SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔබ අහලා ඇති ඇමරිකානු ජනාධිපති කෙනෙක් හිටියා බිල් ක්ලින්ටන් කියලා.

එයා හරිම කඩවසම්, දැනට මැදිවියේ ඉන්න අයට අයට මතක ඇති එයාව. එයා හරිම හැඩයි. එයාගෙ බිරිඳ තමයි හිලරි ක්ලින්ටන්, පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති ට්‍රම්ප් එක්ක තරඟ කරලා පැරදුණේ.

ඉතින් බිල් ක්ලින්ටන් මහත්තයා ජනාධිපතිවරයා වෙලා ඉන්න කාලේ දවසක් එයාගෙ කාර්යාලීය සේවිකාවක් වන මොනිකා ලෙවින්ස්කිට මෙහෙම කියලා තියෙනවා.

"මගේ හිතේ ඔයා ගැන 'ක්‍රෂ්' එකක් තියෙනවා" (I have a crush on you)

bill1

මම මේ කතාව පටන්ගත්තෙ 'ක්‍රෂ්' කියන එක ගැන කතා කරන්න. හැබැයි ක්‍රෂ් තියන වචනෙ සරල එකක් උනාට, ඒ වෙනකොට විවාහක වෙලා හිටපු බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා තමන්ගෙ කාර්යාලයේ සේවිකාවකට එහෙම කියපු එක නම් බරපතලම වරදක් වගේම අපරාධයක්. ඒක ලිංගික බලහත්කාරකම් වලට තමයි වැටෙන්නේ. ඒකට හේතුව ඒ වචනයේ තේරුමේ තියන බරපතල කමට වඩා, ඒකෙ භාවිතාවෙ තියෙන බරපතල කම. දැං අපි බලමු මොකක්ද මේ 'ක්‍රෂ්' තියන දෙපිට කැපෙන වචනෙ මොකද්ද කියලා.

අවුරුදු දහය දොළහ කියන්නේ හිරිමල් වයසට. හැබැයි ඒක එක පුද්ගලයෙන්ගේ අභ්‍යන්තර ජීව රසායනය වැඩ කරන විදිහ, හැදෙන වැඩෙන පරිසරය සහ අහන දකින දේවල් වලට අනුව 'හිරිමල් වයස' හරියටම එන කාලය එක් එක් පුද්ගලයාට වෙනස් වෙනවා. ඉතිං ඔය සිරිපොද ඉහිරෙන කාලෙට තමයි ගැහැණු පිරිමි දෙගොල්ලොම ශාරීරික වෙනස් වීමට භාජනය වෙන්නේ. හැබැයි එහෙම ශාරීරික වෙනස් කම් වෙන්න කලින් උනත් ළමයින්ගෙ මනසෙ හීනියට හැඟීම් මෝදු වෙලා, යම් යම් වෙනස් වීම් වලට භාජනය වීම් සිද්ධ වෙනවා. සමහර අයට අවුරුදු හත අට කියන වයසෙදි ඔය වගේ වෙනස් අමුතු හැඟීම් හිතට එනවා.

bill3

මේ වෙනස්වීම තමයි යම් පුද්ගලයෙකුගේ ලිංගික ආකර්ෂණය තීරණය වන්නේ. සමාන ලිංගිකයන් හා කෙළිදෙලෙන් හිටපු ළමයින්ගේ හිත් ඇතුළේ හිටි ගමන් විරුද්ධ ලිංගිකයන්ට හෝ සමලිංගිකයන්ට හෝ අමුතු විදියට ආකර්ෂණයක් උපදිනවා. මේ ආකර්ෂණය ස්වාභාවිකයි. ඒ වගේම ඒ ඇතිවන අමුතු වින්දනය ආකර්ශණීයයි වගේම සුන්දරයි. ඉතිං තමන්ගෙ හිතේ ඇතිවෙන ඒ හැඟීම යම්කිසි බාහිර පුද්ගලයක් අරමුණු කරගෙන තමයි ඇතිවෙනවා කියලා අපි හිතන්නේ.

හැබැයි ඒක එහෙමම නොවෙයි. මේ ක්‍රෂ් එක කියන සියුම් 'රාග නිශ්‍රිත' හැඟීමට මුල්වෙන්නේ සත්වයෙක් මව්කුසක පිරිසිඳ ගන්න මොහොතෙම ඒ සත්වයා මේ පැවැත්මට ඇද බැඳ තියෙන ධර්මතාවයක්. ඒ තමයි 'කාම රාගය' හෙවත් කැමැත්ත තියෙන දෙයට ඇදී යාම. සත්වයෝ මේ පැවැත්මෙ ඉන්න තාක් කල් වැඩ කරන්නේ එම සත්වයා ගේ කැමති දෙය උපාදානය කරන්න මයි. ඉතිං ඕනෑම සත්වයෙකුගේ පැවැත්ම ගෙන යාම සඳහා මූලික වශයෙන් උවමනා කරන ආහාර, ආරක්ෂාව, හුස්ම ගැනීම සහ වර්ගයා බෝ කිරීමට මුල් වන ලිංගික අවශ්‍යතා කියන හතරයි. ඒවායින් අන්තිම අවශ්‍යතාවය තමයි මේ මනුස්ස හිතේ අභ්‍යන්තරයේ ඇතිවෙන 'ක්‍රෂ්' කියලා අද භාවිතාවට අරන් තියෙන්නේ.

bill4

කල්පනා කරලා බැලුවොත් අපේ හිත්වල ඔය වගේ ක්‍රෂ් කීයක් තියෙන්න ඇද්ද. පුංචි කාලේ මට මතකයි මම තුෂාරා චිත්‍රපටිය බලද්දි හෝ ගාලා ඇඬුනා. ඇයි අපට ඇඬෙන්නේ ? විජය කුමාරණතුංගට ක්‍රෂ් එකක් මගෙ හිත අභ්‍යන්තරයේ ඇතිවෙලා තිබුණ එක අවිවාදයෙන් පිළිගන්නා වෙනවා. ඒක වැරදිද? නෑ ඒක වැරදි නෑ. වැරැද්ද ඒක එහෙම නෑ නේද කියලා අපේ විඤ්ඤාණය විසින් අපිව රවට්ටා ගන්න එකයි. හැබැයි මේ හැඟීම නොවෙයි වැදගත් වන්නේ මේ හැඟීම කළමනාකරණය කරගන්නෙ කොහොමද කියන එකයි. ඒ ගැන අපි දිගටම කතා කරමු.

ඉතිං මේ රාගය කළමනාකරණය සහ බිල් ක්ලින්ටන් ගෙ ක්‍රෂ් එකට මොකද වුණේ කියන එක ගැන තව තවත් විස්තර ලබන සතියට.

නවතම ලිපි