SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාරි කියුරි සහ ඇගේ නොබෙල් ත්‍යාගලාභී දියණිය!

හුඟක් අය Mari curie ගැන කතා කරද්දි කියන්නෙත්, ඉස්කෝල වල උගන්නද්දී කියන්නෙත්, ප්‍රථමයෙන්ම නොබෙල් තෑග්ගක් දිනා ගත් කාන්තාව සහ නොබෙල් තෑගි දෙකක් දිනාගත් පලමු කාන්තාව කියලයි.

නමුත් ඇගේ විශිෂ්ටත්වය එපමණක් නොවෙයි.

ඇය රේඩියම් සොයා ගත්තට පස්සේ රේඩියම් සඳහා පේටන්ට් එකක් ගන්න කියලා ඇයට විශාල පිරිසක් කිව්වා. ඇමෙරිකානු ඖෂධ සමාගම් ඇතුළු විවිධ සමාගම් ඇවිත්, ඇයට පේටන්ට් බලපත්‍රය ලබාගෙන, එම සමාගම් වලට විකුණුන ලෙස ඉල්ලා සිටියා. ඇය එය ප්‍රතික්ෂේප කළා.

mari curi 2

ඇය කීවා " ඇයට Radium සොයාගන්න තේරුණාට දැනුම විකුණන්න තේරෙන්නේ නෑ කියලා."

ඊළඟට ඇය කිව්වා "Radium තනි තනි මිනිස්සු පොහොසත් කරන්න නෙමෙයි, ඒක අයිති ජනතාවට කියලා"

"Radium was not to enrich anyone.

It's an element, It belongs to the People"

- Marie Curie -

මෙච්චර ලෝක වසංගතයක් වෙලා තියෙද්දිත්,

කොරෝනා එන්නත් වල පේටන්ට් අයිතිය තබාගෙන සල්ලි කඳු ගහන ධනේශ්වර චින්තනය ට වඩා මාරිකියුරි ලා වැනි විද්‍යාඥයන් ඉන්නේ ආලෝක වර්ෂ ගණනක් ඉහළින්!

ධනවාදයට වඩා ජනතාවාදී දැක්ම කොයි තරම් විශිෂ්ට ද?

මාරිකියුරිලා ගෙ මාවතේ පිටිපස්සෙම සාමාජිකයෙක් විදියට යන්න ලැබිච්ච එක මොන ආත්ම තෘප්තියක්ද!

බිමල් රත්නායක

නවතම ලිපි