ඓතිහාසික කොමියුනිස්ට් ප්‍රකාශනය, අදටත් තීරණාත්මකය!
- නලින් දොඩංගොඩ විසිනි.
1844 අගෝස්තු 28 පැරිසියේදී කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් නැමති චෙස් ක්‍රීඩකයන් දෙදෙනා
මිනිස් ශ්‍රමය පදනම් කරගත් කාර්මික ධනවාදය උසස්ම තත්ත්වයක පැවති අවධියක මුණ ගැසුනි. ඒ හරහා චෙස් ක්‍රීඩාවේ උපක්‍රම යොදාගනිමින් පැවති කාර්මික ධනවාදී සමාජ සම්බන්ධතාවය පිලිබඳව දේශපාලන ආර්ථික විචාරයක් සහ ඒ සඳහා දේශපාලන දර්ශනයක් ඉදිරිපත් කිරීමට ඉදිරි පියවරක් තබන ලදී . කෙසේ වෙතත්, එහි ප්‍රතිඵලය ලෙස ඓතිහාසික කොමියුනිස්ට් ප්‍රකාශනය 1847-1848 ඔවුන් විසින් ඉදිරිපත් කරන ලදී.
පැරිසියේ ඔවුන්ගේ ඓතිහාසික මුණගැසීම නූතන කොමියුනිස්ට්වාදී දෘෂ්ටිවාදයට අඩිතාලම දැමූ අතර,ධනවාදය සම්බන්ධ මාක්ස්ගේ දාර්ශනික විවේචනය සහ එංගල්ස්ගේ කම්කරු පන්තිය සහ කාර්මික ධනවාදය පිළිබඳ විශ්ලේෂණය සමඟ ඒකාබද්ධ කරන ලදී.
කෙසේ වෙතත් 1844 සිට වසර 182 කට පසු වර්තමාන 2026 වසර වන විට මාක්ස් - එංඟලස් විසින් ව්‍යවහාරිකකව අත්දැකි මිනිස් ශ්‍රමය පදනම් කරගත් කාර්මික ධනවාදය වාෂ්පීකරණයට ලක්වෙමින් (මිනිස් ශ්‍රමය බැහර කරමින්) ඓතිහාසික තැන්මාරුවක් ගනිමින් වර්තමාන අධිතාක්ෂණික ධනවාදයට අවතීර්ණ වී ඇත.
1844 ධනවාදී නිෂ්පාදන ක්‍රමය යනු කාල් මාක්ස් විසින් 1844 දී ප්‍රකාශයට පත් කරන ලද ඔහුගේ ආර්ථික හා දාර්ශනික අත්පිටපත්වල ධනවාදය යටතේ සමාජයේ ව්‍යුහය සහ එහි ප්‍රතිවිරෝධයන් විග්‍රහයන් කරමින් වර්ධනය කරන ලද විශ්ලේෂණයයි. ධනවාදී නිෂ්පාදන ක්‍රමය කම්කරුවන් නිෂ්පාදන මාධ්‍යයන්ගෙන් වෙන් කරන බවත්, මිනිස් ශ්‍රමය වෙළඳ භාණ්ඩයක් බවට පරිවර්තනය කරන බවත්, ඒ හරහා සමාජ සම්බන්ධතාවයන් තුල ගැඹුරු ප්‍රතිවිරෝධයන් ඇති කරන බවත් මාක්ස් තර්ක කරන ලදී.
නමුත් වර්තමාන ( AI,AUTOMATION),පදනම් කරගත් අධිතාක්ෂණික ධනවාදය තුල මිනිස් ශ්‍රමය බැහරවීම නැමති තාක්ෂණික කාරණය, මාක්ස් ගේ අතිරික්ත වටිනාකම් පිලිබඳව න්‍යායාත්මකව ඉගැන්වීම තුල ( මුදල්- පාරිභෝගික භාන්ඩ නොහොත් ශ්‍රමය - මුදල් )(M-C-M)ගැටලු මතුවුවත් ඔහු විසින් දාර්ශනිකව ඉදිරිපත්කරන කරන ලද ආවේණික ධනවාදී සමාජ සම්බන්ධතාවයන් තුල උත්සන්න වෙමින් පවතින ප්‍රතිවිරෝධයන් සහ සමාජ ආර්ථික අසමානතාවයන්, සමකාලීන ප්‍රාග්ධන සමුච්ජකරණ ක්‍රියාවලිය අහෝසිවී ප්‍රතිනිශ්පාදනය ඇණහිට හිට ඇති අධිතාක්ෂණික ධනවාදය තුල වෙන කවරදාකටවත් වඩා උත්සන්න වෙමින් පැවතීම කොමියුනිස්ට් ප්‍රකාශනයේ ඓතිහාසික වටිනාකම යම්තාක් දුරකට අදටත් වලංගුභාවයක් පෙන්වයි!
# නලින් දොඩංගොඩ

