SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ෆ්රීඩා කාලෝ (frida kahlo) කියන්නේ කලා ඉතිහාසය ඇතුලේ මගහරින්න බැරි සුවිශේෂී චරිතයක්.

සිත්තරියක් හැටියට, දේශපාලනික චරිතයක් හැටියට ඇය හිතුවක්කාරීයි. එහෙම වන ගමන්ම ඇය ජීවිතයේ වේදනාවන් දාර්ශනික ලෝකය තුළ විඳ ගනිමින් ජීවිතය සිතුවම් කලා. බිහිසුණු රිය අනතුරකින් පස්සේ ඇගේ ජීවිතයේ සතුට අහිමිවෙන්න ගන්නවා. කොඳු ඇට පෙළ කැඩිලා යනවා. ඇගේ මව් පදවිය අහිමි වෙනවා. ඇගේ ස්වාමි පුරුෂයා වූ මැක්සිකානු චිත්‍ර ශිල්පී දියාගෝ රිවේරා ෆ්‍රීඩා සිටියදීම අනියම් සම්බන්දතාවලට යනවා. ඇගේ ලිංගික ජීවිතය අහිමි වෙනවා. මේ සියලු අහිමිවීම් අස්සේ රෝදපුටුවෙ සිට ජීවිතයේ වේදනාව සිතුවම් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ සියලු වේදනාවන් අස්සේ ඇය අන්තිමට ඇගේ සිතුවමක ජීවිතය දිනේවා කියල සටහන් කරනවා.

frida 1

මටනම් ෆ්රීඩා කලෝ කියන්නේ ලෝක කලා ඉතිහාසය ඇතුලේ icon එකක්. මෙක්සිකානු විප්ලව කාලය තුළ ජීවත් වූ ෆ්‍රිඩා කාලෝ (1907-54) සිතුවමට නඟන්නේ තමන්වම ය. ඇයගේ සිතුවම් 143න් 55ක් ම ස්වාලේඛ්‍යය සිතුවම් වන අතර ඒවා ඇගේ ශාරීරික හා චිත්තවේගීය වේදනා නිරූපණය කිරීමට සංකේතාත්මක යොමු කිරීමක් ලෙස යොදාගෙන තිබේ. ඇය ඇගේ ජීවිතය ලෙස, අපිළිවෙළකට විසිරුණු ඒවා සිතුවම් කරන අතර අපි එය එකලස් කරමින් පිළිවෙළක් සකසමින් භාර ගනිමින් සිටින්නෙමු. ඒවා දුක් වේදනා සහිත අඳුරු නිරූපණයන්ගෙන් යුක්තය. උදාහරණයක් ලෙස ඇයගේ සිතුවම් අතර "මරණය ගැන සිතීම" නමින් ස්වාලේඛ්‍යක් විය. එයින් ඇය නිරන්තරව මරණය- අනුපාතය කෙරෙහි දක්වන උනන්දුව පෙන්නුම් කරයි.

කාලරේඛීයව ඇය මුහුණදෙන අත්දැකීම් අතර, වේදනාව, ආදරය තුළ උච්ඡාවචනය වීම "My painting carries with it the message of pain" ලෙසින් ඇය ප්‍රකාශ කර සිටී.

frida 2

කලක දී රිය අනතුරකට ලක්වන ඇය මාස ගණනක් ඇවිදීමට නොහැකිව සිටි අතර එම යුගයේ ඇය කලා කෘති රැසක් නිර්මාණය කළාය. එවන් අවස්ථාවක ඇය දුක් වේදනාවන් පරිකල්පනය කරන්නේ කිසිඳු බලාපොරොත්තුවකින් තොරව ය. එය ආත්මීය හුදෙකලාවක්; ඒ හුදෙකලාව ඇය ව භක්ෂණය කරමින් තිබුණි. කාලෝ ඇගේ බිඳුණු ශරීරය පීතෘ මූලික සමාජයක් තුළ කාන්තාවන්ගේ භූමිකා විමසා බැලීමට රූපකයක් පමණක් නොව මෙක්සිකෝව සහ යුරෝපය අතර බල අරගලයේ ස්වභාවය පිළිබඳ ව ප්‍රශ්න මතු කිරීමට යොදා ගනී.

frida 4

1939 දී මැක්සිකානු චිත්‍ර ශිල්පියෙකු විසින් ජාත්‍යන්තරව පිළිගත් කෞතුකාගාරයක් සඳහා මිලදී ගන්නා ප්‍රථම කෘතිය ඇයගෙනි. එවන් උත්කර්ෂයන් හමුවේ ඇය මහත් ප්‍රසිද්ධියක් ගත් චිත්‍ර ශිල්පිනියක් ලෙස සමාජයට අභිමුඛ වන්නට විය.

මවක් විය නොහැකි බිරිඳක් ලෙස ඇය එම නොහැකියාව පිළිබඳව ද පීඩා වින්දා ය. කෙසේ නමුත් ,ඇගේ අද්දැකීම් කුමක් වුවත්, මේ තුළින් සාධනය වන සෞන්දර්‍යය අදහස ඇගේ ජීවිතය ගැන නොදත්තෙකුට කෙසේ වනු ඇද්ද? එය සම්පූර්ණයෙන් ම වෙනස් එකක් ද විය හැකිය. ඇගේ කලාව, අර්ථවත් කල ස්ත්‍රීවාදී කතිකාවේ අග්‍රගණ්‍ය ප්‍රකාශනයක් ලෙස තවදුරටත් මෙම නිර්මාණාවලිය නරඹන්නන්ගේ පරිකල්පනයට සහ සංකල්පකරණයට විවෘත වේ.

frida 3

කලා ඉතිහාසය තුළ අධිපතිවාදී කලා කතිකාව මගින් ෆ්රීඩා මගඇරෙන්නේ අහම්බෙන් නෙවි. ඉතිහාසය ප්‍රබන්ධයක්. එහිදී ඇතුළු කිරීමත් බැහැර කිරීමත් දේශපාලනිකයි. ඇය මුල් කාලයේ චිත්‍ර අඳින කොට දියාගෝ රිවෙරාගේ බිරිඳ ලෙස හැඳින්වූවද පසු කාලයේ ෆ්රීඩා කාලෝගේ සැමියා ලෙස දියාගෝ රීවේරා හැඳින්විය.

frida 5

 

@ Janaka Inimankada - ිදර්ශන 

නවතම ලිපි