SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආදරයේදී පිරිමින් කරන බරපතළම වැරදි වලින් එකක් තමයි

කෙල්ලෙකුගෙ නැත්තං ගෑනියෙක්ගෙ සියුම් හැඟීම් වලට හිනාවෙන එක. විහිලුවට ගන්න එක.

ගැහැණුන්ගේ බොළඳකම්, හුරතල් වීම් විහිලුවට ගන්න එක. ඉමෝෂනල් වෙන එක විකාරයි වගේ දකින එක.

ඕනම ගෑනියෙක් ඇතුලෙ ඉමෝෂනල් පෙම්වතියක් ඉන්නවා."පිස්සු ගෑනි"කියලා නෙවෙයි "මගේ පිස්සි" කියලා අහගන්න ආසා ගැහැනියෙක් ඉන්නවා.

 

pissu geni 5

 

ඇත්තටම ආදරයක් බිඳිලා ගියාට පස්සෙ, සම්බන්ධතාවයක් කැඩිලා ගියාට පස්සෙ හෝ දුරස් වුණාට පස්සෙ ගැහැණු මතක් කරමින් දුක් වෙන්නේ ඒ පිරිමියා තමන්ගේ හැඟීම් තේරුම් නොගත් අවස්ථා මතක් කරමින්.

එතකොට ඒ පිරිමියව ආපහු ලැබෙයි කියලා බලාපොරොත්තු තියාගන්නෙ ඒ කෙනා තමන්ගේ හැඟීම් තේරුම් ගත්ත අවස්ථා, තමන්ගෙ නොහැකියාවන් ,බොළඳ කම් වලට ඉඩ දුන්න අවස්ථා ගැන මතක් කර,කර.

පිරිමින්ගෙ සම්බන්ධතා දුවන්නෙ බුද්ධියෙන් විතරද කියලා කියන්න මම දන්නෙ නෑ. .

හැබැයි ගෑනුන්ගෙ සම්බන්ධතා දුවන්නේ හැඟීම් වලින්..

මගේ එක්තරා මිතුරියක් හිටියා. ඇයගේ ප්‍රේම සම්බන්ධතාවය බිඳෙන්න හේතු වුණ කාරණා අතරෙ ඉහළින්ම තිබුණ හේතුව තමයි කතා බහ කිරීමේ තිබූ ගැටලු..

සම්බන්ධයකට තියෙන්න පුලුවන් ලොකුම බාධාව වෙන්නෙ මොකද්ද කියලා මගෙන් ඇහුවොත් මම කියන්නෙ දැනෙන හැඟීම් නිවැරදිව හ වචන කරගැනීමේ නොහැකියාව කියලා..

හැඟීම, අදහස නිවැරදිව වචන කරගන්න පුළුවන් එක සමහර අයට උපතින්ම ලැබෙන විශේෂ හැකියාවක් වෙනවා. නැත්තං මොනව හෝ ක්‍රමයකින් ඒක වැඩි දියුණු කරගන්න සිද්ධ වෙනවා.

මම දකින සම්බනධතා වලින් සීයට අනූ අටක විතරම හැඟීම වචන කරගැනීමේ නොහැකියාව හෝ එහෙමත් නැත්තං හැඟීම වචන කරල කිව්වම අමුතු සතෙක් දිහා බලනවා වගේ බලන එක තියෙනවා.

සමහර අය කියනවා සිනමා ඩයලොග් කියන්න එපා කියලා..

තව සමහරු "හෑ ..ඔයාට මොකුත් මොලේ අමාරුවක්ද..?" වගේ බලනවා.

 

pissu geni 1

 

විශේෂයෙන් හැඟීම් වචන කිරීමේ ලැජ්ජාවක් නැතිනම් භීතිකාවක් තියන ගැහැණුන් සහ පිරිමින් ඉන්නවා . මේ කියන තත්ත්වය මතු වෙන්නේ සම්බන්ධතා වල වැදගත්ම අවස්ථාවලදී. අතිශයින් හැඟීම්බර අවස්ථාවල ඔවුන්ගේ ඔය ලැජ්ජාව මතුවෙනවා. නැත්නම් ඒ භීතිකාව මතුවෙනවා.

එතනදි ඔවුන්ගේ හැසිරීම විසුලු සහගත හෝ විකාරරූපී වෙනවා. අනෙකාට සබඳතාවය මුළුමනින්ම එපා කරවන මේ තත්වය බැලූ බැල්මට විකාරයක් පමණක් වුණත් කිසියම් කෙනෙක් විෂයෙහි එය ඛේදවාචකයක් විය හැකියි..

අපෙන් බහුතරයක් අපේ පෙම්වතා වෙනත් කෙල්ලෙක් එක්ක සමීපව ඉන්නව දැක්කම දැනෙන ඉරිසියාව දුක "ඔයා එයා එක්ක ලඟින් ඉන්නකොට මට දුක හිතුණා කියලා නොකියා දවසක් දෙකක් කැත්තට පොල්ල වගේ ඉඳලා අන්තිමට අරයා ඇයි මේ කියලා ඇහුවම අර එදා හවස හුරතල් වෙවී හිටපු එකී ගාවටම පල" කියලා කියනවා.

අහ්..වෙන පැත්තකට ගියා.

ඉතිං අර මගේ මිතුරියගේ හිටපු පෙම්වතාටත් ඔය කියන කතා බහ පිළිබඳව ගැටලුව තිබුණා. සම්බන්ධතාවය බිඳ වැටිලා කාලයකට පස්සෙ ආපහු ඔවුන් අතර මිත්‍රත්වයක් ගොඩ නැගුණා. ඇයට තේරුණා ඔහුට නැවතත් ඇයත් සමඟ තිබූ සම්බන්ධතාවයට තව අවස්ථාවක් දෙන්න ඕනකම තියෙනවා කියලා . ඇයටත් හිතුණ මේ සම්බන්ධතාවයට තව අවස්ථාවක් දීලා බලන්න.

ඇය පටන් ගත්තා මතක් කරන්න. ඔවුන්ගේ සම්බන්ධතාවයේ තිබූ ආදරණීය අවස්ථාවන්.

ඉතිං ඇය ලිව්වා ඔහුට,

"ඔයාට මං සම්බන්ධයෙන් තියෙන ආදරනීයම මතකය මොකක්ද?"

ඔහුගෙ ප්‍රතිචාරය Hahhhhahhh

ඔය ප්‍රතිචාරයෙන් පසු ඔහු මොනව කිව්වත් වැඩක් නෑ..

ඇය මඳක් හිතුවා .කිසිදාක මේ සම්බන්ධයට තවත් අවස්ථාවක් නොදිය යුතුයි කියන ස්ථාවර තීරණය ගත්තා .

ඇය ලිව්වා මෙහෙම

නොදකිං #%තා.

 

pissu geni 6

 

ඔහුගෙ ප්‍රශ්ණය ආදරය නැති කම නෙවෙයි. ඔහු දන්නෙ නෑ හැඟීම ප්‍රකාශ කරන්න..

ඒ ප්‍රශ්ණය ඔහුට හැමදාම තිබුණා. වෙන්ව සිටි කාලයේ වත් එය වෙනස් වී ඇතැයි ඇයි සිතූ නමුත් කිසිදු වෙනසක් සිදුවී තිබුණේ නෑ.

ඔය ප්‍රශ්නයට හේතුව ඔහුගේ කුඩා කාලයේ ඇති. නැතිනම් වෙනත් කායික, මානසික, සමාජීය හෝ අධ්‍යාත්මික හේතුවක ඇති. කාරණාව මොකක් උනත් කතාබහ කිරීමේ ගැටලු ඇති පුද්ගලයෙක් හා සම්බන්ධතාවක් පවත්වාගෙන යෑම ඉල්ලාගෙන කෑමක්. මට අනුව නම් ඒක නයෙක් රෙද්ද අස්සේ දා ගැනීමක්.

දැනෙන අයුරින් ප්‍රකාශ නොවන ආදරයකින් ඇති ඵලය මොකක්ද? මේ ලෝකෙ සියයට අනූ නවයක්ම වෙන්වෙන යුවල වලින් වෙනකෙකු හොයාගෙන ගිය හැම කෙනෙක්ගෙන්ම ඇත්තටම හේතුව මොකක්ද කියලා ඇහුවොත්..  කාරණාව වචන කරගන්න දන්න හැම කෙනෙක්ගෙම උත්තරය වෙන්නේ "මට දැනෙන ආදරයක් උවමනා වුණා " කියන එකයි.

පිරිමින් නිතරම උත්සාහ කරන්නේ ආදරයට ස්පර්ශීය තහවුරු කිරීම් දෙන්න. ඒත් ඇත්තම ගැහැනුන්ට ස්පර්ශීය තහවුරු කිරීමකට වඩා සිය දහස්, ලක්ෂ කෙල කෝටි ගුණයක් වටින හා අවශ්‍ය දෙයක් තමයි වාචිකමය තහවුරු කිරීම් කියලා කියන්නේ.

අප්‍රකාශිත ප්‍රේමය වඩා සුන්දරයි කිව්වට..ඔව් අප්‍රකාශිත ප්‍රේමය සුන්දරයි. ප්‍රේමයේ කොටස් විඳින්න නෙවෙයි, විඳවන්න..ඒක හොඳයි කවදාකවත් සම්බන්ධතාවයක් නොවන ප්‍රේමයකට. ප්‍රේමයක් සම්බන්ධය වුණාට පස්සෙ ..

අන්න එතකොට ඒක දුවන්නෙ හැඟීම් මත...ගැහැනුන්ගේ හැඟීම් දුවන්නේ වචන මත..

 

pissuu geni 3

 

 

ඇතැම් පිරිමින් හා ගැහැණුන් ආදරණීය වෙන්න හෝ සම්බන්ධතාවයන් මිහිරි කරගන්න දන්නේ නෑ.

ඔවුන්ට ඒක කරගන්න තේරෙන්නෙ නෑ .

පළමු ප්‍රශ්නය හැඟීම් අදහස් වචන කරන්නේ කොහොමදැයි ඔවුන් දන්නේ නෑ .

ඇත්තටම මේ ප්‍රශ්නය යම් කෙනෙකුට තියනවනම් ඒක තමන්ටම දැනෙනවා .

එහෙම දැනෙනවා නම් ඒ කෙනා උත්සහ කරන්න ඕන තමන්ට තියෙන ප්‍රශ්නය සැලකිය යුතු පමණකින්වත් ඉවත් කරගන්න .

විශේෂයෙන් කිසිම ගැහැණියෙක් තමන්ගේ හැඟීම් වචන කරගන්න බැරි, හැමදෙනාම හිතේ තියෙන දේට වඩා ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් කරන පිරිමියෙක් එක්ක සම්බන්ධයක් ඇති කර නොගත යුතුයි . මන්ද යත් එවැනි සබඳතාවයක් සෑම විටම පීඩාවන් මුල්කොටගෙන පවතිනවා.

හොඳින් මතක තියාගන්න ඕන ගැහැනුන්ගේ සම්බන්ධතා දුවන්නේ හැඟීම් මතයි..හැඟීම් වලට ගරු කිරීම, හැඟීම් සන්තර්පණය කිරීම, හැඟීම්බර මතක වලට අවස්ථාවන් හැදීම, ඇයගේ හැඟීම් බර කම කිසිදාක විහිලුවට නොගැනීම මෙන්ම ඇයගේ හැඟීම්බර බවට ආදරය කිරීම කළ නොහැකි නම් ඒ පිරිමියාට ඇයව සතුටින් තැබීමේ හැකියාවක් නෑ. එවිට ඇය හැමදාම හිතින් හිතමින් ඉඳීවි අර ටෙලි නාට්‍යවල වගේ චිත්‍රපටි වල වගේ ලස්සනට හැඟීම් විස්තර කරන පිරිමියෙක් මටත් හම්බුනා නම් කොච්චර හොඳද කියලා ..

දැන් කියන්න එපා එහෙම පිරිමි මේ ලෝකෙ නැහැය, ඔවුන් ඉන්නේ අහවලාගේ පොත් වල විතරය චිත්‍රපටි වල ටෙලි නාට්‍ය වල විතරයි කියලා.

එවන් පිරිමින් ඕනෑ තරම් ඉන්නවා. ඔවුන් ලද ගැහැණු මෙලොව වාසනාවන්තම ගැහැණු බවට පත්වෙනවා.

මන්දයත් ස්ත්‍රීන්ගේ සම්බන්ධතා හැඟීම් මත දුවනවා වගේම ඔවුන්ගේ හැඟීම් වචන මත දුවනවා..

මට කියන්න ඕන වුන දේ කිය වුනාද කියලා මම දන්නේ නෑ..ඔබෙන් කාට හරි මේක ඇතුලේ ඔබව හම්බ වුණා නම් මම හරියට ලියල ඇති..

 

@ සුජාතා මැණිකේ ඉහළගෙදර

නවතම ලිපි