ප්‍රතිශතයක ජනතාව නිරාහාරව රාත්‍රීයෙහි නින්දට යන බව පැවසේ.(එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සැළැස්මේ වාර්තාව-2022) ලෝකයේ කුසගින්න වැඩිවෙන සම්පූර්ණ රටවල් 116 න් ඉන්දියාව 110 වැනි ස්ථානය හිමි කර ගනී.(ලෝක කුසගිනි සටහන් වාර්තාව-2021)
 
මෙයයි (ඉබාදත් නමැති) යහ කර්ම වන්දනාව.මෙයයි (දීන් නමැති)ජීවන පිළිවෙත - (ඊමාන් හෙවත්)දේව විශ්වාසය.එක් මිනිසෙකු තවත් මිනිසෙකුට මෙලොවෙහි උදව් උපකාර කරන්නේ නම් එයට අයත් කාරණාව ⁣මෙයයි. මෙයයි යහ කර්ම කටයුත්ත.මෙයයි ඒක දේව විශ්වාසය.සෑම ධර්මයක්ම පවසන යථාර්තය හා වැදගත් අංගය මෙයයි.
 
 

නවතම ලිපි