SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද යනු හුදෙක් කැලැන්ඩරයේ දින කිහිපයක් රතු වන නිවාඩු වාරයක් නොවේ.

එය මේ පොළොවේ වෙසෙන මිනිසුන්ගේ සංස්කෘතික අනන්‍යතාවය, ගෞරවය සහ අභිමානය ප්‍රදර්ශනය කරන කැඩපතයි. එහෙත්, මෙවර අලුත් අවුරුද්ද උදාවන්නටත් පෙර අපට දකින්නට ලැබුණේ ඒ උත්කර්ෂවත් සංස්කෘතියේ මළගම සනිටුහන් කරන "විකෘති සැණකෙළි" පෙළකි. ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ඇතුළු පිරිසක් සංවිධානය කළ මෙම අවුරුදු උත්සව, සංස්කෘතික සංහාරයක ආරම්භය මිස අන් යමක් නොවේ.

 

 

අවුරුදු කුමරිය සහ බිකිනි මානසිකත්වය

ගමක අවුරුදු කුමරිය යනු එදා ගැමි තරුණියගේ සෞම්‍ය බව, විනීත බව සහ දේශීය සුන්දරත්වයේ පරමාදර්ශයයි. එහෙත් මෙවර "චන්දිමාල්ගේ කුමරියන්" දෙස බැලූ විට පෙනෙන්නේ ඔවුන් වේදිකාවේ පෙනී නොසිටියේ බිකිනියෙන් පමණක් බවයි. බිකිනියටත් වඩා අඩුවෙන් රෙදි කැබලි ඇඟ ලාගෙන, නයිට් ක්ලබ් වේදිකාවක දමන රංගනයන් අවුරුදු කුමරිය තේරීමේ තරගවලට ගෙන ඒම තුළින් මොවුන් උත්සාහ කරන්නේ කුමක්ද?

 

අවසානයේ නයි, පොළොඟුන් සහ පිඹුරන් කර පින්නාගෙන නැටූ තරුණියන්ට අධිකරණයට යාමට සිදු වූ අතර, කුරුණෑගලින් පැමිණි "පොෂ්" දැරියන්ව සමාජ මාධ්‍ය හමුවේ අවමානයට ලක්වූයේ තමන් නියෝජනය කරන ගම් පියසට පවා යාමට නොහැකි වන අයුරිනි. 

 

 

බුරිය මත බනිස් සහ "ලිබරල්" පහත් බව

 

 

 

 

මෙම උත්සවයේ තරඟ සංවිධානයේ  පිළිකුල් සහගතම අවස්ථාව වූයේ තරුණියන් බිම වැතිරවීමට සලස්වා, ඔවුන්ගේ නිරුවත් කුස මත (බුරිය උඩ) බනිස් ගෙඩියක් තබා තරුණයින්ට එය අතින් නොඅල්ලා කෑමට සැලැස්වීමයි. මෙය අවුරුදු ක්‍රීඩාවක්ද? නැතහොත් කාන්තාව උපකරණයක් ලෙස සලකන, අසභ්‍ය මානසිකත්වයක ප්‍රදර්ශනයක්ද?

 

 

"කාලයට අනුව වෙනස් විය යුතුයි" යන ඊනියා ලිබරල්වාදී ලේබලය අලවාගෙන කරනු ලබන මෙම නින්දිත ක්‍රියාවලින් සිදුවන්නේ අව්රුදු සංස්කෘතියට අදාළ හෙළ බොදු සහ හින්දු සංස්කෘතියේ පදනම දෙදරවා හැරීමයි.

 

 

(මෙවැනි තරඟ අංශවලින් චන්දිමාල් ජයසිංහලා පෙන්නුම් කරන්නට උත්සාහ කරන්නේ කුමක්ද?)

 

 

මෙලෙස සංස්කෘතිය විකෘති කරන සංවිධායකයින්ගේ සැබෑ ඉලක්කය වන්නේ හෙළ කුමරියන් සොයා ගැනීම නොවේ. තම 'Model Schools' සඳහා තරුණියන් බිලිබා ගැනීම සහ ජාත්‍යන්තර "පැජන්ට්" (Pageants) වලට සුදුසු නිරූපිකාවන් පිරිසක් නිර්මාණය කර ගැනීම ඔවුන්ගේ වාණිජ පරමාර්ථයයි. ඒ වෙනුවෙන් ඔවුන් පූජා කරන්නේ මේ රටේ තරුණ පරපුරේ සංස්කෘතික විනයයි.

 

 

සංස්කෘතික අමාත්‍යාංශය නිහඬ ඇයි?

වඩාත්ම කනගාටුදායක කරුණ වන්නේ සංස්කෘතික කටයුතු භාර අමාත්‍ය  හිනිඳුම සුනිල් සෙනෙවි ඇතුළු රජයේ සංස්කෘතික අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ හැසිරීමයි. පසුගිය රජය සමයේ අවුරුදු ගීතයක් විකෘති කළ තරුණයෙකුට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක විය. එහෙත්, මුළු මහත් ජාතියකම ගෞරවය කෙළසන, තරුණියන්ව මෙලෙස අපයෝජනයට ලක් කරන තරග සංවිධායකයින්ට එරෙහිව වත්මන් අමාත්‍යාංශය ඇස් කන් පියාගෙන සිටින්නේ මන්ද?

 

මෙවැනි විකෘති ක්‍රියාවලට වැට නොබැන්දොත්, මීළඟ වසරේ අවුරුදු උළෙලේදී විවාහක යුවළවල් සඳහා "අඹු සැමි සබඳතා නිරූපනයක්" ප්‍රසිද්ධ තරගයක් බවට පත් කිරීමට පවා මෙම සංවිධායකයින් පසුබට නොවනු ඇත. එය හාස්‍යයට කරුණක් වුවද, පවතින තත්ත්වය අනුව එය බියකරු යථාර්ථයකි.

 

 

විද්වත් මැදිහත්වීමක අවශ්‍යතාවය

ජෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුව පසුගියදා (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ මෙම සංස්කෘතික විකෘතියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. කෙසේ වුවත් මෙය හුදෙක් පැමිණිල්ලකින් පමණක් අවසන් නොවිය යුතුය.

 

 

මහා සංඝරත්නය, විද්වතුන් සහ වගකිවයුතු ආයතන එක්ව, සිංහල අලුත් අවුරුද්ද වැනි ජාතික උත්සවයන්හිදී "කළ හැකි සහ නොකළ හැකි" දේ පිළිබඳව නව නීති රීති පද්ධතියක් සකස් කළ යුතුය. සංස්කෘතිය යනු විලාසිතාවක් නොවන බවත්, එය අපේ හුස්ම වැනි දෙයක් බවත් චන්දිමාල් ජයසිංහ වැනි "විකෘති සංවිධායකයින්ට" වටහා දීමට කාලය එළඹ ඇත. නැතහොත් අනාගත පරපුරට ඉතිරි වනු ඇත්තේ බුරිය මත බනිස් කන, නයි කරේ දාගෙන නටන, හරයක් නැති හිස් සමාජයක් පමණි. සමහර භික්ෂූන් රටතුළට කුඩු ගෙන එද්දී, අමෙරිකාවේ පවා සුප්‍රසිද්ධව සිදුවූ  සාම පා ගමන්හි භික්ෂූන් වහන්සේලා දෙනු ලබන පණිවුඩය පිලිගන්නවා වෙනුවට පා ගමනේ ඉදිරියෙන් යන බල්ලාට වඳින ඊනියා සැදැහැවතුන් පිරි රටක,   එවන් රට තුළ සිදුවන මෙවැනි අමන අව්රුදු චාරිත්‍ර වාරිත්‍ර පෙන්වන්නේ රටක සංස්කාතික හිස්කම නොවේද?

 

 

[මීළඟ ලිපිය - පිඹුරකුට හිංසා දෙන නර්තනයක් නිසා චන්දිමාල් අත්අඩංගුවට පත්වන ලකුණු!]

නවතම ලිපි