SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාලිමාවේ ‘ලස්සන ජීවිතය’ සහ සුන් වූ මැද පාන්තික කාර් සිහිනය

 

 

දිනයෙන් දින ඉහළ යන ජීවන බර මැද, තමන්ගේම කියා කුඩා වාහනයක හිමිකරුවෙකු වී

"ලස්සන ජීවිතයක්" ගත කිරීමට මෙරට මධ්‍යම පාන්තික ජනතාව දුටු සිහිනය මේ වන විට මුළුමනින්ම බිඳ වැටී ඇත. මාලිමා රජය යටතේ ජනතාව අපේක්ෂා කළ සහනදායී ආර්ථික පරිවර්තනය වෙනුවට, මෑතකදී හඳුන්වා දුන් බදු සංශෝධන හේතුවෙන් සිදුව ඇත්තේ වාහන මිල ගණන් අහස උසට ඉහළ යාමයි. මෙම තත්ත්වය හමුවේ සාමාන්‍ය පාරිභෝගිකයා පමණක් නොව, මෙරට සමස්ත වාහන ආනයනකරුවන් සහ අලෙවිකරුවන් ද දැඩි අර්බූධයකට මුහුණ දී සිටිති.

 

 

 

මිල ගණන් අහස උසට: ඇල්ටෝ සහ යාරිස් ලක්ෂ ගණනින් ඉහළට

 

Toyota Yaris Review 2026 | Top Gear

Maruti Suzuki Alto K10 (2026) - Price, Mileage & Expert Reviews | Autocar  India

 

 

නව රජයේ බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමත් සමඟ වෙළඳපොළේ පවතින ජනප්‍රිය මෝටර් රථ මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

 

මෙතෙක් කලක් සාමාන්‍ය පවුලක ප්‍රවාහන අවශ්‍යතා සපුරාලූ, රුපියල් ලක්ෂ 70ක පමණ මිලකට අලෙවි වූ ජපන් ඇල්ටෝ (Alto) රථයක මිල රුපියල් ලක්ෂ 75 දක්වා රුපියල් ලක්ෂ 5කින් ඉහළ ගොස් තිබේ. එමෙන්ම, මධ්‍යම පාන්තික ආකර්ෂණය දිනාගත් රුපියල් ලක්ෂ 100ක සීමාවේ පැවති ටොයෝටා ‘යාරිස්’ (Yaris) රථයක මිල ද රුපියල් ලක්ෂ 7.5කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

 

 

ජපන් වාහනවලට පමණක් නොව, සාමාන්‍යයෙන් මිලෙන් අඩු යැයි සැලකෙන ඉන්දීය වාහන මිල ගණන් ද මේ වන විට අනුක්‍රමයෙන් ඉහළ යමින් පවතී.

 

 ආනයනික වාහන මිල ඉහළ යා හැකි බවට වාහන ආනයනකරුවන් කියයි

 

50%ක අධිභාරය සහ කඩා වැටුණු වාහන අලෙවිය

මෙම දැවැන්ත මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ආනයනික වාහන සඳහා පනවා ඇති අධිභාරය (Surcharge) 50%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට රජය ගත් තීරණයයි. පසුගිය මැයි 15 වැනිදා සිට ක්‍රියාත්මක වූ මෙම බදු සංශෝධනය හේතුවෙන්, කුඩා වාහනයක් සඳහා වුවද රුපියල් ලක්ෂ 5 සිට 10 දක්වා අමතර මුදලක් පාරිභෝගිකයාගෙන් අය කිරීමට සිදුව ඇති බව වාහන ආනයනකරුවෝ පෙන්වා දෙති. මෙම හදිසි මිල වැඩිවීම දරා ගැනීමට සාමාන්‍ය පාරිභෝගිකයාට නොහැකි වීම නිසා, මෙරට වාහන අලෙවිය මේ වන විට බරපතළ ලෙස පහත වැටී ඇත.

 

 

 

ණයවර ලිපි (LC) අර්බුදය සහ ඉදිරියේදී එන වාහන හිඟය

 

ව්‍යාපාරිකයෝ විශාල අර්බූදයක! ලංකාවේ ණයවර ලිපි ‌ජාත්‍යන්තර වශයෙන්  පිළිනොගන්නා තැනට ඇවිත්! I Sri Lanka Latest News - Sri Lanka News Update

 

පවතින අධික බදු පිරිවැය සහ වෙළඳපොළේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් නව වාහන ආනයනය සඳහා ණයවර ලිපි (LC) විවෘත කිරීමට ද ආනයනකරුවන් මේ වන විට දැඩි මැළිකමක් දක්වයි. අලෙවි නොවන වාහන සඳහා විශාල ප්‍රාග්ධනයක් යට කිරීමට ඔවුන් සූදානම් නැත. මේ හේතුවෙන්, නුදුරු අනාගතයේදී දේශීය වෙළඳපොළ තුළ බරපතළ වාහන හිඟයක් ඇතිවීමේ අවදානමක් ද මතුව තිබේ.

 

වාහන ආනයනකරුවන්ගේ හඬ-

"රජයේ මෙම තීරණය හේතුවෙන් සමස්ත වාහන වෙළඳපොළම දැඩි අස්ථාවරත්වයකට පත්ව තිබෙනවා. මධ්‍යම පාන්තික පාරිභෝගිකයෙකුට වාහනයක් මිලදී ගැනීම තවදුරටත් සිහිනයක් පමණක්ම වනු ඇත."

 

 

 වාහන බදු අඩුකරන අයවැය යෝජනාවක් වාහන ආනයනකරුවෝ ඉල්ලති – Sri Lanka Mirror –  Right to Know. Power to Change

 

මැතිවරණ වේදිකාවලදී පොරොන්දු වූ "ලස්සන ජීවිතය" ප්‍රායෝගික පොළොවේදී බදු බරින් මිරිකුණු තිත්ත ඇත්තක් බවට පත්ව ඇත. වාහනයක් යනු සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙස පරිභෝජනය කරනවා වෙනුවට අත්‍යවශ්‍ය ප්‍රවාහන මෙවලමක් විය යුතුව ඇති යුගයක, මැද පන්තියේ කාර් සිහිනයක් හමා යෑමේ මැතිවරණ පොරොන්දු රැවටිලිවාදී මධ්‍යම පන්තිකයාට රුචි උවද එය වාමවාදී දේශපාලන ව්‍යාපාරයකට සුදුසු ද නැත.

 

 

ඉනික්බිති එම පොරොන්දුව මෙලෙස සුන් කර දැමීමත් සමස්ත ආර්ථිකයේම ගාමක බලවේග අඩපණ කිරීමට හේතු වනු ඇත. දැන් වාහන ආනයනය නිදහස් කලේ නම්, ඊට අනුව වාහන මෙරට වෙළඳපොලට ගෙනැවිත් තිබේනම් රජය වහාම මැදිහත් වී මෙම බදු ප්‍රතිපත්තිය සමාලෝචනය කළ යුතුයැයි විචාරක මතයය.

 

 වාහන මිල පහළට: දින 90 කොන්දේසිය නිසා ආනයනකරුවන් අර්බුදයක; 'අඩුවට වාහනයක්  ගන්න හොඳ අවස්ථාවක්' - BBC News සිංහල

 

 

අපගේ ප්‍රාර්ථනය නම් හැකිතරම් වාහන බදු මෙන්ම ඉන්ධන බදුද වඩ වඩාත් පැනවිය යුතු බවය. නොඑසේනම් හුදී ජනයාගේ වාහන හීනයේ පතුල කොතෙක් බලවත් ද යත් පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමක් නොව පොදු ප්‍රවාහනයට හුස්මක් ගන්නටවත් නොහැකි වනු ඇත.

 

 

පුවත් මූලාශ්‍රය - ශ්‍රීලංකා මිරර්

නවතම ලිපි