SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙහි නිර්මාතෘ ඉන්දියානු ගෘහ නිර්මානශිල්පිනියක වන අනුපමා කුන්දූය(Anupama Kundoo).

ඇගේ ව්‍යාපෘතියේ අරමුණ වන්නේ අඩු මිලට නිවාස විසඳුම් ලබා ගැනීම සඳහා වු රාජ්‍ය නොවන සංවිධානයක් වන වොලොන්ටේරියට් ආයතනයේ ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස නිවාස නොමැති දරුවන් සඳහා නිවසක් ලෙස ඉදිකරන ලද මූලාකෘති පරීක්‍ෂා කිරීම ය.

 

indian 3

indian housing 2

 

මෙම නිවාස සැලසුම් කර ඇත්තේ දරුවන් 15 දෙනෙකුට සහ ඔවුන් හදා වඩා ගත් දෙමාපියන් 5 දෙනෙකුට ජීවත්විය හැකි ආකාරයටය. ඇය පළමුව මැටි වලින් ගඩොල් තනා ඒවා නොපුලුස්සසාම මැටි වලින් හිර කර බුබ්බුලාකාර ලෙස ගොඩනැගිල්ල ඉදිකරයි. පසුව ඒවාට බිඳිනු ලැබු හෝ කැඩුනු පිගන් ගඩොල් කැබැලි තබා හිරකරයි. අනතුරුව මුලු ගොඩනැගිල්ලම දින දෙක තුනක් ගිනි තබයි. ඉදිකිරීම සම්පුර්ණය. ඊට සිමෙන්ති වැලි හෝ කලු ගල් අනවශ්‍යය.  නමුත් අධික ශ්‍රමයක් වැයවේ.

 

indian 4

 

නිවාසවල ජනේල සහ ග්‍රිල් සඳහා ඇය නාගරික අවශෝෂණ අපද්‍රව්‍ය භාවිතා කරයි. අනවශ්‍ය හා ඉවත දමනලද වෙළඳපොලෙන් ලබාගත් පාපැදි රෝද රාමු ජනෙල් ආකෘති සෑදීම සඳහා ද පසුව ජනෙල් ග්‍රිල් කිරීම සඳහා ද භාවිතා කර ඇත.

 

@ උපාලි ජයසිංහ

නවතම ලිපි