SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“සෑම සුපතල කෙනෙකුට ම, පවුලකට ම, එපමණක් නොව දේශපාලන පක්ෂයකට පවා..

තම තමන්ගේ අල්මාරි තුළ ඇට සැකිළි තිබෙනවා.”

ඇනිට්රා නෙල්සන් ලියූ 'විප්ලවයේ සේවිකාව' නැමැති නාට්යය ඇරඹෙන්නේ ඒ වැකියෙන්.

නාට්‍යයට පසුබිම් වන්නේ කාල් මාක්ස් සහ ඔහුගේ ගෘහ සේවිකාව වූ හෙලන් ඩෙමුත් අතර පැවති රහසිගත පෙම් සබඳතාව. හෙලන් මාක්ස්ගේ බිරිඳ වන ජෙනීගේ නිවසේ ප්රවේණි දාසියක්. ජෙනී සහ මාක්ස් අතර විවාහයත් සමග හෙලන් ඔවුන්ගේ නිවසට සින්න වෙනවා. මාක්ස් සහ හෙලන් අතර ගොඩනැගෙන රහසිගත ප්රේමය අර්බුදයට පත් වෙන්නේ ඇය ගැබ්ගැනීම නිසා. මේ අවධියේ ජෙනී ද ගැබ්ගෙන සිටින අතර මාක්ස්ගේ විවාහයත්, ඔහුගේ සමාජ ප්රතිරූපයත් රැක ගැනීමට එංගල්ස් ඉදිරිපත් වෙනවා. ඔහු හෙලන්ගේ දරුවාගේ පීතෘත්වය බාර ගන්නා අතර සෙල්ලක්කාර ජීවිතයක් ගත කළ එංගල්ස් එයට වග කිව යුතු බව සියලු දෙනා විශ්වාස කරනවා. හෙලන්ගේ දරුවා වන ෆ්රෙඩී බිළිඳු අවධියේ ම පිටමං කෙරෙන අතර දරුකමට හදා ගැනීමට පවුලකට බාර කෙරෙනවා.

එංගල්ස් සිය මරණ මංචකයේ දී මේ රහස මාක්ස්ගේ බාල දියණිය වූ තුසීට හෙළි කරනවා. ඇය ෆ්රෙඩී සිය ඥාති සොහොයුරෙකු ලෙස පිළිගන්නවා.

'විප්ලවයේ සේවිකාව' යනු මේ සිදුවීම පාදක කරගෙන ලියැවුණු අපූරු වේදිකා නාට්‍යයක්. එය රචනා කළ ඇනිට්රා නෙල්සන් මහාචාර්යවරියක්. සමාජ ක්‍රියාකාරිණියක්.

 

helan 9

නාට්‍යයේ අරමුණ වන්නේ දාර්ශනික ලෝකය සහ ප්‍රායෝගික ලෝකය අතර වන ගැටුම සහ පරස්පරතාව කෙරතරම් ද යන්න හෙළි කිරීමයි.

මාක්ස්වාදී දර්ශනය කාන්තාමය දෘෂ්ටියකින් ප්‍රශ්න කිරීමක් ද එහි තිබෙනවා. නාට්යය දිග හැරෙන්නේ මාක්ස්ගේ ලන්ඩන් නිවසේ මුළුතැන්ගෙය තුළ. නාට්‍යයේ චරිත ලෙස ඉදිරිපත් වන්නේ හෙලන්, ඒංගල්ස්, තුසී සහ ජෙනී පමණයි.

සිදුවීම දිග හැරෙන කාලය වන විට ෆ්රෙඩී සිය මව හමු වී තමාගේ පියා කවුරුන්ද යන්න ඇගෙන් ප්රශ්න කරමින් සිටිනවා. හෙලන් සිටින්නේ එය ඔහුට හෙළි කිරීම පිළිබඳ දෙගිඩියාවක. එංගල්ස් එය වැළැක්වීමට උත්සාහ ගන්නවා. තුසී සිය වැඩිමහල් පෙම්වතාට පියාගේ අනුමැතිය ගැනීමට උත්සාහ දරමින් සිටිනවා.

 

helan 2

මේ හෙළිදරව්ව මාක්ස්ගේ පෞද්ගලික විවාහ ජීවිතය පමණක් නොව, දාර්ශනිකයෙක්, බුද්ධිමතෙක් ලෙස ලබාගත් කීර්තියත්, ඔහුගේ දාර්ශනික ඉගැන්වීම් සමුදායත් අනතුරේ හෙළීමක් වෙනවා. ඇයව වැළැක්වීමට එංගල්ස් දරන උත්සාහයත්, හෙලන් තමාගේ අරමුණ සාධාරණීකරණය කිරීමට උත්සාහ ගැනීමත් තුළින් මාක්ස්ගේ දාර්ශනික අදහස් ප්රශ්න කිරීමකට ලක් වෙනවා.

නාට්යයේ දෙබස් ඉතා ප්‍රබලයි. එසේම උතප්‍රාසජනකයි.‍

helan 5

 

ඒංගල්ස් - හෙලන්, ඇත්ත එලියට ආවොත් ජෙනී ළමයි තුන්දෙනාවත් අරන් ආපහු ජර්මනියට යාවි. මාක්ස් කාලකන්නි පිලස්තීනුවො මාක්ස්ට හිනා වෙන්න පටන් ගනීවි. උන් බලාගෙන ඉන්නෙ ඒකට....

හෙලන් - එතකොට මගේ පුතා ඒ වෙනුවෙන් ජීවිතේ දන් දෙන්න ඕනැ?

ඒංගල්ස් - අනේ හෙලන්, ඔයා ඔයාටම රිදව ගන්න එපා. මාක්ස්ට තව ළමයි තුන් දෙනෙක් ඉන්නවා, ලන්ඩන්වල තියා ගන්න. එයාට ජර්මනියෙ ඉඳන් වැඩ කරන්න බෑ. කමියුනිස්ට් පක්ෂෙ ඉන්න විරුද්ධවාදියො එයාට මඩ ගහන්න බලාගෙන ඉන්නව කියල ඔයා දන්නවනේ. ඒක පක්ෂය විතරක් නෙමෙයි ලෝක කම්කරු විප්ලවයම අනතුරේ දැමීමක්....

හෙලන් - එතකොට මම කවු ද? ඒ විප්ලවයේ සේවිකාව ද?

හෙලන් - මාක්ස් ලෝකෙ වෙනස් කරන්නෙ නෑ. එයා කම්කරුවන්ව උසි ගන්නනවා. එයාගෙ විප්ලවේ තියෙන්නෙ කඩදාසිවල. එයා වෙනස් කරන එක අපි වගේ කම්කරුවන්ට කර ගන්න කියල පැත්තකට වෙනවා. මාව තමා පෙළපාලියෙ මුලින්ම යවන්න තෝරගෙන ඉන්නව ඇත්තෙ.

ඒංගල්ස් - ඔයා හරි ම ශක්තිමත් ගෑනියෙක් හෙලන්.

හෙලන් - මට ඕනැ මගේ පුතා ඉස්සරහ ශක්තිමත් වෙන්න. කාල් මට දරුවෙක් දුන්න නෙමෙයි. එයා මගෙන් දරුවෙක් ගත්තා.

ඒංගල්ස් - මාක්ස් ඔයාට උපරිමෙන් ආදරේ කරනවා.

හෙලන් - මගේ දරුවට තාත්තෙක් ඕනැ.

ඒංගල්ස් - හෙලන්, ඔයාගෙ කාල් එයාගෙ දාස් කැපිටාල්වල මේ කාලකන්නි ලෝකය බරපතළ විදිහට විවේචනය කරනවා. එයා ලියනවා, ඔය දෙන්න අතරෙ තියෙන ආදරේ පිළිගැනීමකට ලක් වෙන, ඔයාගෙ දරුවගෙ සහජාතක බව පිළිගැනීමකට ලක් වෙන ලෝකයක් ගැන.......

හෙලන් - මට ඕනැ කරන්නෙ ඒ ආදරේ ඇත්තක් වෙන්න....මේ දැන්.

(නාට්‍යයේ රචිකාව වන ඇනිට්‍රා නෙල්සන්, මාක්ස් නිවසේ සේවිකාව වූ හෙලන් ඩෙමුත්, නාට්‍යයේ පෝස්ටරය සහ නාට්‍යයේ ජවනිකා ඡායාරූපවලින් නිරූපිත වෙනවා.)

 

 

 

නවතම ලිපි