SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මින් ඉදිරියට ඔය ජනාධිපතිවත්,

අගමැතිවත් කරන්න එපා මෙන්න මේ දෙවර්ගයේ උදවිය

1. හමුදා සේවයේ නිරත වුනු අය -

රටක් ආරක්ෂා කරන්න හමුදා සේවය තියෙන්න ඕන තමයි... ඒක නිවැරදිව කරනවා නම් ගෞරවණීය රැකියාවක් තමයි... නමුත් ජීවිත කාලයක් සමාජයෙන් වෙන් කර තබාගෙන, අධික විනය නීති සහිතව, සාමාන්‍ය වැසියාට නුහුරු චර්යා රටාවක් එක්ක, සාමාන්‍ය වැසියන්ගේ චින්තන්යෙන් ඈත් කර හදන වෙනම බ්‍රීඩ් එකක් මිලිටරි සර්විසස් කියන්නෙ.... ඒකෙ ජීවිත කාලයෙන් වැඩි කොටසක් ඉඳලා, අධ්‍යාපනයත් ඒකෙන්ම ලබලා එන කෙනෙකුට ජනාධිපති හෝ අගමැති කම් දරන්න අවශ්‍ය "පුළුල් සිවිල් චින්තනය" නැහැ.... කඳවුරු ජීවිතය, කඳවුරු පාලනය වගේ දේවල් වලින් බොහොම මිශ්‍ර වාර්ගික, මිශ්‍ර චින්තනයක් සහිත සමාජයක් පාලනය කරන්න බෑ.....

සිරීපාදෙට කුරුවිට පාරෙන් නගින්න ඉස්සර තිබුණේ ගල් වළ ගොඩැලි සහිත පාරක්... ඒකෙ වැස්සට හේදිලා ගිය ගල් ගෙඩි වලට අඩිය තිය තිය තමයි වන්දනාකරුවන් නැගගෙන ගියේ.... වයස් ගත උදවියටත් පහසුවෙන් අඩි තිය තිය නැගගෙන යන්න පුළුවන් උනා....මොකද පස් ගොඩවල්, ගල් ගොඩවල් තිබ්බෙ ළඟින් ළඟින්....

නමුත් ඒ පාරෙ යුද හමුදාවෙන් පඩිපෙළක් හැදුවා.... ඒ පඩි අතරෙ සැළකිය යුතු ගැප් එකක් තියෙනවා... පඩි අතරෙ ලොකු පරතරයක් තියෙන, සම දුරක් තියෙන පඩිපෙළක නගින්න ශරීර ශක්තියෙන් උපරිම හමුදා සෙබළුන්ට පුළුවන් උනාට, සාමාන්‍ය ජනතාව අර අසමමිතික පොළවේ පහසුවෙන් ඇවිද්ද ගමන නැතුව, බොහෝම දුකට පත්වුනා... ඔවුන් උකුල් ඇටේ වේදනාවෙන් අඬ අඬ නැග්ගෙ ඒක...වයස්ගත උදවියට ඒක විශාල අපහසුවක් වුනා...

හමුදා චින්තනය ඒ වගෙයි....ඒ අයට සිවිල් සමාජය කියන බොහොම විශාල, නානත්ථ කායා, නානත්ථ සංඥා තියෙන පරිසය හසුරුවන්න තේරෙනවා මදි.... ඒ ගොල්ලන්නට් වෙන ඕනම විෂය පථයක තනතුරු කරන්න පුළුවන් ඇති... ඒත් ජනාධිපති, අගමැති වෙන උදවියට තියෙන්න ඕන සියළු ක්ෂේත්‍ර වල සිවිල් සමාජය ගැන මනා වැටහීමක් සහ පුළුල් චින්තනයක්....

 

2. "සින්ගල් ස්ටේජ්" හෙවත් තනි වේදිකාවේ පුද්ගලයන්

දේශපාලනයේදී "සින්ගල් ස්ටේජ්" පීපල් කියන්නෙ ලෝක විෂයෙහි අන්තිම අසාර්ථක, අතිශය පටු, දැක්මක් තියෙන, ඒ නිසාම එකම වේදිකා හරයකට කොටුවෙච්ච මිනිස්සු.... වෙනින් වචන වලින් කිව්වොත් "ජාති, ගෝත්‍ර, වර්ග හෝ ආගම්වාදීන්"....

මේ උදවිය මුළු ජීවිත කාලයක් තිස්සේ කරලා තියෙන්නෙ එකම එක ජාතියක්, එක ආගමක්, එක ජන වර්ගයක් නැති දේවල් අතිනුත් දාලා උස්සගෙන ඇවිදපු එක... මේ අයට මේ විසි එක්වෙනි සියවස කියන්නෙ මුළු මිනිස් ප්‍රජාවම වේගයෙන් එකට එකතු වෙමින් පවතින සියවසක් කියන එක තේරෙන්නෙ නෑ....

නූතන පරිභෝජනය සිදුවන්නේ මුළු මහත් ජාත්‍යන්තරයම එකතුවී එකිනෙකා කෙරෙහි කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදන නිසා බවත්, ඒ නිසා තවදුරටත් "ජාතික රාජ්‍ය" කියන ඒවා වලංගු නැති බවත්, ඒවා අනාථ වෙන පොටවල් බවත් තේරෙන්නෙ නෑ....

මේ දෙගොල්ලම ඉහළම තනතුරු වලට ගේන්න එපා.... ඔවුන් රටවල් අනාථ කරනවා.....

මින් පස්සෙ ඔය තනතුරු ලැබිය යුත්තේ "කොමන් සෙන්ස්" හෙවත් තැනට සුදුසු දේ කරද්දි සාමාන්‍ය දැනීමෙන්, ප්‍රඥාවෙන් පිළිතුරු සොයන අය... ඒ වගේම පැරණි පොත්පත් වලට වහල් නොවී, රටවල මුදල් හම්බු කරලා සශ්‍රීක වෙන්න භාවිතා කරන ලද ක්‍රමවේදයන් භාවිතා කරන්න, අත්හදා බලන්න තරම් ඔලුව විවෘත අය.... ඒ සේරටම වඩා රටක සමාජය තේරුම් ගත්තු, ඒ සමාජය එක්ක පහසුවෙන් මුහුවෙන්න පුළුවන් උදවිය....

ලිව්වේ ~ අහස් ගව්ව ( Damith Kethaka )

නවතම ලිපි