රනිල්ට සහ සමන්ට ‘මහජන දේපළ පනත’ යටතේ නඩු?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් (Wolverhampton) විශ්වවිද්‍යාලයේ
උපහාර මහාචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ට එරෙහිව නීතිමය පියවර නොගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) තීරණය කර ඇත.
ඇයට එරෙහිව චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සීඅයිඩීය (CID) නීතිපතිවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම සිදුවීමත් සමඟ දේශපාලන කරළිය සහ සමාජ මාධ්‍ය අවකාශය දැඩි ලෙස උණුසුම් වී ඇති අතර, නීතිය ක්‍රියාත්මක වීමේ ස්වභාවය පිළිබඳව තියුණු සමාජ-දේශපාලනික විචාරයක් ද නිර්මාණය වී තිබේ.
නිවසටම ගොස් කටඋත්තර ගැනීම: සමාජ මාධ්‍ය කැලඹූ ‘VIP’ සැලකිල්ල
නීතිය හැමෝටම සමාන බව කියන රටක, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයගේ නිවසටම යාම සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක් විය.
සමාජ මාධ්‍ය ප්‍රතිචාර:
"සාමාන්‍ය ජනතාවට එක නීතියක් සහ ප්‍රභූවරුන්ට තවත් නීතියක් තියෙන්නේ ඇයි?" යනුවෙන් ෆේස්බුක් (Facebook) සහ එක්ස් (X) පරිශීලකයින් ප්‍රශ්න කර තිබුණි. චෝදනාවලට ලක්වන සාමාන්‍ය වැසියන්ව CID කාර්යාලයට කැඳවා පැය ගණන් ප්‍රශ්න කරන පසුබිමක, හිටපු ජනාධිපති ආර්යාවකට ලැබුණු මෙම 'නිවෙස් සේවාව' (Home Service) පාලකයින්ගේ ද්විත්ව ප්‍රමිතීන් මනාව පෙන්වන කැඩපතක් බව බොහෝ දෙනා පෙන්වා දුන්හ.
විමර්ශනයේ තවත් පැත්තක්: ජනතා මුදලින් ගිය 'එංගලන්ත ටුවර්' සහ සරෝජා සිරිසේන මඟහැරීම
මෙම විමර්ශනයේ ඇති වඩාත්ම උත්ප්‍රාසාත්මක කරුණ වන්නේ, බ්‍රිතාන්‍යයේ සිදුවූ මෙම මුදල් අවභාවිතය පිළිබඳ තොරතුරු සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් ද මහජන මුදල් වැය කරමින් එංගලන්තයේ සංචාරය කර තිබුනද අදාළ විශ්ව විද්‍යාලයෙන් ලබාගැනීමට ගිය තොරතුරු තවමත් නිසි ලෙස ඔවුන්ට ලැබී නොතිබීමය.
මෙහිදී දේශපාලන විචාරකයින් සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් තැනින් තැන ප්‍රශ්න කරන ප්‍රධානතම කරුණක් ඇත. එනම්, මෙම මුදල් ගනුදෙනු සහ සංචාරය සිදුවන අවස්ථාවේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ලෙස කටයුතු කළ සරෝජා සිරිසේන ව මෙම නඩුවට සාක්ෂිකරුවකු ලෙස හෝ කැඳවීමට CIDය අපොහොසත් වීම (හෝ මඟහැරීම) ය. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුවූ ගෙවීම් සහ බිල්පත් පිළිබඳ සැබෑ තොරතුරු දන්නා ප්‍රධානතම නිලධාරිනිය ඇය වන පසුබිමක, ඇයව ප්‍රශ්න කිරීමෙන් තොරව මෙම නඩුව ඉදිරියට ගෙනයාම කොතරම් දුරට සාධාරණද යන්න දැන් විශාල ප්‍රශ්නාර්ථයකි.
රනිල්ගේ නඩුව 'ඉවතට විසිවෙයිද?' – අනුර සහ රනිල් අතර 'ඩීල්' කතා
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ නිදහස් වෙද්දී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අයට එරෙහිව මහජන දේපළ පනත යටතේ ‘රාජ්‍ය මුදල් සාපරාධී ලෙස පරිහරණය කිරීම’ සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලමින් සිටිති. මේ සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමටද නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි.
කෙසේ වුවද මෙම නඩුව අධිකරණයේදී නැවත විභාගයට ගැනීමට නියමිතව තිබියදී, සමාජ මාධ්‍ය තුළ වෙනස්ම ආකාරයක දේශපාලන කතිකාවක් ගොඩනැගෙමින් පවතී:
"රනිල්ගේ නඩුව ඉවතට විසිවෙයි"
නීතිමය තාක්ෂණික කරුණු හෝ දේශපාලන බලපෑම් මත අවසානයේ රනිල් වික්‍රමසිංහ ට එරෙහි නඩුවද අධිකරණයෙන් ඉවතට විසිවනු ඇතැයි සාමාන්‍ය ජනතාව තුළ දැඩි සැකයක් පවතී. ලංකාවේ ඉතිහාසය පුරා ප්‍රභූ දේශපාලනඥයින්ට එරෙහි නඩුවලට සිදු වූ දේ අනුව මෙම සැකය සාධාරණය.
"අනුර රනිල්ට එරෙහිව යන්නේ නැත"
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් රජය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එරෙහිව සැබෑ ලෙසම දඬුවම් පමුණුවනු ඇතැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විශ්වාස කරන්නේ නැත. ඔවුන් පවසන්නේ මෙය හුදෙක් ජනතාව පිනවීම සඳහා පවත්වන 'දේශපාලන සංදර්ශනයක්' (Political Show) පමණක් වන අතර, තිරය පිටුපස පවතින දේශපාලන එකඟතාවන් (Deals) මත අනුර ජනාධිපතිවරයා කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ ට එරෙහිව තීරණාත්මක පියවරක් නොගනු ඇති බවය.
'ක්‍රමය' වෙනස් වී තිබේද?
පොදු දේපළ පනත යටතේ රාජ්‍ය මුදල් අවභාවිත කිරීම ඇප දිය නොහැකි බරපතළ වරදකි. රුපියල් මිලියන 16.6ක් වැනි විශාල මුදලක් පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් වැය කිරීම පැහැදිලිවම රාජ්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමකි.
මෙහිදී මෛත්‍රී වික්‍රමසිංහ ට එරෙහිව සාක්ෂි නොමැති බව පැවසීම නීතිමය වශයෙන් නිවැරදි විය හැකිය; මන්ද රාජ්‍ය මුදල් නිදහස් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට සහ ජනාධිපති ලේකම්වරයාට මිස ඇයට නොවේ. නමුත්, එම මුදල්වල සෘජු ප්‍රතිලාභියා ඇයයි. එසේම, වැරදි බිල්පත් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ගිය CID නිලධාරීන්ගේ බිල්පත්ද වැරදි වීම සහ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සාක්ෂිකරුවන් (සරෝජා සිරිසේන වැනි) මඟහැරීම තුළින් පෙනී යන්නේ විමර්ශනවල පවතින බකල් ස්වභාවයයි.
අධිකරණයේදී ඉදිරියට සිදුවන ක්‍රියාවලිය වත්මන් රජයේ ස්වාධීනත්වය මැනිය හැකි හොඳම මිම්ම වනු ඇත. රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක ට එරෙහිව සැබෑ ලෙසම නීතිය ක්‍රියාත්මක වේද? එසේ වුවහොත් මෙම නඩුව එය ලාංකීය දේශපාලන සංස්කෘතියේ හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත. එසේ නොවී, සමාජ මාධ්‍ය පවසන පරිදි නඩුව 'දියකර හැරියහොත්', එයින් ගම්‍ය වන්නේ පාලකයින් මාරු වුවද පැරණි 'ප්‍රභූ ආරක්ෂක ක්‍රමය' (The System) තවමත් නොවෙනස්ව පවතින බව යන චෝදනාව මෙන්ම වත්මන් රජයට ඉන් සිදුවන්නේ බරපතල තුවාලයකි. විචාරකයින් පවසන්නේ එය පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දෙදරීමකින් අවසන් වනු ඇති බවය.

