SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජස්ටින් බීබර්ගේ අම්මට, ජස්ටින්ව හම්බෙන්න ඉදලා තියෙන්නේ ප්‍රේම සම්බන්දතාවයක් අතරතුරදි.

ඉතින් ජස්ටින්ගේ අම්මා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තම ඒ ප්‍රේමවන්තයා (ජස්ටින්ගේ තාත්තා) ජස්ටින්ගේ අම්මව අත අරිනවා සහ මග අරිනවා.

 

justin 2

ඊට පස්සේ ජස්ටින්ගේ අම්මට එයාගේ ගෙදරිනුත් බලපෑම් කරනවා, ජස්ටින්ව නැති කරන්න කියලා. ඒත් ජස්ටින්ගේ අම්මා ඒකට විරුද්ධ වෙනවා. එයා ගෙදරින් ගිහින් ගොඩක් දුක් විඳලා තමයි ජස්ටින්ව බිහි කරන්නේ සහ හදාවඩා ගන්නේ. ඇත්තටම ජස්ටින්ට සුන්දර ළමා කාලයක් තිබිලා නෑ. පොඩි වයසෙදිත් ජස්ටින් වීදීවල සින්දු කිව්වා කියලා තමයි එයා සඳහන් කරන්නේ.

එදා ජස්ටින්ගේ අම්මා ජස්ටින්ව නැති කරානම්....?

අද බීබර් කියන නම ලෝකයක් දැනගන්නේ නැතිවෙයි.

ඇත්තටම මම ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකේ ඉන්න හැම ගැහැණියක්ම ජස්ටින්ගේ අම්මා වගේ ශක්තිමත් වෙන්න ඕන ..මානුෂීය වෙන්න ඕන...

සැරයක් මම කියවපු ලිපියක තිබුණා, ලංකාවේ වැඩිපුරම සල්ලි හම්බකරන්නේ ඇබෝෂන් කරන වෛද්‍යවරු කියලා. ඒක එහෙම වෙන්න ඇති.

 

justin 5

වර්තමාන සමාජයේ ආදරේ කියලා කියන්නේ මොන මොනවදෝ හිස් හැගීම් වලින් පිරිච්ච රාගාධික සිතුවිලි එක්ක ගලාගෙන යන දේකට.

“ආදරෙයි නන් නිරුවත් විය යුතුයි” වගේ තේමා පාඨයක් තමයි දැන් සිස්ටම් එකේ රන් වෙන්නේ.

නූපන් දරුවෙක්..එහෙමත් නැත්නම් මිනිස් කළලයක් විනාශ කරනවා කියන්නේ ආනන්තරිය පාපකර්මයක් හා සමානයි.

හැගීම් වලට වහල්වීමකින් හෝ නොදැනුවත්කමකින් හෝ කළලයක් විනාශ කරනවා නම් ඒ පව මෙන්න මෙච්චරයි කියලා කියන්න අමාරුයි.

කෙනෙක් අද විනාශ කරලා දාන කළලයක් ..මිනිස් ජීවිතයක්..අනාගතේ..මේ ලෝකේ වෙනස් කරන කෙනෙක් වෙන්න පුළුවන් ..මේ ලෝකෙම සුවපත් කරන කෙනෙක් වෙන්න පුළුවන්..

 

justin 4

සත්ව කොට්ඨාශයේ උසස්ම කොට්ඨාශය මිනිස් කොට්ඨාශයයි..කල්ප කාලයක් පෙරුම් පුරලා කෙනෙක්ට මේ මිනිස් ආත්මය ලැබෙන්නේ..එහෙම පෙරුම් පුරලා කුසට එන කළලය හිතා මතාම විනාශ කරන්න තරම්..පව්කාර හිතක් කිසිම කෙනෙකුට ඇති වෙන්න එපා..

ආදරෙයි නම් තමන්ගේ නම් රැකගන්න.

වරදකින්..පහත් ලිංගික ආශාවකින් කළලයක් ඉපදෙනවා නම් මොන ගේමක් හරි ගහලා වදලා..හදාගන්න..

අන්න එදාට..ළමා නිවාස එහෙම නැති ලස්සන රටක් අපිට ඉතුරු වෙයි..

 

ධරණී දියානා

Ladies only පිටුවෙන්.

 

 

නවතම ලිපි