SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආර්ථික විද්‍යාඥයින් යනු ගොං මීමුන්ය...

ලංකාවට ජපානෙන් ආහාර සඳහා ඩොලර් මිලියන 1.5ක් දීලා...

ලෝක බැංකුවෙන් ඖෂධ සඳහා දීපු සල්ලි වලින් තෙල් ගේන්න පුලුවන්ද කියල ලෝක බැංකුවෙන් අහලා බලනවා කියල රනිල් කිව්වා. ජපානෙන් දීපු 1.5 තෙල් නැව් තුනකට ප්‍රමාණවත්.

ලංකාවේ ආනයන සඳහා සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 1.82ත් 2.24ත් අතර ගානක් මාසෙකට වැය වෙනවා...

ලංකාවේ තෙල් පාරිභෝජනය මේ වන විට ඩොලර් මිලියන 700ක් විතර වෙනවා. වාහන ගෙන්වීම නවත්වපු නිසා ආනයන වියදම යම් ප්‍රමාණයක් මේ වන කොට අඩු වෙලා. නමුත් වාහන අමතර කොටස් වල වියදමත් එක්ක බැලුවම ඩොලර් බිලියනයකට කිට්ටු වෙනවා ඇති.

අනිත් විදේශ විනිමය වැය වෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් තමයි ඉදිකිරීම්... නිශ්චිතව ප්‍රමාණය කියන්න බැරි උනත් ඒකත් ලොකුම කොටසක්. නමුත් තවමත් ඉදිකිරීම් නවත්වල නැහැ.

වාම දකුණු භේදයක් නොමැතිව හැම ආර්ථික විද්‍යාඥයාම බලන්නේ ඔය සේරම නැවත ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියල...

 G4

ඒ අයට අනුව එහෙම නොවුනොත් ආර්ථිකය කඩා වැටෙනවා. රැකියා අහිමි වෙනවා. උදාහරණයකින් කියනවා නම් වාහන ගෙන්වීම නැවැත්වීම නිසා ව්‍යාපාර කඩා වැටිලා, රැකියා අහිමි වෙලා තියනවා.

තවත් උදාහරණයකට ඉදිකිරීම් ක්ෂේත්‍රය ගතහොත් ඊට අදාළ ඍජු රැකියා ලක්ෂ 30-35ක් පමණ වෙනවා. නමුත් ඊට අදාළ වක්‍ර රැකියා සංඛ්‍යාව එක්ක අඩුම ගානේ ලක්ෂ 50ක්වත් වෙන්න ඕන. එතකොට ඒ මුදල් ප්‍රවාහය වෙළඳපොල තුල විශාල කොටසක්. ඒ අනුව ඉදිකිරීම් නැවැත්වීම ආර්ථික විද්‍යාව කියන මෝඩ තකතීරු විෂයට අනුව ගත්තොත් විශාල ආර්ථික අර්බුධයක් ඇති කරන තත්වයක්.

නමුත් ආර්ථික විද්‍යාඥයා, ආර්ථික විද්‍යා මහාචාර්යවරයා කියන්නේ හෙන ගොං අන්තට්ටුවක් දාගෙන ඉන්න මීමෙක් කියල ඌ දන්නේ නැහැ. ඒ නිසා ලෝකය පුරාම ඉන්න ඒ වගේ යක්කු හෙන පඬි කතා කියනවා.

ලෝකයේ දියුණුය කියන රටවල් ඉදිකිරීම් ක්ෂේත්‍රය කියන්නේ විශාලම ක්ෂේත්‍රයක්. ඒ අය ඒක පවත්වාගෙන යනවා. ඒක කරන්නේ යම් වසර සංඛ්‍යාවකට අදාළ පැරණි ගොඩනැගිලි, මාර්ග ඇතුළු අනෙකුත් ඉදිකිරීම් කඩා බිඳ දමා නැවත අලුතෙන් ගොඩනැගීමෙන්. උදාහරණයකට ජපානයේ ගෙයක ආයු කාලය අවුරුදු 25යි. එහෙම කරන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය පවත්වා ගන්න.

එතකොට ඉදිකිරීම් ක්ෂේත්‍රය ඊට අදාළ නොනවතින විනාශයක් නඩත්තු කරනවා...

ආර්ථික විද්‍යාවට අනුව සියලු දේට වඩා ප්‍රමුඛ ආර්ථිකය. ආර්ථික වර්ධන වේගය කොහොමටවත් අඩාල කරගන්න බැහැ කියන එක තමයි ආර්ථික විද්‍යාවේ මූලික කොන්දේසිය. සොබාවික විපතක්, උපද්‍රවයක් දිහා උනත් ඒක ආර්ථිකයට සිදු වූ ප්‍රශ්නයක් ලෙස ආර්ථික විද්‍යා දෘෂ්ටිකෝණයකින් තමයි ඒ දෙස බලන්නේ. පරිසරය, මිනිස් ජීවිත, හැඟීම් ඇතුළු සියල්ල ආර්ථිකයට අදාළ වෙනවා. ඒ දේවල් අර්බුධයට යාම හැම විටම විමසන්නේ ආර්ථිකයේ තැනකින්...

දැන් ලංකාවේ ඇතිවෙලා තියන තත්වයට හැමෝම විසඳුම් සොයමින් ඉන්නවා. ඒ ආර්ථික විද්‍යාවට අදාලව. ඒ කියන්නේ දෝෂ නිවැරදි කරලා ආපහු දුවපු යාන්ත්‍රනය ක්‍රියාත්මක කරන විධිය. ඊට වඩා දෙයක් ඒ අයටවත් සාමාන්‍ය මිනිස්සුන්ටවත් හිතා ගන්න බැහැ. ඒ තමයි ධනවාදී අවිඥානය (capitalist unconscious).

@fb wall

නවතම ලිපි