SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෝටාගෝ ගම තුළින් අපි දකින නිර්මාණශීලිත්වය විශ්මය ජනකයි. විචිත්‍රයයි.

දවසින් දවස අලුත් වන ගම තුළ සියලු පහසුකම් ද සැණකෙළි ස්වරූපය ද තරුණ ජවය එකතු වීම ද වෙනස්ම හැඩයකි. ගතිකත්වයයන් මතින් ගොඩ නැඟෙන ආකර්ශණීය අවකාශයකි. දවසින් දවස අලුත් වන ආකර්ශණීය ඉවෙන්ට් ගෝටාගමේ දින සති පහන් කිරීමට ජනයා ඇද ගැනීමේ සාධකයක් බවට පත් වී ඇත.

ගෝටාගෝ ගම ආදර්ශ ආකෘතියක් ලෙස ද හදුනාගත හැක. එහි ඇති විවිධත්වයයි. විවිධත්වයට සහ මනුෂ්‍යත්වයට ගරු කිරීමයි. මනුෂ්‍යත්වය ඉහළින් ඔසවා තබා ගැනීමයි. මෙතෙක් කල් සංහිඳියාව අදිසි දේශපාලන හස්තයකින් වෙලා තිබූ ග්‍රහණය ගෝටාගෝ ගමේ දී එය ලිහිල් වී නිදහසේ සැරිසරන්නට අන්තර් ක්‍රියාකාරකම් සිදුකරමට අවස්ථාව ලැබී ඇත. එය රටක් වශයෙන් ලැබු ජයග්‍රහණයන්ය.

අපි පතන්නේ ද මෙවන් රටකි. සියලු දෙනාටම මූලීක අවශ්‍යතා ඉටුකර ගන්නා ගමන් නිදහසේ තමන්ට කැමති පරිදි පොතක් පතක් බලාගෙන චිත්‍රපටියක් බලාගෙන සිංදුවක් අසාගෙන තවත් කෙනෙකුට උදව්ක් කරගෙන ජීවත් වීමට පවුලක් වී හෝ නොවී ජීවත්වීම අපි හැමෝගෙම බලාපොරොත්තු වේ. රජපක්ෂලා නැති කර ඇත්තේ ද එයයි. ජීවිතයේ මෙපමණ දුෂ්කර වී ඇත්තේ ද අපිට ජීවත් වන්නට තිබූ රටක් නැති කිරීම නිසායි. රාජපක්ෂ පක්ෂ විපක්ෂ ඛණ්ඩනය තිවූර වී ඇත. මේ කිසිවක් නිර්පාක්ෂික මිනිසුන්ගේ දේශපාලනය නිසා ඇති වූ තතත්වයන් නොවේ. රටේ පවතින දේශපාලන තත්ත්වය නිසා ඇති වූ තත්ත්වයන්ය. නිර්පාක්ෂික එකතුව ගොඩනැගෙන්නේම ප්‍රබල දේශපාලන කාරණාවක් වටායි.

අද අපිට දකින්නට ලැබුණු මහජන සරසවිය ද පුරවැසියා දැනුමත් කිරීම සඳහා ඉතා වැදගත් දේශපාලන කවුළුවකි. නිර්ප්‍රචණ්ඩ අරගල තුළින් බල ව්‍යාපෘති වලට අභියෝග කරන අධ්‍යාපනය පිළිබඳ පුරවැසියා අතර ඇති කළ හැකි කවුළුව ප්‍රශංසනීයයි. එය හෙට දිනය වන විට එය තව විස්තීරණ වනු ඇත.

ගෝටාගෝ ගම දැන් දැන් සැණකෙළි ස්වරූපය වඩා වඩා තීවුර වන බව දක්නට ලැබේ. ගෝටාගෝ ගමේ සැණකෙළි අසිරිය මට දැනෙන්නේ කොව්ඩ් නිසා අපිට හරි හැටි එකතුවීමක්ට අවස්ථාවක් නොවිය. හරියට විනෝද වීමට අවස්ථාවන් ද මඟ හැරිණි. සංගීත සංදර්ශණයක් බලාගැනීමට නොහැකි විය. මෙම ගමේ විවිධ වර්ගයේ තරු පායා ඇති නිසා මඟහැරුණු බොහෝ සාමුහික ක්‍රියාකාරකම් ද සිදු කරගත හැකියි. අපිට අවුරුදු දෙක තුනකින් හරියට විනෝද වෙන්න බැරි වු බොහෝ අවස්ථාවන් මෙහි ද සන්තර්පණය කර ගැනීමට අවස්තාව ලැබේ. එය යහපත් තත්ත්වයකි. අප බලාපොරොත්තු වූ තත්ත්වයකි.

නමුත් නිර්පාක්ෂික අරගලයෙහි සැණකෙළි අසිරියෙන් දේශපාලනය පෑල දොරින් පැන යන බව දැන් දැන් අපිට පෙනී යන කරුණකි. සැණකෙලි සතුට තාවකාලික වන අතර එකතු වී සිටින සාමුහික අරමුණ කරා යන මාර්ගයට අවතීර්ණ වීමට සැණකෙළියෙන් එළියට එන්න අවශ්‍ය වේ. එන්නම එන්නම දකින්නට ලැබෙන අභිචාර වත්පිළිවෙත් ආගමික වතාවත් අරගලයේ වඩ වඩා සංස්කෘතික විප්ලවයක් කර ඇත. දැන් දැන් පෙනෙන්නේ මෙතෙන නොවන්නේම අදාළ දේශපාලන කාර්යය ද කියායි. පිළිමේ විශාලත්වය වැඩිවෙන කොට භක්තිය පලා යා හැකියි.

මෙම නිර්පාක්ෂික අරගලයේ යාන්ත්‍රණයම කිසිදු ආකාරයේ ප්‍රචණ්ඩත්වයක් සිදු නොවන අවිහිංසාවාදී අරගලයක් නිසා පාපොච්චාරණ භූමීයක් බවට පත් වී ඇත. ඒ නිසා රාජපක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිට තනතුරු වරදාන ගත් ජනප්‍රිය දේශපාලන තරුවල පාපොච්චාරණ මධ්‍යස්ථානය බවට අද ගෝටාගෝ ගම පත් වී ඇත. ඒ අතර ගායක ගායිකාවන් නළු නිළියන් සිවිල් චරිත මේ අතර වේ. එයින් පෙනෙන්නේ ඕනෑම වැරදි වැඩක් කර රාජපක්ෂ පවුල සේම මේ රට අගාධයට ඇඳ දමන්නට මතවාදී මෙන්ම ඔවුන්ගේ ප්‍රතිරූප ඉහළ නංන්වීමට වැඩ කළ බොහෝ තරු අරගල භූමියට පායා ඇත. ඔවුන් පායන විට රටට වෙන්න ඕන හරිය වෙලා ඇත.මෙම අරගලය නිර්දේශපාලනිකයි කියා කවුරුන් හෝ පවසනවා නම් අතිශය විහිළු සහගත වෙන්නේ රාජපක්ෂ දේශපාලනය වෙනුවෙන් එළිපිට පෙනී සිටි අයට පාපොච්චාරණය සඳහා අහිංසක දේශපාලනික අවස්ථාව අරගල භූමීයෙන් ලබා දී ඇත .

විශේෂයෙන් මේ තරුවලට ගෙවල් වලට පායා පමණක් සිටිය නොහැකිය. ඔවුන්ගේ පැවැත්ම තීරණය වන්නේ ප්‍රේක්ෂයා මතයි. තමන්ගේ ඉරණම තීරණය වන්නේම ප්‍රේක්ෂකයා මතයි. එම අවකාශය හදා ගැනීමේ දේශපාලනය සඳහා ඔවුන් පැමිණ ඇත. නිර්පාක්ෂික දේශපාලනය ඒ සඳහා උත්තේජන සපයා ඇත. ඔවුන්ගේ පාපොච්චාරණය දෙස බලන විට පෙනී යන්නේ ඔවුන් කිසිදු වරදක් සිදු කර නොමැති අරත රාජපක්ෂවරුන්ට විශ්වාස කිරීම පමණක් කර ඇති බවයි. රාජපක්ෂවරුන් තමන්ටත් තමන්ගේ හොර කල්ලියට සලකන්න ගොස් රට විනාශ කරලා දාපු නඩයේ තමන් ද සිටින බව අද ඔවුන්ට අමතක වී ඇත. රාජපක්ෂ වරුන්ට මුල සිට ගේම ඉල්ලා සිටි අලුත් පරපුර ඇතුළු සෙසු කලාකරුවන් මෙහි අදාළ නෙවන බව ද සලකන්න. ඒ නිසා ඔවුන්ගේ ද මුදල් රාජසන්තක විය යුතු බව මගේ මතයයි. නිර්පාක්ෂික මුවාවෙන් රාජපක්ෂ මෙන්ම තක්කඩි තරු ද දිස්නේ දී නිවි යා හැකිය.

හෙට අනිද්දා රාජපක්ෂවරුන්ද අරගල භූමියට පැමිණ පව්සෝදා ගැනීමට එනු ඇත. අරගලය සැණකෙළියක් වන විට කවදත් විනෝදාස්වාදයට කැමති රාජපක්ෂ පුතාලා ද එනු ඇත. ඒ නිසා අරගලය අයාලේ යායුතු නොවේ. අරගලයෙන් මෙතෙක් මතු වූ ජීව ගුණය ජයග්‍රහණය තෙක් පවත්වා ගැනීමට අරගලය මුඛ්‍ය අරමුණ වෙත තවදුරටත් කේන්ද්‍රගත විය යුතුයි. ඒ සඳහා නිර්පාක්ෂික කතන්දර අදාළ නොවේ.

රාජපක්ෂ පාලනය පිළිබඳ විරුද්ධව 2005 සුනාමී හොරකම හෙල්පීං හම්බන්තොට හොරකම් ඇතුළු සියලු දුෂණ වලට විරුද්ධව ගොඩනැඟු සිවිල් සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ ද ඇත. මෙහි මූලික අරමුණ රාජපක්ෂ පාලන තන්ත්‍රය බිඳ දැමීම නම් ඒ හැමෝටම මෙ අරගලය තුළ නියෝජනය වීමට සාධාරණ අයිතියක් ඇත. මෙම සිවිල් චරිත ද අරගලය තුළ ඉස්මතු විය යුතුයි. ඔවුන් සිදුකළ අරගලය ගෝල්ෆේස් අරගලයේ සෙවැනැල්ලට වැසී නොවිය යුතුයි. ඒ සඳහා පරම්පරා අතර ඇති සමෝධානය වැදගත් වේ. ජාතික ලැයිස්තුවෙන් පත්වූවන් ඉවත් කර සැබෑ වියතුන් පාර්ලිමෙන්තුවට යැවිය යුතුයි.

අරගලය තුළ විවිධ දේශපාලන පක්ෂ නියෝජනයක් තිබෙන බැවින් පොදු එකඟතාවයන් ප්‍රායෝගික දේශපාලන අරමුණු කරා ගෙන යාම පහසු වේ. එවිට එය එකම පක්ෂයකට ලඝු නොව්. ජවිපෙට සජපෙට 43ට ආදී දෙමළ මුස්ලිම් පක්ෂවලද පාර්ලිමේන්තුව තුළ අරගලය නියෝජනය කළ හැකියි. විපක්ෂය විපක්ෂයේ කාර්යබාරය සිදුකළ යුතුයි. එය අපිට පෙනෙන්ට නැත. අරගලයෙන් අපේක්ෂා කරන්නේ දේශපාලන වෙනසක් නම් පාර්ලිමෙන්තුවට අරගලයේ අරමුණු ගෙන යායුතුයි. පවතින 20 සංශෝධනය වෙනස් කරමින් රටට ගැළපෙන පුරවැසියා හිතකර වෙනස්කම් සහිතව වෙනස් සිදු කිරීමට බල කල යුතුයි. එවිට අරගලයේ අපේක්ෂා කරන වෙනස්කම් ඔවුන් ලව්වාම සිදු කිරීමට බල කළ හැකිය. විධායක ජනාධිපතිකම අහෝසි කළ යුතුයි. 225 එපා සටන් පාඨ වෙනුවට රටේ මුදල් නාස්ති කළ සියල්ල ලව්වා මෙම වෙනස්කම් කළ යුතුයි. 225 විගණනය ද සඳහා බලපෑම් කළ යුතුයි. නොවසේ නම් නැවතත් රටේ මුදල් නාස්තියක් ද තවත් දිගැස්සීමක් ද සිදු විය හැකියි. නිර්පාක්ෂික මිනිසුන්ගේ දේශපාලනික දිශානතීය ඉටු කර ගැනීමට නම් දේශපාලනික නායකත්වයක් අවශ්‍ය වේ.

අරගලයට ජය

2022.04.16

නවතම ලිපි