SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාගය කියන්නේ සත්වයාගේ පැවැත්ම තහවුරු කරන ප්‍රධාන ශක්තිය.

ආශාව, ආදරය,ප්‍රේමය ආලය වැනි විවිධ නම් වලින් මෙය ප්‍රකාශ කරනවා. හැබැයි පංච කාමයම උදෙසා මිනිස් සිතක උපදින සිතුවිලි මේ 'රාගය' ට ඇතුළත් කියන එක තමයි අපි අවධාරණය කළ යුතු දෙය. වර්ගයා බෝ කිරීම නැමති ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා ලිංගික ආශාව ද පංච කාමයෙන් එකක් යටතට තමයි ගැනෙන්නේ. හැබැයි සත්වයින් මේ ක්‍රියාවලිය වර්ගයා බෝ කිරීමට අමතරව ‘වින්දනය’ කියන තවත් කාරණාවක් සදහා ද යොදා ගන්නවා. ශිෂ්ටාචාර ගතවුණු මිනිස් සමාජයේදී, මේ රාගය කළමනාකරණය කියන සාධකය පිළිබඳ විශේෂ අවබෝධයක් හැම පුද්ගලයෙකුම ලබාගත යුත්තේ අන්න ඒ වින්දනය ශිෂ්ට සමාජ දේශපාලනිකව කර ගන්නේ කොහොමද කියන එක තේරුම් බේරුම් කර ගන්නයි.\

crush 3

දැන් බලමු අපි බිල් ක්ලින්ටන් අර විදිහට මොනිකට කිව්වම මොකද උණේ කියලා. දැන් ක්ලින්ටන් එහෙම කීවම මොනිකාට මොනවා හිතෙන්න ඇද්ද? දැන් ඔය තත්වයට තමාව පත්කරගෙන බලන්න. කාර්යාලයක, විශ්වවිද්‍යාලයක, පාසැලක හෝ තමා රාජකාරියක් කරන හෝ තමා අධ්‍යාපන ආයතනයක අධ්‍යාපන කටයුතු කරගෙන යන යම් 'සංස්ථාපිත ආයතනයක' ඉතාමත් කඩවසම්, දක්ෂ තමන් කාලාන්තරයක් තිස්සේ ආශාවෙන් හිටපු චරිතයකට සමාන, එහෙම නැත්නම් තමාගේ මනෝ ලෝකයෝ රජ කරමින් සිටි, එහෙම නැත්නම් තමා බලපු චිත්‍රපටයක හෝ නවකතාවක චරිතයකට සමාන, තමාට වඩා බලගතු තනතුරක වැඩ කරන විවාහක පුද්ගලයෙක් තමාට ඔය වගේ දෙයක් කීවා කියලා. දැන් ඔබ මුහුණ දෙන උභතෝකෝටිකය ඔබට තේරුම් ගත හැකියි නේද?

crush 7

විජය කුමාරණතුංග ඒ දවස්වල මට ඕක කීවා නම්, මම කලන්තෙ දාලා වැටෙනවා. ඒ කලන්තෙ දාන්නෙ ඇයි. Body chemistry උත්තේජනය වෙලා, සිතුවිලි ක්ෂණිකව අවදි වෙලා පාලනය කරගන්න බැරි වුණාම. චන්ද්‍රිකා නෝනා මේක බලල අහිතක් හිතන එකක් නෑ ඒක මට ෂුවර්.

මතකද අර හෙන්රිකේ පොර ආපු වෙලාවේ කාගෙදෝ ලොකු නිළධාරියෙකුගෙ දෝණ්යැන්දා කෙනෙක් අර තනපටියක් ගලවාගෙන දාංගලයක් දැම්මා කියන්නේ. ඒ තමයි ඒ ක්‍රෂ් එක ඉහවහා ගිහිල්ලා පාලනය කරගන්න බැරි තරම් ඉහල නැගලා. ඉතින් ඕක ඔය හැටි ලොකු දෙයක් නොවෙයි, කළමනාකරණය ප්‍රශ්නයක් විතරයි එතන තියෙන්නේ.

crush5

බිල් ක්ලින්ටන් කියන්නේ රටේ ජනාධිපතිවරයා. මොනවද මේ කියන්නේ? එයාට පුළුවන් ද එයාගෙ නෝනව දික්කසාද කරලා මොනිකව එයාගෙ යහනට කැඳවා ගන්න. ඒක නම් කවදාවත් කෙරෙන්නෙ නෑනෙ. එහෙනම් ඇයි මෙයා මෙහෙම කියන්නේ? එයා මට අනියම් සම්බන්ධතාවයකට අත වනවා නේද? එතකොට තමන්ගෙ ආධ්‍යාත්මයට මොකද වෙන්නේ? ඒත් ඇයට සිද්ධ වෙලා තියෙනවා තමන්ගෙ අධ්‍යාත්මය පාවා දෙන්න. ඒ කියන්නේ ධවල මන්දිරයේ එවකට සේවය කළ 22 වැනි වියේ සිටි ඇයට සිද්ධ උනා ජනාධිපතිවරයා සමග අනියම් ආදර සම්බන්ධයකට පැටලෙන්න.

crush6

හැබැයි මේක කියවන ඔබ තේරුම් ගන්න ඕනෑ මේක ඇගේ තීරණයක්. වයස අවුරුදු 22 ට ධවල මන්දිරයේ උසස් තනතුරකට යන්න තරම් පරිචයක් ඇයට තිබුණා. එයත් බබෙක් නම් නොවෙයි. (ඒ ගැන පසුව) ඒ විතරක් නොවෙයි, 1998 දී ජනාධිපතිවරයාගෙ 'නම්බුව' ආරක්ෂා කරන්න ඕනෙ නිසා "ඔය කියන මොනිකා කියන ගෑනු මනුස්සයා එක්ක මගේ කිසිම ලිංගික සම්බන්ධකමක් නෑ" කියලා ජනාධිපතිවරයා කියපු කතාව ඇත්තක් කියලා පිළිගන්න 22 මොනිකාට සිද්ධ වුණා පසුව.

මේ තත්වය මොන තරම් කණගාටුයි ද? එහෙම එකක් තිබිලා, ඒක නෑ කියලා ප්‍රසිද්ධියේ පිළිගන්න; එයාට කොච්චර ලජ්ජා හිතෙන්න ඇත්ද? ඒ වගේම එයාට ඒක කොච්චර අවමානයක් ද? පසුකලක ඇය හෙලි කරලා තියෙනවා ඇය ඒ මොහොතේ කොච්චර මානසික ආතතියකින් පෙලුණද කියන කරුණ. ඒ වගේම පසුව එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී අහපු ප්‍රශ්නයකට පිළිතුරු විදිහට ක්ලින්ටන් සදහන් කරලා තියෙනවා මොනිකා පමණක් නොවෙයි, ඊට කලින් පවා ඔහු එවැනි 'කොටු පැනීම්' කර ඇති බවත් එසේ කළේ ඔහු ට ඒ සඳහා හැකියාවක් තිබුණු නිසා බැවින් බවත්. මේක තමයි බලය ධනය හමුවේ සැඩ සුළඟක් වන සදාචාරය ආධ්‍යාත්මයේ මුල් සිඳ බිඳ දමන ආකාරය.

crush 4

හැබැයි අපි මුලින්ම කීවනෙ ඉතිං ඔයවගේ 'ක්‍රෂ්' එකක් ඇතිවීම ස්වාභාවිකයි කියලා. එහෙනම් මේක සාමාන්‍යය දෙයක් වෙන්න බැරිද? ක්ලින්ටන් මහත්තයාට වගේම ඔහොම ඒවා හිතෙන අය හැම තැනම හැම සංස්ථාපිත ආයතනයකම ඉන්නවා. ප්‍රශ්නෙ තියෙන්නෙ ඔහොම හිතෙන එක නොවෙයි. හිතෙන හිතෙන හැම දෙයක්ම ලවක් දෙවක් නැතිව කියන්න සහ කරන්න යන එකෙන් තමයි, ඒකෙ ප්‍රතිඵලය මහා ව්‍යසනයක් වෙන්නෙ. ඒවායින් තමාට, අදාළ පුද්ගලයන්ට, අවට රැස් වළල්ලට සහ පරිමිතික චක්‍රාවාට සමාජයට කරන අයුතු බලපෑම් ගැන තර්කානුකූලව විචාරාත්මකව කරුණු සොයා බලා කටයුතු කිරීමට තමයි රාගය කළමනාකරණය කියන්නේ.

රාගය මුලින්ම ඉපදෙන්නෙ අභ්‍යන්තර සිතේ සියුම් සිතුවිල්ලක් හැටියට. හැබැයි ඒක දළුලා වැඩෙන්න ගන්නෙ ඒකට පොහොර දැම්මාම විතරයි.

තමා ඉන්න සමාජ තත්වය උඩ තමා තීරණය කරන්න ඕනෑ තමාට දුවන්න පුළුවන් සීමාව කුමක්ද කියන එක. මීළඟ සතියේ...ඒ ගැන.

නවතම ලිපි