SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉසිප්‍රියා

මේ මළවුන්ගේ මාසයයි

මේ නොවැම්බරයත්

හරිම සීතයි.....!

සත්‍යය අදත්

මේ බිමේ හරි තිත්තයි

අසත්‍යම

දළු ලා මෝරයි....!!

නුඹව නිරුවත් කර

කෙලෙසූ තිරිසනුන්

උත්කර්ෂයට නංවයි....!!!

වීරත්වයේ කිරුළු පළඳියි.....!!!

බුල් ඩෝසරයෙන් උන් කැණපු

මරණයේ සමූහ මිනී වල

උඹට සන්තෝෂයි ....!!!!!!

උඹේ මරණයට එරෙහිව අදත්

වදනක් කියාගත නොහැකිව

රණවිරු ලෝකයක..????

මැරී-මැරී උපදින

අපේ ජීවිත

අපිටමත් හරි අප්පිරියයි........!!

 

 

2019/11 /11

 

supriya 4

නවතම ලිපි