SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද පුංචි වෙලාවක් හොරෙන් අරන් ජීවිතේ තවත් පාරකට පරාක‍්‍රම නිරිඇල්ලයන්ගේ සිරිමැදුර බැලුවා.

ඒ චිත‍්‍රපටය රූගත කරන කාලෙ මම සිනමාව හදාරන සිසුවියක්. ඒ 1988 කාලෙ.

චිත‍්‍රපටය ප‍්‍රදර්ශණය වුනේ 89 භීෂණය රජ කරපු කාලෙ. සිරිමැදුර චිත‍්‍රපටයෙ උපසිරැසි ගැන්වීමට VHS පටයක් බලමින් මම මැක්ලියර් ෆිල්ම් ස්ටුඩියෝ එකේ හැම දර්ශණයකටම අදාළ දෙබස් එකින් එක ලිව්වා. ප්‍රේක්‍ෂකයන්ට ෆිල්ම් එක බලන්න ප‍්‍රදර්ශණය වෙන්න කලින් මම සිරිමැදුර බැලුවා.

 

මනෝ 3

ඒ වගේම මෙහි මංගල දර්ශණය දා පරාක‍්‍රම නිරිඇල්ලයන්ගේ ගෝලබාලයෝ වෙච්ච අපිට සිද්ධවුනා 1989 නොවැම්බර් මාසෙ දවසක මරදාන එල්ෆින්ස්ටන් රගහලේ පැමිණෙන ආරාධික අමුත්තන්ට අසුන් පැනවීමට.

මාත් එක්ක ඒ කාලෙ 80වෙ අපි කණ්ඩායමෙ ඉන්න කිහිප දෙනෙකුත් හිටියා. බන්ධුල ගුණවර්ධන නිෂ්පාදනය කරපු සිරි මැදුර චිත‍්‍රපටය බලන්න අනුර බණ්ඩාරනායක ඇතුළු දේශපාලනඥයින් පිරිසක් එදා එල්ෆින්ස්ටන් රගහලේ බැල්කනියේ අසුන් ගෙන හිටියා. මාලිනී අනෝජා ඇතුලු කලාකරුවනුත් ඉන්න ඇති.

එදා හරිම පුදුම දවසක් .... අපි චිත‍්‍රපට ශාලාවේ චිත‍්‍රපටය නරඹමින් සිටින මොහොතේ එළිියෙන් එකවරම වෙඩි ශබ්ද ඇහෙන්නට පටන් ගත්තා. භීෂණය රජ කරවූ එකළ රතික්‍ඥ්ක්‍ඥා හඩ අපට ඇසුනේත් වෙඩි හඩ වාගේ. ඒ ශබ්දයට චිත‍්‍රපට ශාලාවේ හුන් දේශපාලනඥයෝ විශාල තැතිගැන්මකට ලක්වුනා. ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂාව පිළිබඳව ගැටළුවක් මතුවන ප‍්‍රමාණයටම. වර්තමානයේ මෙන් ඇමතිවරුන්ට මන්ත‍්‍රී වරුන්ට ටී56 ගත්ත ආරක්‍ෂක බලමුළු එදා හිටියෙ නැහැ.

ඒ ශබ්දය සමග දේශපාලනඥයෝ වහා පුටු වළින් බිමට පහත්වුනා.

 

ගමනායක 1

උපතිස්ස ගමනායක

 

මද වේලාවකින් දැනගන්නට ලැබුනා ඒ රතික්‍ඥ්ක්‍ඥා හඩක් කියලා. රතික්‍ඥ්ක්‍ඥා පත්තුවන්නට හේතුව අපිට ආරංචි වුනා. ඒ ජනතා විමුක්ති පෙරමුනේ ප‍්‍රධාන පෙලේ මහා මිනිසෙකු වූ උපතිස්ස ගමනායක සහෝදරයා ව වෙඩි තබා ඝාතනය කිරීමෙන් ලද ආරංචියට මරදාන එක්සත් ජාතික පාක්‍ෂිකයො රතික්‍ඥ්ක්‍ඥා පත්තු කරලා කියලා.

අද නැවත ජාතික චිත‍්‍රපට සංස්ථාවෙදි සිරිමැදුර නරඹද්දි මට ඒ අතීත මතකය සිහි ගැන්වුනා. ගමනායක සහෝදරයා ජීවිතය කැප කළ සටන අද දියාරුවෙලා ගිහිල්ලා නැවතිලා තියෙන්නෙ කොතැනටද කියලා මම හිතුවා. විජේවීර බිරිඳ දරුවන් අද ගෙවන ජීවිතයට වග කියන්න ඔිනෙ කව්ද කියලා මම හිතුවා.

අද ධර්මසිරි අයියා එයාගෙ චිත‍්‍රපට සංරක්‍ෂණය නොවීම පිළිබඳව ආවේගයෙන් කතාකළා. ධර්මසිරි අයියගෙ තුන්වෙන යාමය චිත‍්‍රපටය කොහේ දෝ චිත‍්‍රපට ශාලාවක අස්සකට දාලා තිබිලලු. ඒවා විනාශ වෙලා.

මනෝ 4

 

83 ජූලි කලබල කාලේ ලාංකේය සිනමාව කියලා අපි කතාකරන හුඳුන්වන අතීත සිනමාවේ බහුතරයක් දෙමළ නිෂ්පාදකයන්ගෙ සිනමා ශාලා ගිනි තියලා, ස්ටුඩියෝ ගිනි තියලා, චිත‍්‍රපටවලට ගිනි තියලා විනාශ කරද්දි ලංකාවෙ සිනමාවේ 50 %වඩා චිත‍්‍රපට විශාල ප‍්‍රමාණයක් ගින්නෙන් දැවෙද්දි ඒ අධ්‍යක්‍ෂවරුන්ටත් නිෂ්පාදකවරුන්ටත් ධර්මසිරි අයියට අද දැනෙමින් තියෙන තරහා, කෝපය ,දුක, පීඩාව ඊටත් වඩා දැනෙන්න ඇති.

කේමදාස මාස්ටර්ගෙ සිනමා සංගීතයෙන් වර්ණ වූ රිදී තිරයේ වටිනා චිත‍්‍රපට බොහොමයක් වර්තමාන ලාංකේය සිනමාවට අහිමිව තිබෙනවා. ඒ චිත‍්‍රපට සංරක්‍ෂණය කරන්න ට ජාතික චිත‍්‍රපට සංස්ථාව අපොහොසත් වීම නිසා.

ධර්මසිරි අයියා කිව්වා එයාගෙ මරනෙන් පස්සෙ එයාගෙ චිත‍්‍රපට කඩාගෙන කෑවත් එයාට කමක් නැහැ කියලා. ඒ වගේම ධර්මසිරි අයියා කිව්වා එයා සිනමාශාලාවකට ගියවෙලාවක චිත‍්‍රපටයක් බලන්න ප‍්‍රදර්ශන පුවරුවල තිබුන චිත‍්‍රපටය නෙමේලු ප‍්‍රදර්ශණය වෙන්න පටන්ගත්තෙ 'පත්තිනි' චිත‍්‍රපටයලු. සිනමාශාලාවේ සේවකයෙකුගෙන් ඇහුවහම ප‍්‍රදර්ශන පුවරුවල තියෙන චිත‍්‍රපටය ඇයි පෙන්වන්නෙ නැත්තෙ කියලා 'පෙන්නන චිත‍්‍රපටය බලන්න බැරිනම් යනවා ඔියි කියලා' කිව්වලු.

 

මනෝ 5

 

ධර්මසිරි අයියා කියනවා ඇයි අපි ඒ වගේ කතා අහන්නෙ ... කෝ මේ කලාකරුවන්ට තිබුන බලය කියලා. වර්තමානයේ සිනමාවේ බල මාෆියාව තියෙන්නෙ සිනමා ප‍්‍රදර්ශකයන්ට බව තමයි ඒ ධර්මසිරි අයියා කියන්නෙ.

ධර්මසිරි අයියා අහනවා කෝ දැන් ඒ බලය කියලා. ධනවාදයේ ගොදුරු බවට පත්වෙලා නිසා කලාකරුවන් සතුව තිබූ ඒ බලය නැවත් අත්පත් කරගත් යුතුයි කියලා කිව්වා.

වර්තමානයේ බොහෝ කලාකරුවො යැයි කියනා පිරිස් බහුතරයක් විවිධ පක්‍ෂවල අතකොලු බවට පත්වෙලා තියෙනවා විවිධ වරප‍්‍රසාද නිසා. මේ හින්දා කලාකරුවන් යැයි කියාගන්නා බහුතරයකගෙ කොන්ද කැඩිලා. කට ,අතපය අකර්මන්‍යය වෙලා. පැරලයිස් වෙලා .මේ සංසිද්ධිය ට නැතහොත් බිලිවීමට ලක්වෙලා තිබෙන්නේ කලාකරුවන් පමණක් නොවෙි . බොහෝ අයට මේ දේ සිද්ධවෙලා.

ධර්මසිරි අයියා කියන විදිහට මේ යටත්වීමෙන් ගෙඩ එන්න බලය නැවත ගන්න එකගවෙන්නෙ කීයෙන් කී දෙනාද?නමුත් මේ රටේ බහුතරයක් ඒ උගුලේ හිරැුවී සිටිනවා.

සිරිමැදුුර බලන්න ට පරාක‍්‍රම නිරිඇල්ල හෝ මාලිනී ෆොන්සේකා හෝ අනෝජා වීරසිංහ රවීන්ද්‍ර රන්දෙණිය යන රංගන ශිල්පීන් ශිල්පිණියන් කව්රුත් පැමිණ තිබුනේ නැහැ.

 

මනෝ 2

පරාක්‍රම නිරිඇල්ල

 

ජාතික චිත‍්‍රපට සංස්ථාවෙ එක් නිළධාරියෙක් කිව්වා 35මිමි චිත‍්‍රපට විනාශවෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් කතිකාවක් ඇති කර බළධාරීන්ගේ ඇස් අරවා හෝ මේ චිත‍්‍රපට සංරක්‍ෂණය කඩිනම් කළයුතුයි ඒ නිසා වහාම කතිකාවක් ඇති කළයුතුයි කියලා.

අපේ රටේ උද්ඝෝෂනයකින් මාරාන්තික උපවාසයකින් තොරව කිසිවක් දිනාගැනීමට නොහැකි තත්තවයකට පත්වෙලා. එහෙව් රටක සිනමාව වෙනුවෙන් මාරාන්තික උපවාසයකට එක්වන්න කිසිඳු සිනමා අධ්‍යක්‍ෂවරයෙක් නොපැමිණෙන බව ඉර හඳ වගේම විශ්වාසයි. කිසිම සිනමා රංගන ශිල්පියෙක් එවන් සත්‍යග‍්‍රයකට උදව් කරන එකක් නැහැ. ඒ තරමට ආත්මාර්ථකාමයෙන් ඔද්දල්වූ සමාජ පසුබිමක තමා මේ කව්රුත් අඩහැර පාන්නෙ.

නවතම ලිපි