SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තුන් මසක දරු ගැබක් දරාගෙන එක්සත් ජනපද මීටර් 800 කාන්තා ඔලිම්පික් සුදුසුකම සඳහා තරග වැදුණු මේ විශ්මිත ගැහැණිය සත්තකින්ම නිර්භයත්වයේ සහ ශක්තියේ සංකේතයකි.

ඇය එසේ තරග වැදුනේ එක්සත් ජනපද මීටර් 800 ජාතික ශූරතාවය සදහා Hornet Stadium හිදී 2017 ජුනි 22 දාය.

මේ ඇය දරුගැබැක් දරා තරග වැදුණු ප්‍රථම අවස්ථාව නොවීමද විශේෂත්වයකි.

 

pregi 6

2014 ඇය සිය මාස 06 ක් වන පළමු දරුවා කුසෙහි දරා‍ මීටර් 800 ජාතික ශුරතාවය සදහා තරග වැදුනාය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මීටර් 800 කාන්තා ජාතික ශුරතාවය ඇගේ නම ඉදිරියේ පස් වතාවක් සටහන් වී තිබිණ.

ඒ වර්ෂ 2007 සිට 2015 තෙක්ය.

ජාත්‍යන්තර රන් කුසලාන දෙකක් සහ රීදී කුසලාන ත්‍රිත්වයක් අතැති ඇය 2012 පැවති ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කමටද හිමිකම් කියන්නීය.

එය ඇයට ලැබුනේ එම තරගයේදී ප්‍රථම ස්ථානය සහ තෙවැනි ස්ථානය දිනාගත් රුසියානු ක්‍රීඩිකාවන් දෙපල තහනම් උත්තේජක භාවිතාවෙන් ඔවුනගේ පදක්කම් අහිමිකිරීම හේතුවෙනි.

 

pregi 7

ඇය තරග වදින විට හැම විටම හිසේ මලක් පැළද සිටී.

ඒ ඇයි කියා වාර්තාකරුවෙක් ඇසූ විට ඇලිසියා උත්තර දී තිබෙන්නේ මෙලෙසය.

'' ඒ මලෙන් මම සංකේතවත් කරන්නෙ ස්ත්‍රීත්වය.

ඒ මල පැලදි කෙනා සකේතවත් කරන්නෙ ස්ත්‍රියට ඇති ශක්තිය.

ඒ වගේම අද මම ඒකෙන් නියෝජනය කරනවා මුලු ලෝකයේම සමස්ත කාන්තාවන්, ලෝකය පුරා විසිරී ඉන්න කලු ගැහැණුන් හා සමස්ත ගර්භනී මාතාවන් සහ ඔවුනට ඇති ශක්තිය.

 

pregi 2

 

උපුටා ගැනීමකි -

 

නවතම ලිපි