SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආදරේ කියන්න හෙනම හෙන පට්ට පිවිතුරු මාරම මාර වගේ දෙයක් කියන්න හැදුවට මම ඔබට යෝජනා කරනවා

ඒක ආර්ත්මාර්තකාමි වැලඳගැනීමක, වැටවැල් ගසා සීමා වෙන් කරන ඉඩමක් වගේය කියලා.....

දැන් බලන්න.

ඔබ ගස් වැල් වලට ආදරෙයි කියා සිතමු.

ඔබට එහෙමනම් මේ ලෝකෙ තියන පොදු ගස් වැල් වලට පමණක්ම ආදරේ කරමින් සාත්තු සප්පායම් කරමින් පොහොර දාල වතුර දාල රැක බලා ගන්න පුළුවන් නේද?

ඒකත් ගහට කොලට ආදරේ කරන විදිහක් තමා. එහෙම කරන අය ඉන්නවා. ඒත් ඇයි බොහෝ දෙනා වැටවල් බැඳගන සීමා ලකුණු කරගන ගහට වැලට උනුන්ට ඕනෑ විදිහට හැදෙන්න ඉඩ නොදී තමන්ට ඕන විදිහට කප්පාදු කරමින්, පොහොර දමමින්, සාත්තු සප්පායම් කරමින් රැක බලාගන්නෙ....?

 

patta 2

 

තමන්ට ගෙඩි කඩා ගන්න නෙමේද? ඵල නෙලාගන්න නෙමේද?තම පරිභෝජනය සඳහා නොවේද... ඇත්ත ඒක නේද?

ඔබට මිනිසුන්ටද ආදරය කල හැක.

ගැහැණු පිරිමින්ටද...

පිරිමි ගැහැණුන්ටද ආදරය කල හැක.

එය සීමා මායිම් නැතිව කල හැක. ඒත් ඇයි... මම ඔයාට ආදරෙයි. ඔයා මට ආදරෙයි.

ඔයා වෙන අයට ආදරේ වෙන්න බෑ... වගේ නිතී.?

මට දැන් අර කලින් කියපු ඉඩම මැවිල පේනවා.

ඔව් ඒක ඇත්තක්.

 

patta 1

 

මොකද එහෙම නැතිව ආදරේ කරන්න ගියොත් අනුන්ගෙ ඉඩමක ගස් වලට සාත්‍තු කරනව වගේ....

සාත්‍තු කලත් ගුටි...ඒ ගස් වල ගෙඩි කෑවත් ගුටි.

ආදරේ කියන්නෙ පරිත්‍යාගයක් කියල කිව්වට... ඒක ඇත්තටම ඒ පරිත්‍යාගය ආත්මාර්තකාමී බවේ කැඩපත් ඡායාව වගේ.

ඒක ඉතා සියුම් නිසා අල්ලගන්න බෑ.රැවටෙනවා!

හැබැයි වැටවල් ගහගෙන ගස් වැල් වලට සාත්තු කරනවට වඩා වනාන්තර වලට ආදරේ කරන මිනිස්සු මාර සිරා....

උන් පට්ටම ආදරණීය මිනිස්සු.

 

Patta 3

නවතම ලිපි