SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා (23) මහනුවර ඓතිහාසික පුරවරයේ

සංචාරයක නිරත වෙමින් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයීය මහානායක ස්වාමීන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

 

 

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ඔහු, මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා සිටි අතර, අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කළේය.

 

මෙම හමුවීම් අතරතුර හිටපු ජනාධිපතිවරයා සහ මහානායක හිමිවරුන් අතර රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වී ඇති බව වාර්තා වේ. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට කෙටි පිළිතුරක් ලබා දුන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, තමන් මේ වන විට සක්‍රීය දේශපාලනයේ නිරත නොවන බවයි.

 

 

රනිල්ගේ 'ෆැන්ටසිය' සහ දක්ෂිණාංශයේ ඛේදවාචකය

 

හිටපු ජනාධිපතිවරයා තමන් සක්‍රීය දේශපාලනයේ නොමැති බව ප්‍රකාශ කළද, දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ ලංකාවේ පැරණිතම දක්ෂිණාංශික දේශපාලන බලවේගය වූ එක්සත් ජාතික පක්ෂය දියකර හැරීමේ සම්පූර්ණ වගකීම සහ ‘සම්මානය’ රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවිය යුතු බවයි.

 

 

වත්මන් දේශපාලන තත්ත්වය තුළ ශක්තිමත් දක්ෂිණාංශික එකතුවක් හෝ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට ඇති ප්‍රධානතම බාධකය ඔහු බව විචාරක මතයයි. පොදු දේශපාලන අරමුණු වෙනුවට අතිශය පෞද්ගලික උවමනාකම් සහ හුදෙක් පෞද්ගලික දේශපාලන ෆැන්ටසියක් (Fantasy) මත පිහිටා ඔහු කටයුතු කිරීම හේතුවෙන් මෙම දේශපාලන රික්තය නිර්මාණය වී ඇති බව එම විචාරකයින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

 

නවතම ලිපි