SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එවැනි වෘත්තියක්ද එවැනි කියවීමේ සංස්කෘතියක්ද ඇති ලෝකයේ එකම රට කියුබාවයි

කියුබාව විදේශ විනිමය උපයන ප්‍රධාන ආදයම් මාර්ගයක් තමයි ‘‘ හවානා සුරුට්ටු"

මේක ජාති කිහිපයකින් මිහිරි සුගන්ධයක් සහිතව විදෙස් වෙළදපොලට ඉදිරිපත්කරනව. - සැන් ක්‍රිස්ටෝබල්ස්, මොන්ටෙක්‍රිස්ටෝස්, කියුබාස් කියල. හවානාවල විතරක් තියෙනව මේ සුරුට්ටු කර්මාන්ත ශාලා සිය ගණනක්. මේ සුරුට්ටු කර්මාන්තශාලාවල වැඩ කරන සේවකයන්ට දිනපතා තමන් වැඩ කරන අතර තුර අහන්න ලැබෙනව විශ්වසාහිත්‍යයේ අනර්ඝ කෘතීන්. ඒවා ශේක්ෂිපියර්, ඇලෙක්සැන්ඩර් ඩූමා , ලියෝ ටෝල්ස්ටෝයි, මිහායිල් ෂොලහවිගේ සිට පාවුලෝ කොයියෝ, ඉසබෙල් ඇලන්ඩේ හෝ ගාබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් දක්වා විහිදෙනව.

සියලු කම්කරුවන්ට ඇහෙන්න පොත කියවන කෙනා ඉන්නේ ශාලාවෙ මධ්‍යයේ හෝ පෙරමුනේ. මේ කියවන්නාට වැටුපක් ලැබෙනව. ඔහුට හෝ ඇයට එම වෘත්තීය සඳහා ලෝක සාහිත්‍ය ගැන හසල දැනුමක් අවශ්‍යයි. මෙහිදී කියවන්නෙ පොත් පමණක් නෙවි ලෝකයේ විවිධ පුවත්පත් සහ සගරා හා කාව්‍යද ඒ අතර වෙනව.

 

කියුබාව 4

මේක කියුබන් විප්ලවයෙන් ඇතිවුන දෙයක් නෙවී. ඊට සියවසකටත් පෙර කියලයි කියන්නෙ. හැබැයි මේ කම්කරුවන් කියවීමෙන් ලත් මහා දැනුම කියුබන් විප්ලවය සාර්ථක කර ගන්න මහා මෙහෙවරක් ඉටු කලා . මොකද ඒ වෙනකොට සුරුට්ටු කර්මාන්තශාලාවල වැඩ කලා කම්කරුවන් දස දහස් ගණන්.

ඔවුනොවුන් තමන්ගේ රට ගැනත් ලෝකය ගැනත් දේශපාලනමය, සාහිත්‍යමය හා සමාජමය වශයෙන් දැනුමෙන් සන්නද්ධයි. දැනුමෙන් සන්නද්ධ මිනිස්සු එක්ක විප්ලව කරන්න ලේසියි.

ඉතිහාසඥයින් පවසන්නේ මෙම පුහුණුව 1865 දී පමණ ආරම්භ වූ බවයි. එල් ෆෙගාරෝ සුරුට්ටු කම්හලේ කම්කරුවන් තමන්ගේ කාන්සිය මකා ගැනීමට එක් සගයකු යමක් කියවීමට තෝරා ගත්හ. පසුව ඔවුන් වැටුපක් ගෙවීමට සූදානම් විය. කර්මාන්තශාලා හිමියන්ගේ මූලික ප්‍රතිරෝධය නොතකා, පුහුණුව ව්‍යාප්ත වු අතර අනතුරුව එය හවානාහි සියලු සුරුට්ටු කර්මාන්ත ශාලාවල ප්‍රධාන අංගයක් විය.

 

කියුබාව 3

කියුබානු නිදහසේ අධ්‍යාත්මික වීරයා ජෝස් මාටි වරක් ෆ්ලොරිඩාවේ කර්මාන්ත ශාලාවක සේවය කරන සංක්‍රමණික කියුබානු දුම්කොළ කම්කරුවන්ට මෙසේ පොතක් කියවීමට පැමින ඇති බව සඳහන්ය. නිව් යෝර්ක්හි ශාන්ත ජෝශප් විද්‍යාලයේ කියුබානු සංස්කෘතිය පිළිබඳ විශේෂඥ හා ස්පාඤ්ඤ භාෂාව පිළිබද මහාචාර්ය මාරියා ඉසබෙල් අල්ෆොන්සෝ පවසන්නේ මෙම රැකියාව “කියුබානු සාමූහික පරිකල්පනය තුළ විශේෂ ස්ථානයක් ගනී” යනුවෙනි.

අද වන විට හවානාහි කියවන වෘත්තිකයන් 200 කට වැඩි පිරිසක් රජයේ කර්මාන්තශාලා වල කාර්ය මණ්ඩලයේ සිටිති. කියුබානු රජය මෙම කාර්යය “ජාතියේ සංස්කෘතික දේශප්‍රේමයක්” ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

1996 දී, කුඩා දරුවන් දෙදෙනෙකු සිටින මවක් වූ ලාරා, ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස සේවය කරමින් සිටියදී ලා කොරෝනාහි කියවීමේ ඇබෑර්තුවක් විවෘතව ඇති බව දැනගන්නට ලැබුණි. ඇය අයදුම් කළ අතර එකී වෘත්තියටම අයදුම් කල පිරිමි කියවන්නන් දෙදෙනෙකු සමඟ ඇයට කියවීමේ තරගයක් ලබා දෙන ලදී.

 

කියුබාව 2

"අපි දින 20 ක් කියවීමට ගත කළෙමු ... ඡන්දය පැමිණි විට කම්කරුවන් මාව කර්මාන්තශාලා කියවන්නා ලෙස තෝරා ගත්තා." මගේ ජීවිතයේ අසීරුතම කියවීම ලැබුනේ පිදෙල් කැස්ත්‍රෝ මිය ගිය දිනයි.ඔහු නැති පාඩුවෙන් අපි හඩා වැලපුණෙමු. ඒ වේදනාව ගැන යමෙකුට හැඟෙන දේ විස්තර කිරීමට මට වචන තිබුනේ නැත," ඇය පැවසුවා

https://www.nbcnews.com/.../love-job-reading-cigar...

 

උපාලි ජයසිංහ

නවතම ලිපි