SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපේ කලා ලෝකයේ අහිංසක සිනහවකින් නිරන්තරයෙන්ම මුහුණ සරසාගෙන ඉන්න සුන්දර දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්

වගේම ආදරණීය රූපලාවන්‍ය ශිල්පිනියක් තමයි නිලිමිණී තෙන්නකෝන් කියලා කියන්නේ. පුංචි දැරියකගේ, පාසල් සිසුවියකගේ, නව යෞවනියකගේ ඉදන් වයෝවෘද්ධ කාන්තාවකගේ භූමිකාව නිරූපණය කිරීම දක්වා ඉතා විශාල පරාසයක රංගන කුසලවයකින් හෙබි නිල්මිණී තෙන්නකෝන් නම් වූ ප්‍රවීණ රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් එක්ක එකතුවෙමින් ඇයගේ පෞද්ගලික ජීවිතේ ගැන වගේම ඇයගේ අලුත්ම කළා කටයුතු ගැනත් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ.

nilmini 7

අද ඔබ මගෙන් දකින්නේ ජීවිතේ ගිරිකුලක් නැගගෙන ආපු අම්මා කෙනෙකුගේ මුහුණේ ඇති ජයග්‍රාහී බව වෙන්න ඇති. මගේ දුව උසස් අධ්‍යාපනය හදාරාලා මෙඩිසින් වලට ඉගෙන ගන්නවා. දැන් වසංගත උවදුර නිසා ඔන්ලයින් ක්‍රමේට අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ. මෙයයි මම කැමැත්තෙන් හිටපු දෙය. ඉදිරියේදී වැඩිපුර අධ්‍යාපනය සඳහා දුව විදේශ ගත වේවි.

මම කාගෙන්වත් සත පහක උදව්වක් නැතිව කොටින්ම උසාවියකින් නියම වුනු මුදලක්වත් ගත්තේ නැතිව මගේම උත්සාහයෙන් මන් මගේ දුවව අද මේ තැනට අරගෙන එන්න පුදුමාකාර වෙහෙසක් අරගෙන තියනවා. කොටින්ම මට මාව අමතක කරලා දාන්නත් වුණා. රෑ දවල් නැතිව මහන්සි වෙන්න වුණා. අදටත් මහන්සි වෙන්නේ දුවගේ ජීවිතේ ලස්සන කරන්න ඕනේ නිසා තමයි. දරුවෝ හැමදාම චූටිවට අපි ළඟ දැවටි දැවටි ඉන්නවානම් අපි කැමතියි. දුව දකිද්දී මම මගේ තරුණ කාලේ එහෙන්පිටින්ම දකිනවා. වෙලාවකට මගේ ඇස් තෙත් වෙනවා. මෙහෙම දරුවෙක් ලැබෙන්න මන් පින් කරලා තියනවා නේද කියලා හිතෙනවා.

දුව පාඩුවේ ඉන්න කැමති ලජ්ජාශීලි දරුවෙක්. පින්තූර වලට උනත් මම කතා කර ගන්නේ හරිම අමාරුවෙන්. ඉදිරියේදී රඟපෑමට ඒවි කියලා නම් හිතන්න බැහැ. හැබැයි දුවට හොඳ රසවින්දයක් තියනවා. එයා අධ්‍යක්ෂණයෙන් තැනකට එනවානම් මමත් හරිම කැමතියි. මම අඩ අඩා නැගිටපු ගැහැනියක්. දුව එක්ක ජීවිතේ තනි වුනාට පස්සේ මට ජීවත් කරවන්න දරුවෙක් ඉන්නවා නේද කියන දේ මුලින්ම හිතට ආවා. ඒත් එක්කම දැනුන ශක්තිය නම් කියලා නිම කරන්න බැහැ. ඒකට දරුවෙක් එක්ක ගැහැනියක් තනි වෙන්නම ඕනේ. මන් පුදුම විදිහට වැඩ කරන්න පටන් ගත්තා. තත්පරයක්වත් මන් අපතේ හරියේ නැහැ. දවසක අවසානයේ මහත් වෙහෙසක් දැනුනත් දුව දිහා බලපුවහම ඒ වෙහෙස එහෙන්මම නැති වෙලා ගියා. අවුරුදු ගානක ඉදන් අදටත් මම අප්‍රමාණ වෙහෙසකින් මගේ වැඩ කටයුතු කරනවා. දරුවෙක් එක්ක තනි වුනාම අම්මා කෙනෙක්ට ඕන තරම් මහන්සි වෙන්න පුළුවන්. දරුවෙක් හරි විදිහට හැදුනාම ඒ දහඩිය අපතේ යන්නේ නැහැ. ඒ ශක්තිය තනිවුනු අම්මා කෙනෙකුගේ ඇගට ස්භාදහම ලබා දෙන දෙයක් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ. ඉතින් මේ ආදරණීය පුංචි කැදැල්ලේ සුන්දර ඡායාරූප පෙළක් ඔබට පහතින් නරඹන්නට පුළුවන්.nilmini 4

නවතම ලිපි