SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇමෙරිකාව කියනව -

"සෙලෙන්ස්කි අපි ඔබව ආරක්ෂිතව අපේ රටට රැගෙන යන්නම් සුදානම් වෙන්න.."

සෙලෙන්ස්කි කියනව -

" ස්තුතියි ඒ කරුණාවට. ඒත් මට මගේ රටත් මගේ රට වැසියනුත් දාල එන්න නොහැකි. අපි අපේ රට වෙනුවෙන් කළ හැකි උපරිම දේ අවසාන මොහොත දක්වා කරනව..."

 

බල අරගලයක් කුමන ස්වරූපයකින් කොතැනක, කොයි මොහොතක, කා විසින් කාට එරෙහිව සිදු කළ ද, කුමන උසකින්, කුමන පළලකින්, කුමන ගැඹුරකින් එය සිදු වන්නේ ද - ලෝකයේ ම්ලේච්ඡම භාවිතය යුද්ධයයි. එනයින් ඕනෑම ආකාරයක යුද්ධයක අවසන් විනිශ්චය හිංසනයකි. එහි සම්ප්‍රයුක්තය - යුද්ධයක් සිහිනෙකින්වත් නොපැතූ පිරිසක් ජිවිතයෙන් වන්දිගෙවිමයි.

එහෙත් යුද්ධයක් තුළින් අපෙක්ෂා කළ හැකි එක් සාධනීය ප්‍රතිඵලයක් ද වේ.

ඒ යුද්ධයක් සතු බියකරුම මොහොතක තම සගයන්ගේ සහ මිතුරන්ගේ සැබෑ ස්වරූපය හඳුනාගන්න - යුද්ධය විසින් කදිම අවස්ථාවක් නිර්මාණය කරදිමයි.

යුක්රේන ජනාධිපති මේ මොහොතේ ඒ සත්‍යයය පසක්කරමින් ඇතැයි මට සිතේ. පසුගිය දා යුද්ධයේ තිරණාත්මක අවදිය නිර්මාණය විය. එහිදි යුක්රේනයේ මිත්‍ර කඳවුරු ක්‍රියාකරණ ආකාරය ඉතා පැහැදිලිය.

සියල්ල එසේ වන අතරේ යුක්රේන නායකත්වය වොලෝදිමිර් සෙලෙන්ස්කි ගේ ධෛර්යය ඔහුගේ රට වැසියා අතරේ මුදාහරිමින් ඇත. පාලකයෙකුට වඩා නායකයෙකුගේ ලක්ෂණ මේ මොහොතේ අප ඔහු තුළින් දකිමු. ඉතිහාසය පුරා වැඩි වශයෙන්ම පාලකයන් දැක ඇති නිසා නායකයන් ගැන වැඩි අදහසක් අපේ වගේ රටවල අයට නැති විම ද කනගාටුවකි. එනිසා ලෝකයේ ඇතැම් නායක ලක්ෂන අපේ වගේ රටවලට නුහුරුය නුපුරුදුය.

එනිසා යුද්ධයක් අභියස නායකයෙකු යනු කවරෙක් ද යන්න තව තවත් ඉගෙනිම සහ ගවේශනය වැදගත්ය.

ගෝලීය බල අරගලයේ නූතන හැඩය අතිශය සුක්ෂමය දේශපාලනිකව ගුප්තය. යුක්රේනයට අත්වෙමින් ඇති ඉරණම අපට චිත්‍රපටයක් ලෙස පෙනුනද , මෙයින් හැගවෙන අනතුර අනාගත ලෝකයට සුළුපටු නොවේ. මක්නිසාද යත්

දිනක ඒ් ඉරණමම අප ඉදිරියේ යථාර්තයක් විමට ඉඩ ඇති බැවිනි. එනිසා කිලෝමිටර් දහස් ගණනක් තුළ වන යුක්රේන යුද්ධයේ අවාසනාවන්ත කතාව - අපට ආසන්න කිලෝමිටරයට ලංව සිදුවන දිනක් නොඒවියැයි කිසිවෙකුට තර්ක කල හැකිද.

අනාගත ලෝකයේ දේශපාලනික බ්‍රමණය තුළ ඇත්තේ ස්වාධීන රාජ්‍ය සංකල්පය පිළිබඳ අවිනිශ්චිත බවකි. පොදු ගැටළුවකි.

ඒ නිසා හෙට දවසේ ලෝක බල කාමය විසින් දේ්ශසිමා මකා දමනු ඇත. කිසිවෙකුට අවසරයකින් තොරව නිදහස් සහ නිවහල් විමට නොහැකි සේ බැඳ තබනු ඇත.

ගෝලීය දේශපාලනය ගලායන්නේ එවැනි මිලෙච්ඡ යුගයක් දෙසට බව මතුවෙමින් තියන ඉදිරි ගෝලීය බල අරගල සාක්ෂි දරණු ඇත.

බලය අරබයා අවස්ථානු කුලව වෙනස්වන අවිනිශ්චිත මිත්‍රසබඳතා සමාජයේ අපමණය. එසේම විශ්වාසයේ පරමඥාතිත්වය විටෙක යථාර්තයක් නොවිම අවසනාවක්මය.

කෙසේ වෙතත් යුක්රේන යුධ කතාවේ අමිහිරිම පරිච්ඡේදය දිනක ලියවෙන්නේ මිත්‍රත්වය යනු කුමක් ද යන්න වඩාත් අර්ත දැක්විමෙනි. අවැසිම මොහොතේ නැති මිත්‍රත්වය යනු කුමක් ද.

මාටින් ලූතර් කිං දැක් වූ අදහසක් මේ මොහොතේ මතකයට නැගේ.

" In the end we will remember not the words of our enemies, but the silence of our friends..."

- MARTIN LUTHER KING -

අවසානයේ අපට මතක සිටින්නේ අපගේ සතුරන්ගේ වචන නොව...අපගේ මිතුරන්ගේ නිෂ්ශබ්ද තාවයයි..

- මාටින් ලූතර් කිං -

නවතම ලිපි