SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විනේ ශුක්ලා ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහු 1999 දී godmother කියලා චිත්‍රපටියක් කළා.

godmother බවට පත්වන රම්බි නම් කාන්තාව මුලදි ඉතා සාමාන්‍ය ස්ත්‍රියක්. ඇගේ සැමියා වීරම් දේශපාලනඥයෙක්. ඔහු ප්‍රචණ්ඩ දේශපාලනයට නැඹුරුයි. අවසානයේ එහිම ගොදුරක් බවටත් පත් වෙනවා. ඊට පස්සේ තමයි කතාව ආරම්භ වෙන්නෙ. ඔහුගේ බිරිඳ රම්බි සැමියාගේ මරණයෙන් පසු දේශපාලනයට එනවා. එයා වීරම්  පසුකර වීරම්ගේ ගේ දේශපාලනය කූටප්‍රාප්තියට පත් කරනවා. විරුද්ධවාදීන් ඝාතනය, කුමන්ත්‍රණ, මෙන්ම දේශපාලනයෙන් මුදල් ඉපයීම ජයටම සිදු කරන ඇය තමයි විනේ ශුක්ලාගේ ගෝඩ්මදර් චිත්‍රපටයේ රම්බි ගේ චරිතයට පණ දෙන්නේ සුප්‍රකට නිළියක් වන ෂබානා අස්මි.

 

           

අද අපේ කතා නායිකාව වන හිරුණිකා, රම්බිට  හෙවත්  godmother ට සම්බන්ධ වෙන්නේ කොහොමද?

රම්බිගෙ මිය යන්නෙ ස්වාමියා. හිරුනිකාගේ තාත්තා. වීරම් වගේම භාරතගේ නම ප්‍රචණ්ඩ දේශපාලනයට ඈඳෙනවා. වීරම්ගෙන්  පස්සේ රම්බි දේශපාලනයට බහිනවා. දේශපාලන භූමියේ ස්ථාවර වෙන්න ඕනෑම දෙයක් කරනවා. හිරුණිකාත් එහෙමයි. භාරතගෙන් පස්සේ හිරුණිකා  දේශපාලනයට එනවා. රම්බිගෙ දේශපාලන ආගමනය පහසු එකක් නෙවෙයි. හිරුණිකාත් තාත්තාගේ මරණයන් පස්සේ සෑහෙන්න දුක් ගැහැට වින්ද තරුණියක්. පියාගේ මළ ගෙදරදීම ඇය ඔහු බිළිගත් ඝාතන දේශපාලන සංස්කෘතියට දක්වන විරෝධය නිසා ඒ මොහොතේම ජනාධිපතිගේ තර්ජනයට ලක් වෙනවා. කිසිම බලයක් නැති හුදෙකලා තරුණියක් ඉන් කොතරම් නම් කම්පනයට ලක් වෙන්නට ඇද්ද? 

රම්බිත් එහෙමයි. වීරම්ගේ මරණයෙන් පසු ඇය විශාල පීඩාවකට ලක් වෙනවා. ඒත් බලය ලැබුණු පසු එයාගේ දේශපාලනය සාහසික වෙනවා. හිරුණිකාත් පාර්ලිමේන්තුවට ආවට පස්සෙ තරුණයෙක් පැහැරගන්න සිද්ධියකට චෝදනා ලබනවා. නාගරික දේශපාලන තාරකාවක් බවට පත් වෙනවා ඇරෙන්න ඇයත් අනෙක් අය වගේම ලොකු අර්ථයක් නැති දේශපාලන චරිතයක් විදියට ප්‍රදර්ශනය වෙනවා.

ඇය ඉතා සුන්දර කාන්තාවක්. එහෙත්  දේශපාලනය නම් ඕනෑවටත් වඩා බජාර්.

හිරුණිකා ඥානක්කාගේ දේවාලය වටලන්න යනවා. පොලීසිය ඇයට යාමට දෙන්නේ නැහැ. ඇය එතනදී පොලිස් නිලධාරීන් සමග තර්ක කරනවා. ජනතාවට නැති ඥානක්කාට ඇති ආරක්ෂාව ගැන ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීම හරියටම හරි. ඒත් ඇය නියෝජනය කරන දේශපාලන ධාරාවත් මීට වෙනස් නැහැ. ඒ දේශපාලන ධාරාව අතීතයෙදි ඒක ඔප්පු කරලා තියනවා. බලයට පත් වූ දවසක ඒක ආයෙත් ඔප්පු කරයි..

යහපාලන කාලේ යම් පමණකට ඔප්පු වුණා. 

ඥානක්කාගේ දේවාලය වටලන්න ගිය වෙලාවෙ ඇය පොලිස් නිලධාරියෙක් තදින් වැළඳගන්නවා. නිලධාරියාත් ටිකක් සැලෙන්න ඇති.  ආසන්න දවසක අගමැතිගේ නිවස වටලන්න ගිහින් දෙවැනි වරටත් පොලිස් නිලධාරියෙක් වැළඳ ගන්නවා. ඒකේ කිසි අවුලක් නෑ. තමන්ට වැඩිපුරම බාධා කරන නිලධාරියාට ආදරයෙන් කරන ආමන්ත්‍රණයක් ඒක. හිරුණිකා ඕනෑම නිලධාරියෙකුට මේ දඬුවම දෙන්න ඉඩ තියන නිසා ඇය යන යන තැනට ගිහින් පොලිස් නිලධාරීන් ඇයට බාධා කරයිද කියන්න බැහැ. මොකද පණ ඇති ඕනෑම මිනිහෙක් මේ වගේ දඬුවමකට ආශා නැත්තෙ නැහැ.

ඇත්තටම ගෝඨාභයගේ ගෙදර වටලා ගෝල්ෆේස් වැඩේට වුණත් ගැම්මක් දුන්නේ හිරුණිකා බව කියන්න ඕනෙ. හිරුණිකාගේ මේ ආදර ප්‍රචණ්ඩත්වය උණු නිසා බොන්නත් බැරි කිරි නිසා අහක දාන්නත් බෑ වගේ එකක්. ඒත් ඇගේ body language එක ප්‍රකාශමාන කරන්නේ අනාගත රම්බි කෙනෙක් වුණොත් මොකද වෙන්නෙ? එතකොට එයා කාටවත් යටත් නැති godmother කෙනෙක් වෙනවා. ඒක භයානකයි. ඒ නිසා හිරුණිකා අලුත් උද්ඝෝෂණ සොයා යන අතරම බුද්ධිවාදී දේශපාලනයට එනවානම් හොඳයි .මොකද ලංකාව සොයන්නේ body language එකක් පමණක් ඇති දේශපාලන අම්මා කෙනෙක් නෙමෙයි

 බුද්ධිවාදී දේශපාලන අම්මා කෙනෙක්. 

සටහන - විමලනාත් වීරරත්න

@LEADER TV

නවතම ලිපි