SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හතළිහ දශකයේ මැද භාගයේ ලන්ඩනයේ වාස්තුවිද්‍යා සංගමයට පැමිණෙන වර්ණවත් සිල්ක් සාරියෙන් සැරසුන ආසියාතික පෙනුමක් ඇති සුන්දර කාන්තාවක් එහි සිටි බොහෝදෙනාගේ සිත් ඇදබැඳ ගැනීමට සමත්විය.

වාස්තුවිද්‍යාව ඉගෙන ගැනීමට පැමිණි තරුණ සිසුන් අතර ඇයගේ බෑගය සහ ආම්පන්න උසුලාගෙන යාමට තිබුණෙ තරඟයකි.

ඇය ලංකාවේ ප්‍රථම නූතන ගෘහ නිර්මාණ ශිල්පිනිය වූ මිනෙට් ද සිල්වායි. නිදහස ලැබීමෙන් පසුව නැවත ලංකාවට පැමිණි ඇය මහනුවර පිහිටි තම නිවසේ කාර්යාලයක් විවෘත කර වෘත්තීය ගෘහ නිර්මාණ ශිල්පිනියක් ලෙස රැකියාව ආරම්භ කළාය. ඇය එවකට ලෝකයේ සිටි තමාගේම නමින් ගෘහ නිර්මාණකරණ ව්‍යාපාරයක් ආරම්භ කල කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකි.

 

architec 4

පනහේ දශකය ඇයගේ ගෘහ නිර්මාණකරණයේ ස්වර්ණමය යුගය විය. ඉන්පසු ජෙෆ්රි බාවාගේ ආගමනයත් සමඟ ඇයගේ වෘත්තීය ජීවිතයේ පරිහානිය ආරම්භ විය. ජෙෆ්රි බාවා ලාංකික ගෘහ නිර්මාණකරණයේ ප්‍රමුඛතමයා ලෙස බුහුමන් ලැබුවත්, මිනෙට් ද සිල්වා නූතන යුරෝපීය ගෘහ නිර්මාණ සම්ප්‍රදායන් හා දේශීය සම්ප්‍රදායන් එක් කරමින් කල පර්යෙෂණ බාවාගේ පසුකාලීන විශිෂ්ඨ නිර්මාණ සඳහා බලපෑමක් සිදුකර ඇතැයි පැවසේ.

එකල පිරිමින්ගේ යැයි සැලකුනු රැකියාවක යෙදුන කාන්තාවක් නිසා වෘත්තීය ජීවිතයේ දී ඇයට මුහුණ පෑමට සිදුවූ අසීරු අවස්ථාවන් ගැන තම සමීපතමයන්ට පවසා ඇත.

" කාන්තාවක් වීම නිසාම මා ප්‍රතික්ෂේප වී තිබෙනවා. කවදාවත් මගේ නිර්මාණ බැරෑරුම් ලෙස සලකා නෑ. "

ජීවිතයේ අවසාන කාලයේ ආර්ථික අපහසුතා වලින් පෙලුන ඈ හුදකලා ජීවිතයක් ගතකර ඇත. නාන කාමරයේ ඇදවැටීම නිසා දැඩි ලෙස රෝගාතුර වී සිටියදී සොයාගෙන ඇත්තේ දින කිහිපයකින් පසුවය. මහනුවර මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව හුදකලාවම ඇය තම ජීවිත ගමනට සමුදී ඇත.

Dí Hàn Xiānshēng

උපුටාගැනීම අමා ශාක්‍යා කැටිපෙආරච්චිගේ මුහුණු පොතෙන්.

 

architec 2

 architec 5

 

architec 3

 

architec 6

 

architec 7

 

architec 8

නවතම ලිපි