SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලාංකීය දේශපාලනයේ වැඩකාරයෝ ඉන්නේ බොහෝ අඩුවෙනි. වැඩිපුර ඉන්නේ සංවර්ධනයට අංචි අදින්නෝ හෝ කයිවාරුකාරයෝය.

උන්ට වැඩ බැරිය. ඒ නිසා උන් විපක්ෂයේ ඉන්නා තරමට උන්ට වාසිය. මෙය හොඳින්ම තේරුම් ගෙන ඇත්තේ, ජවිපෙ හා පෙරටුගාමීන්ය. ඒ නිසා උන් බලය ලැබුනත් ගන්නේ නැතිය. ඒ නාගන්නට වෙන බව ඒ වැඩ බැරි ටාසන්ලා දන්නා නිසාය.

උන්ගේ කයිවාරුව නැවැත්තුවේ සැටලයිට් නෝනාය. ඒ කැබිනට් ඇමතිකම් හා නියෝජ්‍ය ඇමතිකම් දීලාය. උන්ට කල හැකි ලබ්බක් නැති බව උන් විසින්ම අවබෝධ කර ගැනීමෙන් අනතුරුව, අපිට නටන්න බෑ අයියෝ පොලොව ඇදයි කියා හෙමීට මාරු විය.

අඩු ගානේ නිර්මාණාත්මක වැඩ සටහනක් හෝ නොතිබූ බව පැහැදිලිවම දැක්කේය.

අනෙක් බුවා විමල් වීරවංශය පොර නිවාස ඇමති ලෙස කළේ කොළඹ මහල් නිවාස වල තීන්ත උලන එක හා තම පවුලේ අයට නිවාස සංකීර්ණයක් හදා ගන්නා එක විතරය. හැබයි ඒවායෙන් කෝටි ගනන් ගසා කෑවේය. එයැයි රනිල්ගේ ඇමති මණ්ඩලේට එන්නේ නැතෙයි කියා ලියුමක් එවලාම කියලා තියෙනෙක අපේ වාසනාවය.

ඒ සියල්ලන්ටම වඩා ආතල්ම බුවා උවිඳු කුරුකුලසූරියගේ පෑඩ් මෑන් දිරච්ච ළණුව කා ඩයිනමෝ ආතල්, බටන් එක ඔබපු ගමන් මිඩ් වයිෆ් ළඟට එන ආතල් දෙන සජිත් ප්‍රේමදාසය.

එයා ඇමති කෙනෙක් වෙලා කලේ පියානෝ කල දේමය. උදාගම් වල ගිනිපෙට්ටි හදනවා මිස අඩු ගානේ මහල් නිවාස හෝ නිශ්පාදන ගම්මාන පිහිටුවන අළුත් සංකල්පයක් හෝ පුතානෝට තිබුනේ නැතිය.

මේ වාහෙත් එක්ක අනාගතයක් නැති බව දන්නා රංජිත් මද්දුමබංඩාර, ‍රාජිත, තලතා, කබීර් වැනි සීනියර් බුවාලා නැවත රනිල් ගාවට යන්න ගියේ ඒ නිසාය. එම පිරිසට 15 පමණ ඉන්නා බව දැනගත් සජිත් කළේ උන් පනිනා එක වැලැක්වීමට වෙන දහන් ගැටයක් ගැසීමය.

ඒ අනුව සර්වපාක්ෂික ආන්ඩුවකට සහාය පලකිරීමට එකඟ වෙමින් රනිල් හමුවීමට බස් එකකින් ගිහින් කොන්දේසි වගයක් දමලා එන්නේ, නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටෙකුයි තා ටිකකුයි ඕනෑ කියලාය.

සජිත් රනිල්ට සහාය දෙයි කියලා හිතනා කෙනෙක් ඉන්නවා නම් වහාම ගොස් MRI ඉස්කෑන් එකක් කරගන්නෙයි කියා මාතලන් එදාම ලිව්වේ ඒ නිසාය.

එලියට ඇවිත් ගිය පළමු මීටීමේම සෙනඟ ටිකක් දැක්ක ගමන් කුලප්පු වූ මේ දැත්තා එතන ඉන්න උන්ගේ පුප චූන් කරමින් කිව්වේ, අපි ඔය ඇමති අං තට්ටුවලට රාජපක්ෂ කුණු ලොරියට නඟින්නේ නෑ කියලාය.

මෙයින් පෙන්වන්නේ ඇමතිකම් යනු අං තට්ටු බවත් වැඩක් කරන්න නම් ජනාධිපති කමම ඕනෑය කියලාය. ඉදින් පොරගේ නාටකත්වය යටතේ ඇමතිවරුන්ට අත්වන ඉරණම පොර දැන් ඉඳන්ම පෙන්වා දී හමාරය. මේ පියානෝගේ මැතඩ් එකමය.

උන්නැහේගේ කාළයේ ඔක්කොම ඇමතිවරු වූ අතර එකෙක්ටවත් කිසිම දෙයක් කිරීමට ඉඩ තිබුනේ නැතිය. ඔක්කෝටම වුනේ වෙන දේ බලාගෙන සිටීමට විතරය. කන්න කිසිම දෙයක් ලබුනේ නැති අතර,කෑවේ ප්‍රේමා හ හේමා විතරමය. එතෙක් මෙතෙක් පහළ වූ සුපිරිම ඒකාධිපතියා වූයේ රණසිංහ ප්‍රේමදාස නම් වූ පියානෝය.

ඩී බී විජේතුංගට අගමැති කම ලබා දීමට ඇතුලත්මුදලි හා ගාමිනී දිසානායක සමඟ වූ සම්මුඛ පරීක්ෂණයේ යාං හෑල්ල ඊට හොඳ උදාහරණයක්ය.

පුතානෝ බලය නැතිවත් හැසිරෙන්නේ ඊටත් අන්ත විදියටය. පියානෝට ඉන්ගිරිසි බැරි හීනමානයක් හෝ තිබුනද ඒ ගැන පුතානෝට ඇත්තේ අධිමානයකි.

ඒ අතරේ ෆොන්සේකා නැවතත් කොක්කක් ඇදගෙන ඇති අතර, කිරිඇල්ල දෙපැත්ත කන ඩීල් කාරයකු වී නෝන්ඩී වී අවසානය. අර පිරිස නැවතත් රනිල් හ එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටී.

මේ ඔවුන්ට ලැබෙන අවසාන අවස්ථාවය. මන්ද හෙට අනිද්දා වන විට ඇමතිකම් ෆයිනලයිස් වෙන්න යන නිසාය. ඉන් ඇමතිකමක් ගෙන රට ගොඩ ගැනීමට දායක වුවහොත් කොයි පක්ෂයෙන් ඉල්ලුවත් වැඩකාරයාට චෑන්ස් එක ඇති නිසාය.

කොහොමත් රනිල් රට හදන අතරේ එක්සත් ජාතික පක්ෂයත් ගොඩ දමන දේශපාලන ගේමක්ද යන බව සියල්ලෝම අවබෝධ කර ගැනීම සැමගේම අනාගතයට සුභදායකය.

ඒ වගත් මෙසේය.....

©® Priyantha Hewage Maathalan

නවතම ලිපි