SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ එක ජායාරූපයක ඉන්නේ ජර්මනියේ විකල්ප පක්ෂයක ඉදිරි පෙළ නායිකාව අලිසේ වයිඩල් (Alice Weidel,AFD).

අනෙක් ඡායාරූපයේ ඉන්නේ ජර්මනියේ ලිබරල් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ විපක්ෂ නායක, විදේශ ඇමති වරයකු වූ ගියුඩෝ වෙස්ටවෙල (Guido Westerwelle ,FDP ).

තුන් වෙනි පින්තුරේ ඉන්නේ මංගල සමරවීර. ශ්‍රී ලංකාවේ ලිබරල් අයිකනයක්. පක්ෂ ගොඩක ආණ්ඩු ගොඩක දායකත්වය දුන් මිනිසෙක්.

මේ තුන් දෙනාගේම සමානකම තමයි ඔවුන්ගේ ලිංගික දිශානතිය. ඔවුන් සමාන ලිංගිකයන් සමග ඇති බැඳීම. මේ තුන්දෙනාගේම විශේෂත්වය ඔවුන් එය ප්‍රසිද්ධියේ පිළිගැනීම හා ඒ වෙනුවෙන් පෙනී සිටීම.

 

සමාන 1

අලිසේ කියන්නේ ජාතිවාදී පක්ෂයක නායිකාවක්. ඒත් වේදිකාවේ මම " සමලින්ගිකයි" කියලා පිලිගන්නකොට එදා නට්සිවාදීන් මරා දාපු සමලිංගිකයන් ගැන අදහසක් නොතිබූ මිනිසුන් ටිකක් සසල වෙනවා.  

ඇගේ දේශපාලනයත් දැඩි ජාතික වාදී නිසා. ඒත් අලීසේ එනවා කිව්වම ශාලාවල් පිරි ඉතිරි යනවා. ඒ නිභයවම ඇගේ කතාව නිසා.  Alice ගේ ජීවන සහකාරිය ලංකාවෙන් ස්විස්ටර්ලන්තයේ පදිංචියට ආපු සාරා බෝසාර්ඩ් කියන කාන්තාව. එය ප්‍රසිද්ධ දේශපාලන ජීවිතයක අවමානයට හේතුවක් නෙවෙයි. ලංකාවේ නම් සාරා විඳින නින්දා අපහාස මට හිතාගන්න පුළුවන්. ඒත් සාරා ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදිකාවක්. අලීසේ අපිට සමීප වෙන්නේ සාරා ගේ සම්වභය නිසා.

 

සමාන 2

 

Giudo ලියුකේමියා රෝගයෙන් මිය ගියා 2016 දී. මා ඔහුගේ වාග් විලාශයට හා කතාවේ ඇති ආධිපත්‍යයට හරිම කැමතියි. ඒ නිසාම ඔහු ව අධ්‍යයනය කිරීමේ යෙදුනා.

ඔහුගේ ජීවන සහකරු මරණයෙන් පසු මාධ්‍ය වල තම ශෝකය ප්‍රකාශ කළා. හඬා වැටුනා. Guido හා Alice දෙදෙනාම කුළ වද්දා ගත් දරුවන්ගේ දෙමාපියෝ. ලිංගිකත්වය හා දරුවන් ලැබීම වගේම දේශපාලනය කිරීම, ප්‍රසිද්ධියේ ජිවත් වීම ගැන ඔවුන්ට ගැටළු තිබුනේ නැහැ. ඔවුන් ගේ ලිංගික දිශානතිය නිසා ඔවුන් ගේ දේශපාලන මතය ප්‍රතික්ෂේප වුනේ නැහැ. ඔවුන්ට සමානව සලකන සමාජයක් තුළ ඔවුනට ගැටළුවක් තිබුණේ ම නැහැ.

 

සමාන 3

 

ඒත් මංගල සමරවීර මහතා ට තිබුණු අභියෝගය සුළු පටු නොවුණත් ඔහුත් කිසිම ආකාරයකින් ඔහුගේ සමලිංගිකත්වය ගැන සැඟ වීමක් කලේ නැහැ.ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටියා. නිර්යභ ලෙසම පෙනී සිටියා.

ඔහුත් Giudo ත් අතර තිබුණු සමානකම් තමයි දෙදෙනාම ලිබරල් වාදීන්. දෙදෙනාම විදේශ ඇමති වරු වෙලා හිටියා. දෙදනාම ආණ්ඩු හැදුවා. දෙදෙනාම ලෝක ප්‍රසිද්ධයි. දෙදෙනාම චතුරයි. ඉගෙන ගන්න බොහෝ දේවල් ඒ චරිත වල තිබුණා. නිහතමානි මිනිස්සු. දෙදෙනාම මිය ගිහින්..

මංගල සමරවීරට Giudo ට වගේ නිල වශයෙන් විවාහ වීමේ අයිතිය තිබු සහකරුවෙක් හිටියේ නැහැ. කුල වද්දාගත් දරුවෙක් හිටියේ නැහැ. ඒ තමයි තුන් වෙනි ලෝකයේ රටක LGBT මිනිසුන්ගේ ඉරණම. මංගල අපට කියා දෙන බොහෝ දේවල් අතර ලිංගික දිශානතිය නිසා මානුෂිය අයිතීන් අහිමි වූ රටක මිනිසුන් ගැන දෙවරක් සිතිය යුතු බවත් ඔහු ඉතිරි කර ගිහින්.

ඔහුට නිවන්සුව පතනවට වඩා ඔහු ඉතිරි කර ගිය දේශපාලන සමාජීය යථාර්ථයන් ගැන සමාජය අළුතින් දකින්නේ නම් ඒවා ගැන කතිකාවතක් ගොඩ නගන්නේ නම් ඔහුට කරන ගෞරවයක් වනු ඇත.

(මංගල සමරවීර මහතා ගේ දේශපාලන නිර්මාණ ගැන මට පෞද්ගලික ව කියවීමක් තිබේ.ඔහුද පිළිගත් පරිදි ඒ නිර්මාණ ඔහු නොකලා නම් හොඳ යයි මම අදටත් සිතමි)

 

Tikiri Subhashini Wipfler

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි