SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක  

අද (නොවැම්බර් 11, 2025) සිට නාවල විවෘත විශ්ව විද්‍යාලයේ (Open University) සිවිල් ඉංජිනේරු සිසුන්ගේ අධ්‍යාපනයට සහාය වීමට එක්ව ඇත.

 

 

නොමිලේ ඉගැන්වීමට තීරණය කිරීම

 

විවෘත විශ්ව විද්‍යාලය මෙම කර්තව්‍යය වෙනුවෙන් ඉගැන්වීමේ පැය ගානට අනුව දීමනාවක් ලබා දීමට පාඨලී ට දැනුම් දී තිබුණද, ඔහු නොමිළයේ ඉගැන්වීමට තීරණය කර ඇත.

 

විවෘත විශ්වවිද්‍යාලය විසින් ඉදිරිපත් කරන ලද පැයකට රුපියල් 1500ක මුදල පාඨලී ප්‍රතික්ෂේප කර ඇත්තේ "ලාබෙට උගන්වන්නෙ නැති බවත් එනිසා නොමිළයේ උගන්වන බවත්" පවසමිනි.

 

කෙසේ වුවද එහිදී පාඨලී සිසුන්ට නොමිළයේ උගන්වන්නට තීරණය කර තිබේ.

 

එයට හේතුවක් ද ඇත. විවෘත විශ්ව විද්‍යාලය මෙන්ම ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියේ ගෙවීම් ක්‍රම තවම ඇත්තේ දශක කිහිපයකට එහායිනි.

 

හරිනි අමරසූරියත් මෙහි කථාකාචාර්යවරියක්ව සේවය කළද අධ්‍යාපන ඇමතිනිය වූ පසු ඇයට විශ්ව විද්‍යාලය සිහිනයෙන් වත් නොපෙනෙනවා විය හැකිය. ඒකත් හොඳයි. හරිනම් විශ්ව විද්‍යාල සියල්ල වසා දැමිය යුතුය කියා අදහසක් පහළ වෙනවානම් එය ද ජාතියේ පිනකි.

 

පාඨලී අද දින ඒ වෙනුවෙන් තබා ඇති සටහන මෙසේය.

 

දශක තුනක මතක

 ජජජජජ

 

“දශක තුනක් යනු මිනිස් ජීවිතයක පරම්පරාවක කාලයයි. මීට දශක තුනකට පෙර මා නාවල පිහිටි විවෘත විශ්ව විද්‍යාලයට ගියේ එහි ඉංජිනේරු ගණිත අංශයේ ප්‍රධානියා වූ මහාචාර්ය අර්ජුන සොයිසාගේ ආරාධනයෙනි. ඒ දිනවල රුසියාවේ යෙල්ටිසීන් (Boris Yeltsin) යටතේ සිදුවන පරිවර්තන ගැන වාමාංශික අදහස් දරන විද්වතුන් අතර සාකච්ඡාවක් ඔහු විසින් සංවිධානය කර තිබුණි. ‍ප්‍රකට වාමාංශික බුද්ධිමතුන් වූ ආචාර්ය වික්‍රමබාහු, මහාචාර්ය හේ. ශ්‍රියානන්ද වැනි අය එහි සිටිය බැවු මතකය.

 

එදා ඇතිවූ සංවාදය කෙළවර වූයේ මාක්ස්වාදය ප්‍රායෝගිකද..?විද්‍යාත්මක ද..? යන විවාදය මතුවීමෙනි. ආචාර්ය වික්‍රමබාහු සමග විවාද කිහිපයක් ඒ සම්බන්ධයෙන් සිදුවිය. ඉන්පසු මහාචාර්ය අර්ජුන සොයිසා ඉංජිනේරු පීඨයේ,ගණිත අංශයේ උපදේශකවරයකු ලෙස මා බඳවා ගනු ලැබීය. 2000 වසරේ මහා මැතිවරණයට ඉදිරිපත් වනතෙක් මම ඔහු යටතේ සේවය කළෙමි.

 

මහාචාර්ය අර්ජුන සොයිසා නිසා මා හට විවිධ විෂයන් පිළිබඳ පුළුල් දැනුමක් ඇතිකර ගැනීමට හැකි විය. විද්‍යාත්මක චින්තනය, නිවුටෝනියානු දැක්ම අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය, භාගික ජ්‍යාමිතිය හා වියවුල් විද්‍යාව, කොන්ටම් යාන්ත්‍රණය හා කෝපන්හේගන් කියවීම වැනි ඉහල ගණයේ කරුණු පිළිබඳව සාකච්ඡාවන් ඒ කාලයේ ඇති විය. අශෝක අභයගුණවර්ධන, දිලීප විතාරණ, ඔෂාන් ජයතිලක වැනි විෂය දැනුම සහිත බොහෝ දෙනෙක් ඒ විෂයන් පිළිබඳ එකම දෙපාර්තමේන්තුවක සිට වාද විවාද සංවාද කළහ.

 

දැන් විවෘත විශ්ව විද්‍යාලයේ එවැනි සංවාදයන් වෙන්නේ දැයි මම නොදනිමි.

 

අද දින (11.11.2025) මම නැවත විවෘත විශ්ව විද්‍යාලයට ගියෙමි. ඒ මාගේ සමකාලීනයෙකු වූ ආචාර්ය චන්දන කුරුකුලසූරියගේ ආරාධනාවක් අනුවය. සිවිල් ඉංජිනේරු සිසුන්ට තිරසර සංවර්ධනය පිළිබඳ මූලික පාඨමාලාවක් සැකසීමේ ක්‍රියාවලියක ඔහුත්, ඔහුගේ සහෝදර විද්‍යාර්ථයනුත් කැපවී සිටි. මම ඔවුනට සහාය වීමට එහි ගියෙමි.

 

එහිදී තව සිදුවීමක් විය. එනම් දශක දෙක හමාරකට පෙර මගෙන් ඉංජිනේරු ගණිතය උගත් සිසුවෙක් දැන් විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය සහිත ප්‍රධාන කථිකාචාර්යවරයෙකු ලෙස අපගේ එකම කණ්ඩායමේ සිටීමය.

 

''රෝහණ'' නමින් අප හඳුනන ඔහු සමග ගත් ඡායාරූපයක් සිහිවටනයක් ලෙස තබමි.

 

ලංකාවේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව හා එයින් බිහිකරන කුසලතා පුර්ණ අධ්‍යාපනඥයින් ගැන 'චන්දන' මෙන්ම 'රෝහණ' ද ආදර්ශයක් වෙති.

 

- පාඨලී චම්පික රණවක 

11.11.25

නවතම ලිපි