SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නලින් ද සිල්වාගේ අදහස් වෙනස් වීම සහ ඔහුම පවසන එහි අරුම පුදුම ඒක දෛශිකභාවය:

ඇත්තටම නලින්ට තියෙන්නේ සාරසංග්‍රහවාදයක්. ඒකෙ විවිධ මාන තියනවා. ඒ එක්කම ව්‍යුහවාදය මත පදනම්ව ඩෙරීඩ වගේම වචන එක්ක සෙල්ලම් කරනවා.

ඊයේ දියුණුව ගැන ලියපු එක නෙවෙයි අද ලියන්නේ. අද ලියන එක පදනම් වෙලා තියෙන්නේ අපි ඊයේ එයාගේ ලිපියට දාපු කින්ඩිය මත. නලින් අපිටත් නම් නොකිය කින්ඩියක් දානවා.

(සබැඳියාව: https://www.facebook.com/nalinkalaya/posts/1561511627561557)

නලින් මෙහෙම කියනවා...

දැන් පඬි නැට්ටකු කියයි නලින්ට දියුණුවක් අවශ්‍ය වෙලා කියලා. ඉස්සර බර කරත්තෙන් අනුරාධපුරයට යෑමට කතා කළ තැනැත්තා අද අධිවේග මාර්ග ඉල්ලනවා කියා.

පඬි නැට්ටන්ගෙන් අතිවිශාල බහුතරය මගේ ලෝකය කියවල නැහැ. කියෙව්වත් තේරුම් අරන් නැහැ. මගේ ලෝකය ලියල දැන් අවුරුදු තිස්පහකට වැඩියි. මා එහි ඇති සමහර අදහස් දැන් පිළිගන්නෙ නැහැ. ඒ මගේ අදහස් වර්ධනය වෙලා නිසා.

නලින්ගේ අදහස් වර්ධනය වෙලාලු. ඒ මෙන්න මේ වගේ ඒවා වෙන්න ඇති.

නලින් ඒ කාලේ මෙහෙම ඒවා ලිව්වා (මේ වචනවලින්ම නෙවෙයි. පස්සේ අපි ඒ වචන වලින්ම හොයල දෙන්නම්)...

එදා සිංහලයාගේ නිවාස වරිච්චි, කටු, මැටි, දිරා යන කොළ වර්ග වලින් තැනුන ඒවා. ඒවා පොලවට පස් වෙනවා. නමුත් අද සිමින්තියෙන් ඉදි කරන ගොඩනැගිලි එහෙම නෙවෙයි. අද හේන හෙට කැලේ.

මෙන්න මේ වාක්‍ය කිහිපයේ තේරුම කුමක්ද ?

"මගේ ලෝකය ලියල දැන් අවුරුදු තිස්පහකට වැඩියි. මා එහි ඇති සමහර අදහස් දැන් පිළිගන්නෙ නැහැ. ඒ මගේ අදහස් වර්ධනය වෙලා නිසා. මා බටහිර තියෙන අදහසක් අහුල ගෙන ඒක සිංහලෙන් කියන්නකු නො වෙයි. මගේ අදහස්වල වර්ධනය ඇත්තේ එක දිශාවකට. ඒ දිශාව සංගතයි."

පහතින් දැක්වෙන වාක්‍යයට අනුව 'ආධිපත්‍යයෙන්' 'දැනුම' වෙන්කළ හැකිය. මෙය නලින් නිතර පවසන 'ක්වොන්ටම් ජයගොඩ' විද්‍යාව ගැන කියන කතාවෙන් වෙනස් වන්නේ කෙසේද ?

"බටහිර දැනුම් ආධිපත්‍යයට විරුද්ධවීම යන්න බටහිර දැනුම තොග පිටින් ප්‍රතික්‍ෂෙප කිරීම යැයි කියන අයට ඊනියා සමාජවාදය ගැනවත් දැනුමක් නැහැ."

නලින්ට අනුව නලින් ලියනුයේ නලින්ගේම අදහස් පමණි. එබැවින් ඔහුට අනුව ඒවා සංගතය. එසේ වන්නේ කෙසේදැයි ඔහු විසින්ම පැහැදිලි කොට දිය යුතුය.

නලින් විසින් පිළිතුරු සපයන මහේශාක්‍යය ලීලාවෙ ඇත්තේ නලින්ම "මගේ ලෝකයේ" පවසා පවසන "නැති මම" ඇති බව ඔහුටම දැනීමයි.

ඒ කෙසේ වෙතත් දැන් නලින්ට අනුව අධිවේගී මාර්ග තව තව ඉදිවෙන්න ඕන. ඒ මාර්ග වල යන්න වාහන තියෙන්න ඕන. හැබැයි හැමෝටම වාහන තියෙන්න ඕන කියල පිළිගන්නවද නැද්ද කියන එක ගැන හෙට ලිපියෙන් පිළිතුරු දුන්නොත් හොඳයි. එහෙම පිළිතුරු නොදෙනවා නම් ඒ තක්කඩි කම. මොකද ඒක තමයි තීරණාත්මකම ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට දෙන පිලුතුර මත (පිළිතුර කුමක් උනත්) අනීවාර්ය ලෙසම නලින් අමාරුවේ වැටෙනවා. එම අර්ථයෙන් 'වාහන' යන්න උදාහරණයක් පමණයි. ඒ ධනවාදය තුල තව ඕන තරම් (දරාගත නොහැකි තරම්) භාණ්ඩ හා සේවා තියන නිසා.

දැන් එයා කියන විධියට එයාගේ අදහස් වෙනස් වෙලා නම් දැන් තියන අදහස් පවා ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. අදහස් යනු ලෝකය (රට) සකස් විය යුත්තේ කෙසේද යන්න මත ඉදිරපත් වී ඇති අදහස්. අපිට නම් එහෙම ඒවා (අදහස්) නැහැ. ඒ නිසා අපිට ඒ ප්‍රශ්නය නැහැ. ඒ අප කිසිසේත්ම සමස්තීකරණයකට අදාළ ව්‍යතිරේකයක් (the Master-Signifier) ලෙස පෙනී නොසිටිනා බැවිනි. ඒ අර්ථයෙන්ම කියන්නේ නම් නලින් ඉස්මතුවීමට උත්සාහ දරනුයේ ස්වාමි චරිතයක් (Master figure) ලෙසය. ඔහු "ජාතියේ අප්පච්චි" තුලින් මූර්තිමත් වීමට උත්සාහ දරනුයේ ද එබැවිනි.

නමුත්, අපගේ ස්ථාවරය වන්නේ පරිකල්පනීය විසඳුම් ඉදිරිපත් නොකරන "විශ්ලේෂණ කතිකාව". එය බොහෝ දෙනා අකමැති, විහිළු සහගත ලෙස පෙනෙන සහ එසේ නමුත්, එසේ පෙනෙන අයටම ඉතා අපහසුදායක, දරා ගැනීමට අපහසු අතිරික්තයකි. අපගේ ප්‍රවේශය වන්නේ අපට අභිමුඛ වන්නන් තවදුරටත් ව්‍යාකූල කරන ප්‍රශ්න කිරීම සහ විහිළු සහ ප්‍රහේලිකා සමඟ පමණක් ප්‍රශ්නවලට පිළිතුරු දීමය. එසේ නොමැතිව නලින්ට මෙන් ලෝක දැක්මක් අප සතුව නොමැත. ඒ අප සියලු ලෝක දැක්මවල් ප්‍රතික්ෂේප කරන බැවිනි.

 

@ මාධව රුවන්පතිරණ

නවතම ලිපි