SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

19 වන සියවසේ පැවති පුරාවෘත්තයකට අනුව,

දිනක් සත්‍යය සහ බොරුව එකිනෙකා හමුවෙති.

 

බොරුව, සත්‍යයට මෙසේ පවසන්නී ය.

"අද හරිම පුදුමාකාර දවසක්!"

සත්‍යය අහස දෙස බලා සුසුමක් හෙළන්නී ය. මන්ද, ඒ දවස ඇත්තෙන් ම සුන්දර එකක් වීම නිසා ය. බොහෝ වේලාවක් එකට ගත කරන ඔවුහු අවසානයේ නොගැඹුරු ළිඳක් අසලට පැමිණෙති.

බොරුව, සත්‍යයට මෙසේ පවසන්නී ය.

"මේ වතුර ටික හරිම පිරිසිදුයි, අපි දෙන්න ම ළිඳට බැහැල නාමු?"

නැවත වරක් සැක උපදවා ගත් සත්‍යය, ජලය පරීක්ෂා කර එය ඇත්තෙන් ම ඉතා හොඳ බව දැන ගන්නී ය. ඔවුහු ඇඳුම් ගලවා තබා ළිඳට බැස ස්නානය කිරීමට පටන් ගනිති.

හදිසියේ ම, ළිදෙන් එළියට පැමිණෙන බොරුව, සත්‍යයේ ඇඳුම් ඇඳගෙන පලා යන්නී ය.

මෙයින් කෝපාවිෂ්ඨ වන සත්‍යය ළිඳෙන් එළියට පැමිණ තමාගේ ඇඳුම් ආපසු ලබා ගැනීමට බොරුව සොයාගෙන සෑම තැනක ම දුවන්නී ය. නිරුවතින් දිවයන සත්‍යය දකින ලෝකයා අවඥාවෙන් හා කෝපයෙන් ඉවත බලා ගනිති.

ලජ්ජාවට පත්වන අහිංසක සත්‍යය නැවත ළිඳට පැමිණ එහි සැඟව සදහට ම අතුරුදන්ව සිටින්නී ය.

සැඟව සිටින නිරුවත් සත්‍යය දැකගැනීමට ලෝකයා කිසිදු කැමැත්තක් නොදක්වන හෙයින්, එතැන් පටන් සත්‍යය ලෙස සැරසුණු බොරුව ලොව පුරා සංචාරය කරමින්, සමාජයේ සැරිසරයි. ෴

 

උපුටාගැනීමකි.

OSHO Group

නවතම ලිපි