SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අඩියාලා සිරමැදිරියෙන් ඇසෙන ඉම්රාන් ඛාන්ගේ නවතම ඉරණම

 

එක් දහස් නවසිය අනූ දෙකේදී පාකිස්ථානයට ලෝක කුසලානය දිනා දුන් ආඩම්බරකාර නායකයා,

අද රාවල්පින්ඩි හි අඩියාලා බන්ධනාගාරයේ සිරකරුවෙකි. 2022 වසරේදී අග්‍රාමාත්‍ය ධූරයෙන් පහ කිරීමෙන් පසු ඉම්රාන් ඛාන්ගේ දේශපාලන සහ පෞද්ගලික ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළුණි. දූෂණ චෝදනා මත ඔහු සහ ඔහුගේ බිරිඳට පසුගිය වසරේ අගභාගයේදී වසර දාහතක සිරදඬුවමක් නියම වූ අතර, ඔවුන් දිගින් දිගටම එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරති.

 

 

 

2023 මැයි මාසයේදී ඔහුව අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්ථානය පුරා ප්‍රචණ්ඩකාරී විරෝධතා මාලාවක් පවා හටගත් අතර එයින් සිය ගණනක් අත්අඩංගුවට පත් විය. අද වන විට ඔහු වෙනුවෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හඬ නැගුවද, ලෝක බලවතුන් අද්භූත නිහඬතාවයක් රකිමින් සිටී. එහෙත් මේ නිහඬ බව බිඳිමින්, දේශපාලනයෙන් ඔබ්බට ගිය ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින්ගේ සුවිශේෂී මැදිහත්වීමක් මේ වන විට ලෝකයේම අවධානය දිනාගෙන ඇත.

 

 

ප්‍රජාතන්ත්‍රවාදය ගැන නිරන්තරයෙන් කතා කරන ලෝක බලවතුන් ඉම්රාන් ඛාන් වෙනුවෙන් සෘජුව මැදිහත් නොවීමට ප්‍රධාන හේතුවක් තිබේ. ඒ ඔවුන්ගේ භූ දේශපාලනික යථාර්ථයයි. ඇමරිකාව ඇතුළු බටහිර කඳවුරට මෙන්ම කලාපීය බලවතුන්ට මේ මොහොතේ පාකිස්ථානයේ වත්මන් ෂෙබාස් ෂරීෆ් රජය සහ එරට බලවත් හමුදා සංස්ථාපිතය සමග පවතින සබඳතා අතිශයින් වැදගත්ය.

 

 

කලාපීය ත්‍රස්තවාදය මැඩලීම සහ දකුණු ආසියානු බල තුලනය පවත්වා ගැනීම වෙනුවෙන් ඔවුන් එක් හිටපු නායකයෙකුගේ නිදහස පිළිබඳ ප්‍රශ්නය මගහැර ගොස් ඇත. අනෙක් අතට, බාහිර බලපෑම් විදේශීය කුමන්ත්‍රණ ලෙස හුවා දක්වමින් ජාතිකවාදී හැඟීම් අවුස්සන්නට පාකිස්ථාන රජයට ඇති හැකියාවද මෙම රාජ්‍යතාන්ත්‍රික නිහඬතාවයට ප්‍රබල ලෙස හේතු වී තිබේ.

 

 

ඉම්රාන් ඛාන් හිරේ දී මියගොස් ඇති බවට පැතිර යන රාවය පාකිස්තාන රාජය ප්‍රතික්ෂේප කරයි – Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala

 

ලෝක නායකයින් උපායමාර්ගිකව නිහඬ වුවද, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ප්‍රබලව අදහස් දක්වා ඇත. එක්සත් ජාතීන්ගේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම ඛාන්ගේ සිරගත කිරීම ජාත්‍යන්තර නීතියට පටහැනි බව නිල වශයෙන් ප්‍රකාශ කළේය. එසේම ඇමරිකානු කොන්ග්‍රසයද පාකිස්ථාන මැතිවරණයේ අක්‍රමිකතා සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් සම්මත කළේය. එහෙත් මෙම මානව හිමිකම් ආයතනවලට නෛතික තීරණ බලාත්මක කිරීමේ සෘජු විධායක බලයක් නොමැති බැවින්, පාකිස්ථාන රජය එම වාර්තා සියල්ල තම ස්වෛරීත්වයට එල්ල කරන අනවශ්‍ය ඇඟිලි ගැසීම් ලෙස සලකා මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇත.

 

 

 

මෙවැනි සංකීර්ණ දේශපාලන සහ නීතිමය පසුබිමක් තුළ, ලොවට අසන්නට ලැබුණේ වෙනස්ම මාදිලියේ ආයාචනයකි. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් වාර්තාවලට අනුව, හිටපු ඕස්ට්‍රේලියානු නායක ග්‍රෙග් චැපල්ගේ මූලිකත්වයෙන් ලොව පුරා ප්‍රකට ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින් විසි එක් දෙනෙකු පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. සුනිල් ගවස්කාර්, කපිල් දේව්, අර්ජුන රණතුංග, නසාර් හුසේන්, මයිකල් ඇතර්ටන්, ක්ලයිව් ලොයිඩ්, ස්ටීව් වෝ, ඇලන් බෝඩර් සහ ඇලෙස්ටෙයාර් කුක් ඇතුළු ක්‍රිකට් ලෝකයේ දැවැන්තයින් මෙම ලිපියට අත්සන් තබා ඇත.

 

ඛාන්.jpeg

 

 

හැත්තෑ තුන් හැවිරිදි ඛාන්ගේ මානුෂීය අයිතිවාසිකම් සහ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින් කළ දෙවන ඉල්ලීම මෙයයි. ඔවුන් එහිදී පැහැදිලිවම සඳහන් කර ඇත්තේ පාකිස්ථානයේ අභ්‍යන්තර නීති ක්‍රියාවලියට මැදිහත් වීමට තමන් අපේක්ෂා නොකරන බවත්, අධිකරණය විසින් නියම කරන ලද වෛද්‍ය ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම මූලික මානුෂීය යුතුකමක් ලෙස සලකන බවත්ය.

 

 

මෙම හිටපු ක්‍රිකට් නායකයින් පාකිස්ථාන රජයෙන් ප්‍රධාන ඉල්ලීම් තුනක් සිදු කර ඇත.

 

පළමුවැන්න නම්, ඛාන්ගේ දකුණු ඇසේ පෙනීම අඩුවීමේ වාර්තා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ඔහුගේ පුද්ගලික වෛද්‍යවරුන් ද ඇතුළත් වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද වෛද්‍ය මණ්ඩලයට සම්පූර්ණ සහ ස්වාධීන වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීමට ඉඩ ලබා දෙන ලෙසයි.

දෙවනුව, පරිපාලනමය ප්‍රමාදයන්ගෙන් හෝ බාධාවකින් තොරව සෑම සතියකම ඛාන්ගේ පවුලේ අයට ඔහුව මුණගැසීමට ඉඩ සලසන ලෙසත්, එය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට ගරු කිරීමක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

තුන්වනුව, අදාළ ස්වාධීන වෛද්‍ය පරීක්ෂණයෙන් පසුව නිර්දේශ කරනු ලබන ඕනෑම වෛද්‍ය ප්‍රතිකාරයක් කිසිදු ප්‍රමාදයකින් තොරව ලබා දෙන ලෙස ඔවුන් තරයේ ඉල්ලා සිටී.

 

 

ක්‍රීඩකයින් සහ මානව හිමිකම් සංවිධාන මෙවැනි ඉල්ලීම් කළද, රාජ්‍ය විධායකය සහ අධිකරණය අතර පවතින්නේ බරපතල ගැටුමකි.

 

 

ඛාන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව ඔහුගේ නීතීඥයින් අධිකරණයට කළ කරුණු දැක්වීමකින් පසු ඉකුත් සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත ඔහුව ඉස්ලාමාබාද් හි ෂිෆා ජාත්‍යන්තර රෝහල වෙත ගෙන ගියේය. එහෙත් වෛද්‍ය පරීක්ෂණ නිසි ලෙස සම්පූර්ණ වීමටත් පෙර, පැය කිහිපයක් ඇතුළත ඔහුව නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන යාමට රජය කටයුතු කළේය.

 

සිරගත වී සිටින ඉම්රාන් ඛාන්ගෙන් පාකිස්තාන අගවිනිසුරුට ලිපියක් - දිනමිණ

 

ජාත්‍යන්තර දේශපාලනයේ සහ භූ දේශපාලනික සබඳතාවල යථාර්ථය කුමක් වුවත්, අධිකරණ නියෝග විධායකය විසින් මෙලෙස මගහැරීම නීතියේ ආධිපත්‍යය පිළිබඳ විශ්වාසය බිඳ දමන්නකි. ලෝක බලවතුන්ගේ නිහඬතාවය හමුවේ මෘදු බලය භාවිතා කරමින් ක්‍රිකට් ලෝකය නැගූ මෙම හඬ, මානව අයිතිවාසිකම් සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කම මෙන්ම එය සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගමන් කළ හැකි ආකාරය මැනවින් ප්‍රදර්ශනය කරයි.

නවතම ලිපි