SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇය සෑම විටම මානසික නිදහස අගයනු ඇති අතර ඉන් ඔබ්බට කිසිදු දෙයක් ඉල්ලා නොසිටින්නට ඉඩ ඇත.

එබැවින් ඔබට අල්ලස් දී ඇගේ ප්‍රේමය හිමි කරගත නොහැක.

මන්දයත් මනසික නිදහස ලබාදිය හැක්කේ කොන්දේසි විරහිත ප්‍රේමයෙන් පමණක් වන බැවිනි.

ඔබ ලබා දෙන එකම එක කැළෑ රෝස මලකත්, නිස්දැසකත්, දියමන්ති මුද්දකත් එකම වටිනාකම දැකිය හැක.

ඒ ඇයට වටින්නේ ඔබ ඇය වෙනුවෙන් ඇති හැඟීම පමණක් බැවිනි.

ප්‍රේමයේ ප්‍රතිඵල වන ඕනෑම ක්‍රියාවක් හමුවේ කාන්තිය විසිරෙන දෑසින් ඇය සුන්දරව හිනා වෙනු ඇත.

ඇය ඔබට අසීමාන්තික නිදහස ලබාදෙයි.

නමුත් විශ්වාසය කඩකිරීමකට ඇය ලඟ සමාවක් නොමැති විය හැකිය.

මන්දයත් ඇය විශ්වාසය කඩ නොකරන හෙයිනි,

ඇය ඔබ කෙරේ බැදී ඇත්තේ ආලයත්, විශ්වාසයත් යන රැහැන් වලින් පමණක් බැවිනි.

නිදහස් ගැහැනියක් ඔබට පෙම් කරන්නේ නම් ඔබ නිසැකවම ඉතා ආකර්ෂණීය පිරිමියෙකි.

මන්දයත් ඇය ඔබේ පෙනුමෙන් එහා පෞරුෂය පවා විනිවිද දකින බැවිනි.

ඔබේ භෞතික සම්පත් ඇය නොසලකා හරින තරමටම ඇය ඔබේ අධ්‍යාත්මය හා බැදෙනු ඇත.

එබැවින් ඔබේ අභ්‍යන්තර කඩවසම් බව එහිදී වැදගත් වනු ඇත.

පිටි දුන් විට පාන් සාදන්නටත්, මිදි දුන් විට වයින් සාදන්නටත් පමණක් නොව,

වයින් හා පාන් දුන් විට කුණාටු දිනයක වුවත් සුන්දර සැන්දෑවක් හදන්නට ඇයට හැකිය.

එසේම වයින් පරණ වෙන්නාක් මෙන් ඇය ඔබ වෙනුවෙන් දිනෙන් දින තවත්, තව තවත් බැදෙනු ඇත.

එබැවින් වයින් නැතුවද ඔබව මත් කරන්නට ඇයට හැකි වෙනු ඇත.

නිදහස් ගැහැනිය දුකෙන් ගිලී සිටිනු දකින්නට ඔබට අපහසු වෙනු ඇත.

මන්ද ඇය ප්‍රේමයේ මිස දුකෙහි නොගිලෙන බැවිනි.

free woman

ඇය මුහුදු ලිහිණියෙකි.

ප්‍රේමය ඇයගේ පියාපත්ය.

ඇය මුහුද මතුපිට පියාසර කලත් ලුණු දියෙහි කිමිදෙන්නේ එක සැනයකට පමණි.

ඉන්පසු ඇය දියෙන් උඩ එන්නේ තවත් සුන්දරවය.

කඳුලු ඇයගේ භාෂාව නොවේ.

ඉතින් මා නැවත කියමි.

නිදහස් ගැහැනියකට ප්‍රේම කිරීම පහසු නැත!

එහෙත්,

නිදහස් ගැහැනියකගෙන් පෙරලා ප්‍රේමය ලැබීම ඊටත් වඩා සංකීර්ණය.

එය කල හැක්කේ නිදහස් පිරිමියෙකුටම පමණක්‍ ය.

මන්දයත් ඇය රැදෙන්නේ සුන්දර පිරිමි හදවතකම පමණක් බැවිනි!

 

@ Oshadee Suraweera

Copied

නවතම ලිපි