SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කෙල්ලො තමන්ගේ අතිශය පෞද්ගලික ඡායාරූපයක් ඒ පිරිමියාට යවලා, "බලලා delete කරන්න" කියනවා. ඒත් තමන් ගැන හරි පින්තූරයක් ඒ පිරිමියාගේ හිතේ save කරානම්, බලලා delete කරන්න කියලා කියන්න ඕනේ නෑ.

ප්‍රේමයෙන් මුසපත් වෙලා රාගයේ කුසපත් අදින්න ඕන වුණහම සමාදානයෙන් තැන්පත් වෙලා ඉන්න, young generation එකේ කොල්ලොන්ට කෙල්ලොන්ට කොහෙත්ම බෑ. ඒ නිසා තමන්ගේ ආදරණීය ප්‍රේමණීය වන්දනීය නන්දනීය වින්දනීය සහකරුවා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්, කරන්න කැමති, එහෙම කරලා ආශ්වාදයක් ලබන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. ඒත් මේ සංස්කෘතිය ගැන නොදන්න සමහරුන්ට මේක අසාමාන්‍යයි වගේ පේනවා.

දෙන්නෙක් අතර ඇතිවන දෙල්  දොදොල් වෙන තොල් තොඳොල් වෙන ලල් ඉගිල්ලෙන සමීප බවකදී ලිංගිකත්වය කියන දේ දෙදෙනා අතර හුවමාරු වෙනවා. ආව් ආව්.... ඒ හුවමාරුව ඉස්සර නම් වුනේ භෞතිකව. ඒ කියන්නෙ දෙන්නම මුහුණට මුහුණ හම්බවෙලා. තවත් විදිහකට කියනවා නම් ඒක offline හමුවීමක්. ඔය කියන විදිහට meet වෙලා තමයි දෙන්නම තමන්ගේ ලිංගික කටයුතු සඳහා අවස්ථාවක් උදාකර ගන්නේ. හා නැද්ද....!!! හහා... ඒත් දැන් තාක්ෂණය දියුණු නිසා භෞතික නොවන ක්‍රම වලිනුත් sex සීන් දෙදෙනා අතර හුවමාරු කරගන්න පුළුවන්. ඒ කියන්නෙ online. උදාහරණයක් විදියට තමන්ගේ නිරුවතේ, ලිංගික අවයව වල ඡායාරූප තමන්ගේ සහකරුවාට හෝ සහකාරියට යවන්න පුළුවන් චාන්ස් එක තාක්ෂණයේ ආනුභාවයෙන් අපිට තියෙනවා. මේක කියවන ඔයත් එහෙම කරලා තියෙනවනේ... ඔව්! ඔව්! ඔයා තමයි!!!! ඔයාට තමයි කිව්වේ... හරි ඒකෙන් කමක් නැහැ....

 

delete 7

දෙන්නට භෞතිකව meet වෙන්න බැරි නම්, දෙන්නම ඉන්නේ ගොඩක් දුරස් වෙලා නම්, රටවල් දෙකක නම්, ඉවසගන්නම බැරි, දරාගන්නම බැරි තත්ත්වයක් තියෙනවා නම් ඔන්ලයින් සෙක්ස් කරනවයි කියන එක පට්ට සරල දෙයක්. හැබැයි එතන පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව ගැන පට්ට බරපතල ධාරානිපාත සැකයක් තියෙනවා. නොකර ඉන්නව නම් තමයි හොඳ. ඒත් මම කිව්ව පළියට උඹලා නොකර ඉන්නේ නෑනෙ කිරි පුතේ. ඒත් ඉතිං අන්තර්ජාල ජංජාල දිහා බැලුවහම නම් අපිට පේන්නෙ online sex වලදි  ලීක් වෙන්න සහ ලීක් කරන්න තියෙන චාන්ස් එක ටිකක් වැඩියි කියලා. එහෙම ලීක් වෙලා ඇඟ සීතල වෙලා ගිය අවස්ථා වලට මුහුණ දීපු ඔයත් දැන් මේක කියවනවා ඇතිනේ. ඔව් ඔව් හලෝ.... මේ පාරත් මම කිව්වෙ ඔයාට!!! ඔව්... ඔයා තමයි!!!

ඒත් තමන්ගේ පිරිමියා ගැන අසීමිතව විශ්වාස කරන කෙල්ලො තමන්ගේ අතිශය පෞද්ගලික ඡායාරූප ඒ පිරිමියාට යවලා, "බලලා delete කරන්න" කියනවා. ඒත් තමන් ගැන හරි පින්තූරයක් ඒ පිරිමියාගේ හිතේ save කරානම්, බලලා delete කරන්න කියලා කියන්න ඕනේ නෑ. ඇත්තටම කෙල්ලො මුලින්ම ට්‍රයි කරන්න ඕනේ බලලා delete කරන ෆොටෝස්, වීඩියෝස් කොල්ලට යවන්න නෙමෙයි. මුලින්ම කරන්න ඕනේ ජීවිතේ කවදාකවත් delete වෙන්නේ නැති විදිහට කොල්ලගෙ හදවතේ save වෙන එක.

ඊට පස්සේ ඒ කොල්ලට යවන සමහර photos බලලා delete කරන්න කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. කොල්ලා කොහොමත් ඒවා බලලා delete කරනවා. කොල්ලා එහෙම කරන්නෙ , කෙල්ලව කොල්ලගේ හදවතේ save වෙලා නිසා. පිට කොන්දක් තියෙන, නියම පිරිමි හෝමෝන තියෙන පිරිමියෙක් නම් කවදාවත් කෙල්ලෙක්ගෙ වීඩියෝ එකක් ෆොටෝ එකක ලීක් කරන්නේ නෑ. ඒත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පිරිමින්ගේ පිරිමි හෝමෝන සහ පිට කොන්ද ගැන!!

 

delete 5

හ්ම්..... කෙල්ලෙක්ව තමන්ගේ හදවතේ save වුනාට පස්සේ කවදාවත් ඒ කෙල්ලට වැරදි දෙයක් කරන්න කොල්ල හිතන්නේ නෑ. ඒත් ඉතිං අපේ ජෙනරේෂන් එකේ බුවාලාට සහ බූවීලට හදවත්වල save වෙනකම් ඉවසගෙන ඉන්න බෑනෙ. ඉස්සර නම් on your mark කියලා.... get set කියලා... ready කියලා go කියුවම තමයි දුවන්නෙ. ඒත් දැන්  on your mark කියන්නත් කලින් කඩාගෙන බිඳගෙන දුවනවා. ඔව් ඒක තමයි අපේ විදිහ. වෙඩි තියලවත් නවත්තන්න බැරි දේවල් බණ කියලා නවත්තන්න බෑ කියලා මම හැමතිස්සෙම කියනවා උඹලට මතක ඇතිනෙ. ඒ නිසා ඉතිං තමන්ගේ ෆොටෝ එකක් අනිත් කෙනාට යවලා "බලලා delete කරන්න" කියන ලෙවල් එකේ වැඩ ඕන තරම් සිද්ධ වෙනවා.

 

delete 8

ඒත් ඉතිං මෙතන සිද්ධ වෙන අජූතම කුජීතම පජාතම වැඩේ තමයි ඩිලීට් කරන්න ඕන ෆොටෝස්, බලලා save කරගන්න එක. ඊට පස්සේ ලව් එක නැති උනොත්, එහෙමත් නැත්නම් වෙන මොකක් හරි තාක්ෂණික දෝෂයක් වුනොත්, දෙන්නා අතර ආරවුලක් ඇති වුනොත් අර photos, videos ලීක් වෙන්න පටන් ගන්නවා.

ඒ නිසා තමන්ගේ අතිශය පෞද්ගලික දේවල් හුවමාරු කරගන්න ඕනේ තමන්ට අතිශය විශ්වාසවන්ත අයත් එක්ක විතරමයි. සත පහකට විශ්වාස කරන්න බැරි අයත් එක්ක පෞද්ගලික දේවල් බෙදා ගත්තොත් කිරි අප්පට ඇනකොන්ඩා පැනපි වගේ සීන් එකකින් තමයි ඉවර වෙන්නෙ. එහෙනම් කොල්ලො අපි ගියා. මේ මම කියපු දේවල් නම් බලලා ඩිලිට් කරන්න එපා... බලලා හිතේ සේව් කරගන්න.

@ ලක්මිණ රණසිංහ

නවතම ලිපි