SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රන්දුලා ද සිල්වා, ශ්‍රී ලංකාවේ කාන්තා කළමණාකාරීත්වය අගයනු පිණිස පිරිනමන 

woman in management (WIM) 2021 සම්මාන උළෙලේ විශිෂ්ටතම වෘත්තිකයන් 50 දෙනා අතර වසරේ පෙරළකාරිය නොහොත් game changer of the year සම්මානයෙන් පිදුම් ලැබුවා.‍

randula 1

මේ සම්මාන පිරිනමනු ලබන්නේ ලෝක බැංකු සාමූහිකයේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හෙවත් IFC ආයතනය සහ ඔස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙනි.


ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ක්‍රියාවලිය හරහා ආර්ථිකයට සහ සමාජයට ධනාත්මක මෙන්ම බලපෑම් සහගත වෙනසක් ඇති කිරීම වෙනුවෙනුයි රන්දුලාට මේ සම්මානය පිරිනමන ලද්දේ.

ගුඩ් ලයිෆ් X ආයතනයේ නිර්මාතෘ වන ඇය රට පුරා ව්‍යවසායකයන් තිරසාර සංවර්ධනයක් වෙත යොමු කිරීම මගින් සමාජයට සහ ආර්ථිකයට ඵලදායී  ප්‍රතිඵල ලඟාකර දීමට කටයුතු කරයි.

randula 3රන්දුලා, හැච් වර්ක්ස් (Hatch) ආයතනයේ ප්‍රථම ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙසත්, GIZ ශ්‍රී ලංකා ආයතනයේ  chief disruptor ලෙසත් කටයුතු කළ අතර අප රටේ ව්‍යවසායක සමාජයේ නව්‍යකරණය අතින් දැනෙන වෙනසක් ඇතිකිරීමට මුල් වුනු චරිතයක්.



අප රටේ නිර්මාණාත්මක සහ සමාජ දේශපාලන ‍ක්‍රියාකාරීත්වයන්වලද පෙරමුණ ගන්නා ඇය, මංගල සමරවීර සමග එක්ව 'ෆ්‍රීඩම් හබ්' ආයතනය ඇති කරමින් තරුණ දක්ෂතා හඳුනාගනිමින් ඒවා පෙරට ගැනීමේ වැඩසටහනෙහිද පුරෝගාමී වුනා. මේවනවිට ඇය ' ෆ්‍රීඩම් හබ්' ආයතනයේ සභාපතිනිය ලෙස ද කටයුතු කරයි.

සිනමා සහ කලාත්මක අංශයන්වලද ඇය විසින් විශේෂයෙන් කතා කළ යුතු නව්‍ය හඳුන්වාදීම් සිදු කර තිබෙනවා.

 

@theleader.lk

නවතම ලිපි