SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එංගලන්තයේ ලැයිස්තුවක් හැදුවා..ඒ ලැයිස්තුව කොච්චර බලවත්ද කියනවනම්,

මහා බ්‍රිතාන්‍යය ගොඩනගපු, කාලයක් මුළු ලෝකයෙම බලය තම අණසක පතුරුවා ගෙන හිටපු බ්‍රිතාන්‍යයේ බලවත් රජ පවුලට සහ එහි සියලු සාමාජිකයන්ට මාස හයක් කොවිඩ් වැක්සීන් එක ගන්න ලැයිස්තුවේ තමන්ගෙ වාරය එනකම් බලාගෙන ඉන්න උනා.

එක රටක්, එක නීතියක්..., එක් ලැයිස්තුවක්...

බ්‍රිතාන්‍ය පමණක් නොව , ඉතාලිය ඇතුලු සියලු යුරෝපීය රටවල්, ඊශ්‍රායාලය සහ සියලු මැද පෙරදිග රටවල් මෙන්ම,

අපිට වඩා කුඩා ආර්ථිකයන් තියෙන ආසියාවේ බොහෝ රටවල් එන්නත්කරණය ඉතා සාර්ථක ලෙස අවසන් කරමින් සිටිනව.

ලංකාවෙ ජනතාව නන්නත්තාර වෙලා පීඩනයෙන් ඉන්න කාලේ , නිසි කල් බලල ඩොලර් මිලියන සියගණනක් වෙන්කරල ලංකා බැංකුවේ LC Open කරල BMW ,ප්‍රාඩෝ, මොන්ටෙරෝ 300 ගානක් ගේන්න ඇණවුම් කරා.

ඒත් ඔය දේශපාලක හැත්ත නිසි වෙලාවට ජනතාවට එක වැක්සීන් මිලියනක් ගේන්න ඇණවුම් කරේ නෑ.පැණි බෙද බෙද, පච බෙද බෙද හිටියා.

එංගලන්තයයි, ලංකාවයි සංසන්දනය කරන්න යනව නෙවෙයි මේ. ඇත්තටම එන්නත් දීමට සැලැස්මක් හදනව කියන්නෙ අගහරු ලෝකේ ජනාවාස හදනව වගේ සංකීර්ණ වැඩක් නෙවෙයි. ලංකාවෙ හොඳ සැලසුම් හදන මිනිස්සු ඉන්නව. සුද්දො මස් පුච්චගෙන කාල කැලේ කූඩාරම් වල ජීවත් වෙන කාලේ අපි පෙරදිග ධාන්‍යාගාරය, අනුරාධපුර පොලොන්නරු රාජධානිවල අති විශ්මිත සැලසුම් වලට නිර්මාණය වුන නගර වල ජීවත් වුන ජාතියක්.

එහෙව් ජාතියකට, දැන් පිනට දෙන වැක්සීන් එකවත් ගහන්න හරි සැලසුමක් නෑ.

 

වැක්සීන් 3

දේශපාලන හෙංචයියන්ට , නිළධාරින්ට හිතුන හිතුන විදියට වැක්සීන් කුප්පි පහ, දහය හොරෙන් කාමර වල ලැයිස්තුවට පිටින් එන්නත්කරණය වෙන එක හරිම පිළිකුල් සහගතයි.

බ්‍රිතාන්‍යයේ පදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයකු වන මා ඇතුළු බ්‍රිතාන්‍යය ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) යෙදී සිටින මිලියනයකට ආසන්න සමස්ත කාර්යමණ්ඩලයටත්,

වයස 60 ට වැඩි සියලුම වැඩිහිටියන්ටත් පසුගිය ජනවාරියේ එනම් මීට මාස 6 කට කලින් කොවිඩ් එන්නත ලැබෙද්දී,

එංගලන්තයේ කේට් කුමරියටයි විලියම් කුමාරයටයි කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන්නේ ගිය සතියේ.

මාස 6 ක් තමන්ගෙ වයස් සීමා වාරය එනතුරු ඔවුන්ට බලාගෙන ඉන්න වුනා.

බ්‍රිතාන්‍ය රැජිණට හෝ රජ පවුලෙ කිසිම කෙනෙකුට,

අගමැති හෝ මැති ඇමති කිසිම කෙනෙකුට

රටේ ඉහල වංශාධිපතියන්ට හෝ රටේ ධන කුවේරයන්ට,

ප්‍රමුඛතා ලැයිස්තුව නොසලකා හැර එන්නත් ලබා ගන්න කිසිම අවස්ථාවක් නෑ. ඉල්ලීම් කරෙත් නෑ. එහෙම ගන්නත් බෑ.

රටේ හැමෝමටම ප්‍රමුඛතා ලැයිස්තුව අනුව පොදු රෝහල් සහ මධ්‍යස්ථානවල ප්‍රසිද්ධියේ එන්නත්කරණය සිදුවෙනව.

වැක්සීන් 5

 

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ සිටින සියලු දෙනාට සහ වයස අවුරුදු 80 ට වැඩි වැඩිහිටි අයට ලැයිස්තුවේ මුල් තැන ලැබුන.

පසුව වයස 70 , 60 , 50, 40, 30 , 20 වශයෙන් අනු පිළිවෙලට එනනත්කරණය අවසන් කරමින් සිටිනව.

සෞඛ්‍ය සේවයෙ නියතු අයගේ පවුල්වල කිසිම සාමාජිකයෙකුට මුලින් එන්නත් දීමක් සිදු නොවූ අතර, ඔවුන්ගේ වයස් සීමාව එනතුරු ලැයිස්තුවේ බලාගෙන සිටිය යුතුවිය.)

එක රටක්, එක නීතියක් නම් වූ ඉතා ආකර්ශනීය ලේබලය යටතේ.. ලංකාවෙ කොවිඩ් එන්නත්කරණය සිදුවෙන හැටි දැක්කම ආණ්ඩු හදන්න කඩේ ගිය අපිට ඇත්තටම ලැජ්ජයි.

දේශපාලන හෙංචයියන්ට සහ රාජ්‍ය නිළධාරීන් සහ හිතවතුන්ට ලැයිස්තුවට පිටින් එන්නත්කරණය මේ වන විටත් සිදු වෙමින් තියෙනව.

එක එකාට ඕන ඕන විදියට තැනින් තැන හොරෙන් කාමර වල, පෝළිමට පිටින් එන්නත්කරණය වෙමින් තියෙනව,

පැය තුන හතර සාමාන්‍ය ජනතාව දහස් ගණන් අව්වෙ පෝලිම්වල ඉද්දි, අදාළම නැති පිරිස් පෝළිමට පිටින් ඇවිත් ගහගෙන යනව.

මා දන්න ලංකාවෙ හිතවතුන් කිහිපදෙනෙක්ම කිසිම ලැයිස්තු ප්‍රමුඛතාවයක් නොමැතිව වැක්සීන් එක අරගෙන තියෙනව.

ඒක ඔවුන්ගේ වැරැද්දක් නොවන අතර රටේ තියෙන අවිධිමත් දූෂිත ක්‍රමයේ වැරැද්දක්.

මේ වනවිට ලංකාවෙ වයස 60 ට වැඩි දෙමව්පියන් දහසකට වැඩි සංඛ්‍යාවක් කොවිඩ් වලින් මිය ගිහින් තියෙනව.

 

වැක්සීන් 2

දේශපාලකයන්ගෙ පවුල්වල අය, උන්ට බලයට එන්න උදව් කරපු දේශපාලන හෙංචයියන්ට සහ උන්ගෙ පවුල් වල අයට මුලින්ම එන්නත් දෙන්න ඕන නිසා වයස් සීමාව 30 කරපු එක ඉතාම වැරදියි. අමානුෂිකයි..

කොවිඩ් මරණ අවධානම ඉතාම වැඩිම වයස අවුරුදු 60 ට වැඩි වෙද්දි, මරණ අවධානම ඉතා අඩු අවුරුදු 30 අයට එන්නත් දීම ඉතා අමානුෂික තීරණයක්.

ලොව සියලුම රටවල එන්නත්කරණයේ ප්‍රමුඛතාවය දුන්නෙ වයස අවුරුදු 60 වැඩි අයට. ඒත් ඒක ලංකාවෙ උනේ නමට විතරයි . වයසක අම්මල තාත්තල ගෙවල්වලම මිය යනව.

බ්‍රිතාන්‍යට මුල්ම වැක්සීන් තොගය මිලියන ගණනක් ලැබුනෙ නෑ. මිලියන 67 ක ජනතාවකටම ලැබුනෙ එන්නත් මාත්‍රා ලක්ෂ 8 යි. ලැබෙන විටම , ප්‍රමුඛතා ලැයිස්තුව, දෙන ස්ථානය, කාර්ය මංඩලය, දෙන පිළිවෙල හැදුව.

මට වැක්සීන් එකත් අරන්, එතනදි පොටෝ දෙකකුත් ගන්න උපරිම විනාඩි 10 ක් විතර යන්න ඇති.

ඒ තරමට ලස්සනට සැලසුම් කරල තිබුන. රස්තියාදු නෑ. රණ්ඩු නෑ ,පෝලිම් නෑ දේශපාලන හෙංචයියන් නැහැ.

ලංකාවෙත් සැලසුම් හදනව, හැබැයි ඒ නමට, ඒව ක්‍රියාත්මක වෙන්නෙ නෑ.

මොන සැලැස්මක් හැදුවත් ඒක ක්‍රියාත්මක වෙන්නෙ ගොබ්බ දේශපාලකයන්ටත් උන්ගෙ වටේ ඉන්න දූෂිත රාජ්‍ය නිළධාරීන්ටත්.,

උන්ට පහසුකම් සපයන දේශපාලන හෙංචයියන්ටත් මුලින්ම වාසිය ලැබෙන විදියට.

පසුගිය දශක කිහිපය තුළ රටේ පොදු මහජනතාව ගැන පොඩ්ඩක්වත් හිතන එක ආණ්ඩුවක්, එක දේශපාලන නායකයෙක් මේ ලංකා පොළවෙ බිහිවුනේ නෑ.

බොරු දේශප්‍රේමී වෙස් දාගෙන ඉන්න කපටි නරි රැලක් යටතේ මුළු මහජනතාවක්, මතු උපදින තව පරම්පරා 7 කට මෙහෙම ශාපලත් දේශයක් උරුම වෙනවට වඩා අපේ දුක්විඳින මහජනතාව එදා බ්‍රිතාන්‍ය සුද්දන්ගෙ යටතෙම හිටිය නම් මීට වඩා සියගුණයකින් හොඳයි කියා හිතෙන වාර අනන්තයි.

අපිට හැම අවුරුදු 5 කට සැරයක්ම වරදිනව.

ඒ ඇයි දන්නවද ?

අපි ආණ්ඩුවක් පත් කරනව. ඊට පස්සෙ ජනතාව පක්ෂය ඔළුවෙ තියාගන්නව. අනේ අපේ ආණ්ඩුවනෙ කියල හැම ගොබ්බ වැඩේ දිහාම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නව.

ආණ්ඩුවක් පත් කලාම ඇත්තටම අපි ඉන්න ඕනෙ මැද.

මැද ඉඳගෙන ආණ්ඩුව දිහා බලන්න ඕනේ.

අපි පත් කරපු ආණ්ඩුව ගන්න හැම ගොබ්බ තීරණයකටම අණ්ඩුව පැත්ත ගන්නවනම් අපි අමුම අමු ගොබ්බයෝ..

ඒ වගේම ආණ්ඩුවක් ගන්න හොඳ තීරණයක් හොඳ වැඩක් තියෙනව නම් පක්ෂ භේද නැතුව සහයෝගය දෙන්න ඕනේ. එහෙම නැත්නම් උනුත් කාලකණ්ණි.

රටේ මුළුමහත් ජනතාවම හරි පැත්තෙ, සාධාරණ පැත්තේ හිට ගන්න ඕනේ. ජනතා බලය, බලවත් වෙන්නෙ එහෙමයි.

එතකොට ආණ්ඩු වලට ඕන ඕන විදියට හොරකම් කරන්න. ඩීල් දාන්න බැහැ.

ජනතා බලය, බලවත්ව කේන්ද්‍රීය වනතාක් මේ ඔබ අපි පත් කරන ආණ්ඩු, කවදාවත් ලංකාව ගොඩදාන්නෙ නෑ.

 

සුරංග විදානගේ ගේ මුහුණු පොතේ සටහනක්

නවතම ලිපි