SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Madalyn Murray O Hair කියන්නේ ඇමරිකාව හෙල්ලූ කාන්තාව.

හැබැයි ඇමරිකානු මාධ්‍යය ඇය හඳුන්වා දෙන්නෙ ඇමරිකාව තුළ වැඩියෙන්ම අප්‍රසාදයට ලක්වූ කාන්තාව ලෙසින්. ඇමරිකානු නිරාගමික සංගමය ආරම්භ කර කීර්තිමත් කාන්තාව ලෙස තමයි මම ඇය හඳුන්වා දෙන්නෙ. 'කීර්තිමත්' මෙවන් කීර්තියෙන් මත්වීමට යෙදිය හැකි හරිම වචනය. ඇමරිකාවේ මුලු ජනගහනයෙන් 26% නිරාගමික වන අතර සෙනෙට් සභාවේ සිටින්නෙ එක් නිරාගමිකයෙක් පමණි. කෙසේ වුවද මැඩලින් පිළිබඳ කතාව සහ ඇයගේ අප්‍රතිහත ධෛර්යය පිළිබඳ කතාව ඉතා සිත්ගන්නා සුළුය.

america 3

1919 උපත ලබා 1995 දී ඝාතනය කරනු ලැබු ඇගේ කතාව නිරාගමිකයින් පමණක් නොව ඕනෑම නිදහස් චින්තන මත ධාරියෙකු විසින් කියවා ගත යුතු එකකි. මා මේ සටහන ඉලක්ක කරන්නෙ නිරාගමිකයිනට නොවෙ, හේතුව ඔවුන් මට වඩා මේ ගැන දැන සිටිනවා විය යුතුයි. 1963 දී ඇය විසින් මේ සංවිධානය පිහිටුවා ගත් අතර, 1986 වන තෙක් ඇය මෙහි සභාපතිත්වය දරන ලද අතර, ඇමරිකානු නිරාගමික සඟරාවේ ප්‍රථම කලාපය ඇය විසින් නිර්මාණය කරන ලදී.

ඇගේ මෙහෙවරේ ප්‍රධානම මෙහෙයුම වූයේ ඇමරිකානු රජයේ පාසැල් සහ පල්ලිය අතර තිබූ බන්ධනය බිඳ දැමීම යි. ඇය විසින් මෙය සිදු කරනු ලැබුවේ විලියම් නම් වූ ඇගේ වැඩිමහල් පුතා උපයෝගී කර ගෙනයි. නිරාගමික මතධාරිණියක්වූ ඇගේ ආභාෂය ලැබී සිටි විලියම් නැමති තම පුතු පාසැල් තුල යාතිකා කීම සහ බයිබලය කියවීම ප්‍රතික්ෂේප කරන ලදී. එහෙත් ඔහුට එය පැසැලෙන් අනිවාර්ය කල අතර එය කිරීම ඇමරිකානු ව්‍යවස්ථාවට පටහැණි බව පෙන්වමින් එකී නීතිය පාසල් වලින් සහමුලුමනින්ම ඉවත් කිරීම සඳහා ඇය නඩු මගට පිළිපන්නාය. ඒ අනුව මේ සුප්‍රසිද්ධ නඩුව ඇමරිකානු සුප්‍රීම් අධිකරණය විසින් විභාග කරනු ලදුව 1963 දී ඇය ජයග්‍රහණය කළේ අධිකරණය විසින් ද පාසැල් වල බයිබල් සහ යාඥා කියවවීම ව්‍යවස්ථා විරෝධී බව තීරණය කරමිනි. නඩු විස්තර සඳහා (https://en.wikipedia.org/.../Abington_School_District_v...)

america 7

හැබැයි මෙයාගෙ කතාව, එයා ආපු ගමන් මග එච්චර සුන්දර නෑ. වාර්තා කරනය පැත්තකට තියලා දැං අපි කතාව කියවමු. ක්‍රිස්තියානි පවුලක ඉපදුනාට මැඩ්ලින් කොමියුනිස්ට් කාරියක්. ඒත් එයා ක්‍රිස්තියානි ආගමික වද බන්ධන වල හිරවෙන්න කැමති වුනේ නෑ, එයා තම හිතු මතේ ට තම ජීවිතය වින්දා. විවාහකව සිට තවත් විවාහක රෝමානු කතෝලික අයෙක් සමග සම්බන්ධයක් පවත්වා ගත් ඇය තම විවාහක සැමියා ගෙන් දික්කසාද වුණා. පෙම්වතා තම බිරිඳ ගෙන් දික්කසාද නොවුණු නිසා, පෙම්වතාගෙන් ඝර්භනී වූ ඇය ඉතාලියෙ සිට ඇමරිකාවට පැමිණියා. පසුව තමයි විලියම් ('බිල්') බිහිකලේ. පියෙක් නොමැතිව නිදහසේ හැදුනු විලියම්ට තම මවගේ කොමියුනිස්ට් අභාෂය ලැබුණා.

america 1

ඒ අතරතුර ඇයට නීතිය පිලිබඳව උපාධියක් ලබා ගැනීමට හැකි වුවද, ඇය නීතිඥ විභාගය අසමත් වන නිසා වෘත්තීයක් ලෙස නීතිඥ වෘත්තිය කළ නොහැකි වුණ නිසා විවිධ වෘත්තීන්හි යෙදීමට උත්සාහ ගත්තා. එසේම ඇගේ දෙවැනි දරුවාද ලැබුණේ අවිවාහක පෙම්වතෙක් ගෙන්. ඒ 1954 වසරේ. කෙසේ වුවද ඇගේ පළමු දරුවා වූ විලියම් ඇතුළු වූ පාසැලට විරුද්ධව තමයි එකී නඩුව ගොනු කරන්නේ. මේ තොරතුරු ඇගේ නිදහස් ජීවිතය ගැන යමක් හෙලි කිරීම උදෙසායි.

මෙම නඩුව ජය ගැනීමෙන් අනතුරුව ඇය නිරාගමික විප්ලවවාදීන් අතර ජනප්‍රිය වූ අතර ඇමරිකන් නිරාගමික සංගමය පිහිටුවා ගැනීමට එය මහත් පිටුවහලක් වෙනවා. ස්වාධීන ක්‍රියාකාරිනියක ලෙස මහත් ජනප්‍රියත්වයක් ලබන ඇය නිසාම මෙම සංගමයට විශාල මුදල් ප්‍රමාණයක් ගලා එනවා. ඇගේ කීර්තියෙන් කීර්තිමත් වීම නිසා ඇයගේ මූලික අරමුණ අතික්‍රමණය කිරීමේ අවදානමකට ඇය මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේ එකල ප්‍රසිද්ධියට පත්වූ, මැඩ්ලින් සහ ආගමික නිරාගමික සංවාද ඔස්සේ the Phil Donahue show වැනි අති ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වෙනවා. මේ තුළින් ද ඇගේ ආයතනයට මුදල් ගලා එනවා. ක්‍රිස්තියානි ආගමික වද වලින් හිරවී වද විඳි බොහෝ නිරාගමික ධනවත් අයගෙන් මුදල් ගලා එනවා.

america 5

මේ කාලයේ දී මවට විරුද්ධව ආගමික සංවිධාන අතිවිශාල මෙහෙයුම් වල නිරත වෙනවා. ඒ විතරක් නොවෙයි, ඇය 1976 ජනාධිපතිවරණයේදී දී ජිමි කාටර්ට සහයෝගය දී ඇත්තේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පරිසරවාදී වීම, සහ පාසල් වල ලිංගික අධ්‍යාපනය අනිවාර්ය කිරීම සහ ප්‍රධාන වශයෙන් ජිමි කාටර් ගේ ප්‍රතිවාදියා නැවත වතාවක් යාඥාව බයිබල් කියවීම් නැවත රජයේ පාසැල් තුනට ගෙන ඒමේ වෑයමක් දියත් කළ හෙයිනි. ඇයගේ කාන්තා විමුක්ති ක්‍රියාකාරකම් ගැන වෙනම කතා කළ යුතුයි. එක අවස්ථාවක ඇය ප්‍රශ්න කරනවා තම ප්‍රතිවාදියා ගෙන් මැවුම්කාර දෙවියා ගැන "why you always refer God as him, wouldn't it be she" ඇයි ඔබ ඔය මැවුම්කරුට ඔහු කියන්නේ, ඒක ඇය වෙන්න බැරිද?. ඇගේ වචන එච්චරම තීවෘරයි. එනිසා තමයි මෙතෙක් එකදු කාන්තාවක් ජනාධිපති නොවූ පුරුෂෝත්තම වාදී ඇමරිකාවේ ඇයව most hated ලෙස නම් කර ඇත්තේ.

america 2

ඉන්පසු මේ 'බිල්' නම් සුරතල් නාමයෙන් හැඳින්වුණු විලියම්ට මවගේ ක්‍රියාකාරකම් නිසා යම් පසුතැවිලි වලට භාජනය වී ඔහුගේ ජීවිතයද එපා කරවීමට මැන්ඩලින් ගෙ ප්‍රතිවාදී පිළ සමත් වෙනවා. තම පෙම්වතිය සහ දියණියද අහිමි වන ඔහු මව සහ නිරාගමිකත්වයද හැරදා 1986 දී නැවත ක්‍රිස්තියානිය වැලඳ ගැනීමට පෙළඹෙනවා. දැං ඔහුගේ ක්‍රියාකාරිත්වය නැවත වතාවක් රජයේ පාසැල් පද්ධතිය ට යාඥාව සහ බයිබල් කියවීම අනිවාර්ය කිරීමයි. මැඩ්ලින් විසින් ඉන් පසුව තම පුත්‍රයා මානවවාදී ලෙසින් කිසිදිනක සමාව දිය නොහැකි පුද්ගලයෙක් බවට ප්‍රකාශ කර තිබෙනවා.

america 4

කොවුර් පිළිබඳව කියවීමත් සමග මවිසින් මේ සම්බන්ධයෙන් ලිවීමට පදනම් වුණු හේතුව ඔබට දැන් පැහැදිලි වනවා ඇති. ඇමරිකාව තුළ අප්‍රසාදයට පල වූවා යැයි කීවද ඇය විසින් කර ඇත්තේ අසහාය විප්ලවයකි. එසේම ඇය ඝාතනය සිදුවූයේ කේසේද යන්න පැහැරගෙන යාමක් වුවද, මෙවැනි අපැහැදිලි ඝාතන ඉතිහාසය යම් දිනක මෙයද හෙලි කරනු ඇත, නොඑසේ නම් ඇය අතීතයෙන් මකා දමනු ඇත. ඇමරිකාව කියන්නේ කොච්චර ආගමික රටක් ද කියන එක ඔයාලට තේරෙයි Madalyn Murray කියන නම ගහලා ඒ Video එකක් දෙකක් you tube එකෙන් ඇහුවොත්.

තොරතුරු : Wikipedia and American atheist society websitelive

 

නවතම ලිපි