SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඩිප්ලොමසි හා ඉකොනමි නොදන්නා මෝඩයකුට වඩා, පරිනත අවස්ථාවාදී කපටි නරියකු බලයට පත් වීම් වඩාත් යහපත් වේ.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ලබාගත් ජයග්‍රහණය සියළුම විදෙස් මාධ්‍ය ආයතන වාර්ථා කරණුයේ ඉතා පක්ෂග්‍රාහීව බව, මේ දිනවල ඒවා නැරඹු, කියවූ, ඕනෑම මධ්‍යස්ථ පුද්ගලයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකිය.

ඊට ප්‍රධාන හේතූන් දෙකක් මාතලන් දකින්නේය.

පළමු කාරණය මේ මාධ්‍ය ආයතන සියල්ලේම පාහේ දේශීය වාර්ථාකරුවන් කොටි හිතවාදීන් වීමය.

දෙක ඔවුන් සියල්ලෝම අරගලයෙන් ගිනි කන වැටුන දේශීය ජඩමාජ්ජවේදීන් මෙන්ම රාජපක්ෂ විරෝධීන් වීමය.

සියල්ලෝම වාර්ථා කරන්නේ රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය ජනතාව පිලි ගන්නේ නැති බවය. ඔවුන් මේ ජනතාව කියා කියන්නේ අරගලයේ ඉන්නා ඔවුන්ගේ නියෝජිතයින් හා හිඟන්නන්ය.

එම නිසා ඔවුන්ට රට පුරා කිරිබත් කන, රබන් ගසන, කොඩි බැනර් එල්ලන, රතිඤ්ඤා දල්වන, ජයග්‍රහණය නිසා නැවත පිබිදී ඇති එක්සත් ජාතික පාක්ෂිකයින් පේන්නෙම නැත. ඇත්තටම නොපෙනෙනවා නොදන්නවා නොව, ඒ සත්‍යයය ලොවට කියන්නට බැරිය.

04

 

ඊයේ ගංගාරාමයට පැමිණි විදෙස් මාධ්‍යවේදියා රනිල්ගෙන් කන රත්වෙන්න මාධ්‍යකරණය ගැන අසාගන්නේ, ඔබ රාජපක්ෂලාගේ හිතවතෙක් නේද යන්න විමසීමේ හේතුව නිසාය. ඇත්ත වශයෙන්ම මොහු විදේශීය මාධ්‍යවේදියකුද යන ප්‍රශ්ණය මට ඒ මොහොතේම පැන නැගිනි.

මොහු සඳහන් කරනාකාරයට දේශපාලනය කල යුත්තේ ජෙප්පන් මෙන් නයි වෛරක්කාරයයින් ලෙසද? දේශපාලනය තුල සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැත යන ප්‍රසිද්ධ කියමන හෝ මොහු නොදන්නේද?

අනෙක් කරුණ නම්, පසුගිය යහපාලන සමය තුල රාජපක්ෂ පවුලේ බොහෝ පිරිසක් මෙන්ම හිතවතුන් හා නිළධාරීන් සිරබත් කෑ බවවත් මොහු නොදන්නේද? මෙවන් ගොබ්බයන් විදෙස් මාධ්‍ය ආයතන තුලත් සිටින්නේද? එසේ නොවන්නේ නම් මේ යන්නේ වෙනත් ඇජෙන්ඩාවක්ද?

කෙසේ හෝ ජාත්‍යයන්තරයේ රනිල් වික්‍රමසිංහ පිළිබඳ යන ප්‍රචාරයන් ගැන සැලකිලිමත් වීම වහාම ආරම්බ කළ යුතු අතර, දේශීය නියෝජිතයන්ගේ පැටිකිරිය පිළිබඳවද සොයා බැලීම ඔහුගේ අනාගතය සඳහා සුභ දායකය.

කොටි ඩයස්පෝරාව රාජපක්ෂ විරෝධි කඳවුරේ නියෝජිතයා වූ ඩලස් අලහප්පෙරුම දිනවීමට කළ හැකි සියළුම උපක්‍රම යෙදූ බව අද වන විට රහසක් නොවේ. සජිත් තරඟයෙන් ඉවත් වූ පසු ඔවුන් සියල්ලන්ගේම අවසන් රැස්වීම පැවැත්වෙන්නේ, රටෙන් තුනෙන් දෙකක් ඉල්ලන, කැමෆ්ලාජ් වෙනුවට ටයි කෝට් අඳින, කොටි මහත්වරුන් සමඟ වීමත් අද රහසක් නොවේ.

ඉඳින් ඔවුන් රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයෙන් උන්මතකයින් වීම පුදුමයක්ද?

අනෙක් අතට තරඟයට ඉඳිරිපත් වූ තරඟ කරුවන් තිදෙනාගෙන් එක් අයෙක් බඩ රස්සාවට දේශපාලනය කරනා විකටයකු වනාතර තරඟය පැවතුනේ දෙදෙනෙකු අතරය.

එය රාජපක්ෂ හා පොහොට්ටු විරෝධී කඳවුරේ මෙලෝ අලබෝලයක් නොකල අකුරු වලින් හා වචන වලින් කැටයම් දමනා ඩලස් සහ අවුරුදු 45 ක් දේශපාලනය තුල පරිනත, නියෝජ්‍ය ඇමති, ඇමති මෙන්ම අගමැති දූරයේත් අත්දැකීම් ඇති, විරුද්ධ පාක්ෂිකයින් අතර පවා ඇවිදින මොළයක්, දැණුම් ගබඩාවක්, විදේශයන් පවා පිලිගන්නා ලිබරල්වාදියකු ලෙස හඳුන්වන පක්ෂ නායකයකු අතර පැවති සටනකි.

අනෙක ඔහු ආර්ථිකය ගොඩනැගීමේ අභියෝගය බාරගත් නිර්භීත නායකයෙකි. දේශපාලනමය වශයෙන් දෙදෙනා සම කළහොත්, ඇරිස්ටෝටල් හා මර්වින් සිල්වා සමකිරීමක් වැනිය.

05

 

රටේ ඇති අර්බුධය රාජපක්ෂ පවුල නොවේ, ලංකාවේ සියල්ලෝම රාජපක්ෂ පවුල වගේ වෙන්නට ගොස් ඇතිකරගත් ආර්ථික අර්බුධයකි. ඒවාට පිලියම් යෙදීමට රදම්පල සිට පැමිණ තාත්තා බුලත් විඩ කෑවා යයි කියමින් හඬනා ආර්ථිකය ගැන මෙලෝ අල බෝලයක් නොදන්නා ගැමියකුට කිසි දිනෙක කල නොහැකි දෙයකි.

ඊට සුදුසු වන්නේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයන්හී නිපුන රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයකුමය. IMF ප්‍රධානීන් ආධාර වැඩසටහන වහාම ආරම්බ කළ යුතුයැයි කියන්නේ ඒ නිසාය.

මේ රනිල් ලද අවසාන අවස්ථාවය. ඔහුගේ රිගේනින් ශ්‍රී ලංකා ආර්ථික වැඩ සටහන හා එජාපයේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් තම මාමා මෙන් මේ රට ආර්ථික වශයෙන් ගොඩ ගැන්ම ඔහුට ඇති එකම අභියෝගය වන්නේය.

නවතම ලිපි