SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපි දැන් ගමක් ගානෙ ගෝඨ ගෝ හෝම් කියනව.. අපි උපකල්පණය කරමු ගෝඨ ගෝ හෝම් වුණා. ගෝල්ෆේස් සටන අවසන්....

ඊට කලින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගත්තොත් එක ගෝල්ෆේස් අරගලයේ ජයග්‍රහණයක්..

පොහොට්ටුවෙ ලක්ෂ 69 සමගි ජන බලවේගයට ටර්න් වුණොත් ජනාධිපති හෝ අගමැති විය හැක්කෙ චම්පික.. බොහොවිට ඒ අවස්ථාව සජිත්ට ලැබෙන්නෙ නැහැ.. ජාත්‍යන්තර දේශපාලනයත් සජිව පිළිගන්නෙ නැහැ.

පොහොට්ටුවෙ ම සෙට් එක වෙන ප්ලේ එකක් දැම්මොත් නැවත රාජපක්ෂ කෙනෙක්ට බැහැ... රාජපක්ෂ කෙනෙක්ට නැවත දිනවන්න බැහැ..

ගෝඨ ගෝ හෝම් වෙලා ඊළග ජනාධිපති හෝ අගමැති විය හැකි සම්භාවිතාව චම්පික.. විමල්.. හෝ අනුර.....

එයිනුත් මැතිවරණය කින් නම් අනුර අගමැති හෝ ජනාධිපති වීම ළග කාලෙක වෙන්නෙ නැහැ.. ජවිපෙට මන්ත්‍රී ආසන කිහිපයක් වැඩිවෙයි.... හතක් අටක් එයි.. එච්චරයි..

පෙසපට උපරිම උත්සාහ කළොත් එක් මන්ත්‍රී ආසනයක් ගන්න පුළුවන් වෙයි..

ඒ නිසා තමයි පෙසප දියවන්නාවෙන් එළියෙ මහජන බලයක් කියලා කියන්නෙ..

ඒ වුණාට දියවන්නාවෙන් එළියෙ මහජනතාව ඡන්දේ දෙන හැටි තමයි අපි මේ කියන්නෙ..

මේ කවුරු ආවත් නය ගෙවන්න ඕනි.. නය ගන්න ඕනි.. ජාත්‍යන්තර දේශපාලන උදව් ඕනි.. දැන් ඉන්න අර්බුදය ට සාපේක්ෂව ඉන් මෙහා ගොඩ යන්න බැහැ....

ආර්ථික මොඩල් එක වෙනස් කරල නිෂ්පාදන ආර්ථිකයක් හදල රට ගොඩ යනව කියන්නෙ අර ජනතා විමුක්ති පෙරමුණේ හරිණි අමරසූරිය කිව්වා වගේම අදටත් වඩා දුක් විදින්න වෙන අවුරුදු දහයක පහළොවක ව්‍යාපෘතියක්.. ඒක කරන්නත් මහජනතාව ජනතා විමුක්ති පෙරමුණට හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට දැම්ම අවස්ථාව දෙයි කියලා අපි තවමත් විශ්වාස කරන්නේ නැහැ..

ජාත්‍යන්තර දේශපාලනයෙන් උදව් ගන්නවනම් ඩොලර්ස් ප්‍රශ්ණයට කෙටිකාලීන උදව් ගන්නවනම් තෙල්.. ගෑස්.. බෙහෙත්.. ගේන්න ඩොලර්ස් මේ වෙලාවේ ළගම මිතුරා චීනය.. චීනයට මේ මොහොතේ විශ්වාසවන්තම මේ කණ්ඩායමෙන් විමල්....

අද දවසේ නිර්මාණය වෙලා තිබෙන අර්බුද.. ඉදන් අරගල ඉඳන් සියල්ල ජාත්‍යන්තර දේශපාලනය සමඟ සම්බන්ධයි කියලා දේශපාලනය ගැන හරියට දන්න ඕනි බබෙක් දන්නවා.. කිසිවක් ඔටෝ වුණු ශුද්ද දේවල් නෙවියි.. ම් සියල්ල ඇතුලෙ ජාත්‍යන්තර දේශපාලන චෙස් ගේම් තියෙනව.. ජාත්‍යන්තර දේශපාලන ෆයිට් තියෙනව.. ප්ලෑන් තියෙනව...

දියවන්නාවෙන් එළියෙ මහජන බලයක්.. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන අදහස ඒක.. ඒකට අපිත් එකගයි.. අන්තරේ වගේ එහෙම එකක් හදන්න පුළුවන්...

මේ සියළු අර්බුද ප්‍රශ්ණ මැද ගෝඨ ගෝ හෝම් වුණාට පසුව විය හැක්කේ මෙය..

වෙන විය හැකි දෙයක් ගැන.. අදහස් තියෙන අය කියන්න....

ක්‍රමය කියන්නෙ රාජ්‍යයට ආණ්ඩුවට පමණක් නෙවෙයි... අපිට.. මහජනතාවට.. අවුරුදු ගණනක් අපිට හිතන්න පුරුදු කරලා තිබෙන හිතන විදිහකට.. එය වෙනස් වෙන ලෝකයක තමයි ලෝකය වෙනස් වෙන්නෙ....

නැත්නම් මාක්ස්වාදයට අනුව විෂය මූලික තත්ත්වයන් සියල්ල නිර්මාණය වෙලා තිබියදී ජනතාවගෙ මනෝමූල තත්වයන් නිර්මානය නොවෙන්නේ ජනතාව ක්‍ර්‍රමය වෙනස් නොකරන්නෙ නොවෙන්නෙ ඇයි?

නවතම ලිපි