SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • ජනාධිපති ලේකම් කාර්යාලයේ නිහඬතාව, සම්පත් හිඟය සහ රජයේ සහය නොමැතිකම නිසා කොමිසම අර්බුදයක.
  • සභාපතිනියත් ඉල්ලා අස්වෙයි.

 

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පිහිටුවන ලද ජාතික කාන්තා කොමිෂන් සභාවේ කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලයේ

සන්නිවේදන ගැටලු, සම්පත් හිඟය සහ රජයේ ආයතනික සහයෝගය නොලැබීම හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ.

 

images 5

 

 

මෙම පසුබිම තුළ, එම කොමිෂන් සභාව බලාත්මක කිරීමට රජය දිගින් දිගටම අසමත් වීම හේතුවෙන් එහි සභාපතිනී ආචාර්ය රමණී ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

 

 images 1

 

පසුගිය සැප්තැම්බර් මාසයේදී පත් කරන ලද ආචාර්ය ජයසුන්දර, සිය ධුරයට පත්ව මාස හතරක් ගත වීමටත් පෙර ඉකුත් අඟහරුවාදා (27) මෙලෙස ඉල්ලා අස්වී ඇත. නීතියෙන් නියම කර ඇති පරිදි කොමිෂන් සභාවේ කාර්යභාරය ඉටු කිරීමට පවතින නොහැකියාව පෙන්වා දෙමින් ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර ඇති බව කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

 

image 15c5cd0cb0

 

 

සන්නිවේදන බිඳවැටීම වාර්තා වන අන්දමට, 2025 සැප්තැම්බර් මස මුලදී කොමසාරිස්වරුන්ට පත්වීම් ලිපි නිකුත් කිරීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය කොමිෂන් සභාව සමඟ කිසිදු සන්නිවේදනයක් පවත්වා නොමැත. සභාපතිනිය සහ සෙසු සාමාජිකයින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් ද ව්‍යාර්ථ වී ඇත.

 

 

maxresdefault

 

 

ස්වාධීනත්වයට එල්ල වූ අභියෝග "2024 වසරේ

 

බලාත්මක කරන ලද කාන්තා බලගැන්වීමේ පනත යටතේ පිහිටුවන ලද මෙම කොමිෂන් සභාව ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස ක්‍රියා කළ යුත්තකි. එය කාන්තා කටයුතු අමාත්‍යාංශයට අනුයුක්ත ආයතනයක් නොවේ.

එසේ වුවද, රජය මෙම කොමිසම අදාළ අමාත්‍යාංශය යටතට පත් කිරීමට උත්සාහ දරමින් සිටින අතර, එමඟින් එහි ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වේ," යැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

 

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ පුරවැසියෙකු කළ විමසීමකට ජනාධිපති ලේකම් කාර්යාලය ලබා දී ඇති පිළිතුරෙන් ද මෙය තහවුරු වේ. කොමිසමේ තත්ත්වය සහ අයවැය පිළිබඳ විමසීමේදී ලේකම් කාර්යාලය එම ප්‍රශ්නය කාන්තා කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කර ඇත.

 

kantha komisama. 4jpg

 

පාලන ගැටලු සාමාජිකයින් හත් දෙනෙකුගෙන් සමන්විත මෙම කොමිෂන් සභාවේ සාමාජිකයින් පස් දෙනෙකු ව්‍යවස්ථාදායක සභාව විසින් නිර්දේශ කරනු ලබන අතර, දෙදෙනෙකු කාන්තා මන්ත්‍රී සංසදය විසින් නිර්දේශ කරනු ලබයි. කෙසේ වෙතත්, කාන්තා මන්ත්‍රී සංසදය විසින් නම් කරන ලද එක් සාමාජිකාවක පසුව පළාත් පාලන නියෝජිතවරියක ලෙස පත්වීම නිසා ඇයට එම ධුරය දැරීමට නීතිමය බාධා මතු වී ඇති අතර, ඒ සඳහා මෙතෙක් නව පත්වීමක් සිදු කර නොමැත.

 

දැනට සභාපතිනිය පමණක් නිල වශයෙන් ඉල්ලා අස්වී ඇතත්, කාර්යාලයක්, මූල්‍ය ප්‍රතිපාදන සහ නිසි සන්නිවේදනයක් නොමැතිකම හේතුවෙන් සෙසු කොමසාරිස්වරුන්ට ද සිය කටයුතු කරගෙන යාමට නොහැකි වී තිබේ. කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරයා ඇයගේ ඉල්ලා අස්වීම පිළි නොගත යුතු අතර, ඒ වෙනුවට ජනාධිපති ලේකම්වරයා සමඟ සාකච්ඡා කර ගැටලු විසඳා ගැනීමට අවස්ථාව සලසා දිය යුතු බවයි.

 

 

පසුගිය නොවැම්බර් මාසයේදී ද ආචාර්ය ජයසුන්දර මූලික අවශ්‍යතා තුනක් (ස්වාධීන කාර්යාල අවකාශයක්, අයවැය ප්‍රතිපාදන සහ විධායක අධ්‍යක්ෂවරයෙකු පත් කිරීම) ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිඛිතව දැනුම් දී තිබුණි.

 

 images 2

 

පසුගිය දෙසැම්බර් 30 වනදා විධායක අධ්‍යක්ෂවරයෙකු පත් කළද, එම නිලධාරියා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන අතර දැනටත් ඔහු රාජකාරි කරනුයේ අමාත්‍යාංශ පරිශ්‍රයේ සිටය. මේ හේතුවෙන් කොමසාරිස්වරුන්ට අමාත්‍යාංශයට යාමට සිදුවීම කොමිසමේ ස්වාධීනත්වයට පටහැනි බව විචාරකයෝ පවසති.

 

 

මේ අතර, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය විසින් ජනාධිපති ලේකම්වරයා සමඟ සාකච්ඡාවකට ඉඩ ලබා දෙන බවට කොමසාරිස්වරුන්ට සහතික වී ඇතත්, එය ද මෙතෙක් ඉටු වී නොමැත.

 

 images 3images 4

 

 

මේ පිළිබඳව විමසීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආනන් විජේපාල සහ කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් ද අසාර්ථක ව තිබේ.

නවතම ලිපි