SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ඊයේ (09), පලස්තීන ජන සංහාරයේ 707 වන දිනයයි. මේ වනවිට, ගාසා තීරයේ මියගිය ගණන 680,000 කි.

ඉන් 380,000ක්ම වයස අවුරුදු පහට අඩු සිඟිත්තන් ය. අවුරුදු පහට වැඩි දරුවන් ගණන 99,000කි. බෝම්බ, ඩ්‍රෝන යානා සහ ස්නයිපර් ප්‍රහාර මෙන්ම බෙහෙත් නැතිකම, බරපතළ තුවාල සහ බීමට වතුරවත් නැතිකමින් සාගින්න නිසාත්; මේ මිනිස් ජීවිත නැති වී ඇත.

 

 

සියොන්වාදීන් ගොතන ‘අමූලික බොරු සහ නොමග යවනසුළු කථාවලින් පිරුණු තොරතුරු හා පුවත් නිසා’, අද වනවිට පලස්තීනයේ සැබෑ තතු සහ සැබෑ අපරාධකරුවන් පිළිබඳ බාහිර ලෝකයට හරි අවබෝධයක් නැත. ශ්‍රී ලංකාවේ මෑත සිදුවීම් හා දැන් දැන් සිදුවන වෙනස්කම් පිළිබඳ සිතන විට, අපේ  ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසකට ‘රටේ බිම් මට්ටමේ සිදුවෙන දේ සහ සාමාන්‍ය දේශපාලන අවබෝධය තුළ සියොන්වාදී ප්‍රචාරණයේ බරපතළකම පිළිබඳ හැඟීමක් හෝ දැනුවත් බවක් ඇතිබව’ නොපෙනේ. ඊට එරෙහි ජනතා ප්‍රතිරෝධයක් එල්ල නොවන තරමට, සැබෑ තොරතුරු සැඟවී ඇත.

 

 

අපේ වෙරළ තීරයේ නීති නොතකා කටයුතු කළත් දඬුවම් නොලබන, කාන්තාවන්ට පහරදෙන, සංචාරක වීසා මත පැමිණ ව්‍යාපාර කරන, දූපත්වල සැඟවී වසන්වෙන, අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව භීතියට පත්කරන සියොන්වාදී ආක්‍රමණය, තවම ශ්‍රී ලාංකිකයන්ගේ නිසි අවධානයට සහ අවබෝධයට ලක්වී නැත. ඔවුන් මෙහි රැඳී සිටින්නේ ඔත්තු බැලීමට බව ශ්‍රී ලාංකිකයන් තවමත් තේරුම්ගෙන නැත්තේ, සියොන්වාදීන්ගේ ඉතිහාසය නොදන්නා නිසයි. ඔවුන් පැමිණ ඇත්තේ, ආපසු යන අදහසින් නොවේ! ‘අඩියෙන් අඩිය අපේ රට ගමන් කරන දිශාව තේරුම්ගැනීමට’ බලන්න, පලස්තීනය දෙස... බලන්න,  එහි ගාසා තීරය දෙස...

 

 

අද වනවිට, ශ්‍රී ලංකාවේ යුදෙව් ජනගහනයක් නැති බව සහ මෙහි දැනට ඇති බහු-වාර්ගික සංස්කෘතිය ‘යුදෙව් ආගම සමඟ කිසිදු සම්බන්ධයක් නැති බව’ ඇත්ත ය. එහෙත්, එක රැයින් දැන් ශ්‍රී ලංකාවේ ‘සජීවී යුදෙව් පැවැත්මක් ඇති බව’ wikipedia සඳහන් කරන බව අමතක නොකළ යුතුය. කිසිවිට පලස්තීනය අමතක කරන්න එපා. ප්‍රහාරයේ පළමු අදියර වන්නේ, නොමග යවනසුළු තොරතුරු බව මම යළි යළිත් අවධාරණය කරමි.

 

 

ඊනියා ඊශ්‍රායල කතන්දරවල බොරුව හෙළිකිරීමටත්, ‘ස්වර්ගයෙන් එන ආහාර යැයි සිතන අසූචිවලට මුහුණදීම වෙනුවට, නිහඬව හා නොදැනුවත්ව සිටින හොඳ මිනිසුන් නිසා’ - ජනසංහාරයට පාර කැපෙන බව, කණගාටුවෙන් වුවද කීමට සිදුවේ.  

 

ශ්‍රී ලාංකිකයන් දැනුවත් වියයුතු ඉතිහාසය මෙන්න. සියොන්වාදීන් අපේ රටට රිංගීමට පෙර, ඔවුහු පලස්තීනය අත්පත් කරගත්හ. 2023 ඔක්තෝබර් 7 වන දිනට පෙර පැවති ඉතිහාසයයි, මේ ! අප එය දැනගත යුතුමය.

 

පලස්තීන ජනතාව වසර 77ක් තිස්සේ, කෲර බලහත්කාර වාඩිලෑමකට යටත්ව ජීවත්වේ. නාසි යුරෝපයෙන් පළායාම ප්‍රතික්ෂේප කළ සුදු ජාතිකයන්ට, තමන්ගේ වාසභූමිය ලබාදීමට ඔවුන් පෙන්වූ කරුණික බව අනාගතයේ දිනක ‘පෙරළා තමන් තළාපෙළා සම්පූර්ණයෙන් අවතැන්කරවන බව’ කිසි විටෙකත් ඔවුන් දැනසිටියේ නැත.

 

තියඩෝර් හර්ට්ස්ල් ඔහුගේ ‘යුදෙව් රාජ්‍යය’ නැමති ප්‍රකාශනයෙන් යුදෙව් රාජ්‍යයක් ගැන අදහස් පළකළ විට, ඒ ගැන පලස්තීනුවන්ගේ අදහස් විමසීමට කිසිවෙකුට වුවමනා නොවීය; 1897දී ස්විට්සර්ලන්තයේ ලෝක සියොන්වාදී සංවිධානය පිහිටුවන විට, හෝ 1901දී පලස්තීන භූමියේ ඊශ්‍රායලයක් නිර්මාණය කිරීමට ‘යුදෙව් ජාතික අරමුදල’ පිහිටුවන විට, කිසිවෙකු පලස්තීන වැසියන්ගේ මතය තඹයකට මායිම් කළේ නැත.

 

1916 දී සයිකීස්-පිකොට් ගිවිසුම අත්සන් කරමින් අරාබි රටවල්, ‘වර්තමානයේ ආරක්ෂක මණ්ඩලයේ වැට උඩ සිටින බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය අතර බෙදීමේදී’ ද පලස්තීනුවන් එතනට වැද්දගත්තේ නැත. ‘බැල්ෆෝර් ප්‍රකාශනය’ නිකුත්කළේද පලස්තීනුවන් කිසි ලෙසකින්වත් සම්බන්ධ කරගෙන නොවේ. 1937දී පීල් සාමිවරයා සිය වාර්තාව මගින්; හොඳම ඉඩම්වලින් සියයට 33ක් යුදෙව් රාජ්‍යයටත් ඉතිරි කොටස පලස්තීන අරාබිවරුන්ටත් යා යුතු බවටත්; එකී දෙවැන්න ‘යුදෙව් කොටස්’ ලෙස අමුතු නමක් ලබාදී හැඳින්වූ කොටසින් ‘බලහත්කාරයෙන් මාරු කළයුතු බවටත්’ ඔහු කළ නිර්දේශවලට, එතෙක් නිහඬව සිටි පලස්තීනුවන්, කිසිම හඬක් නොනගා එකඟ වියයුතු බව ඔවුන් අපේක්ෂා කළේය.

 

එම වසරේම, අරාබි උසස් කමිටුව මෙම නිර්දේශ ප්‍රතික්ෂේප කර ‘සියලුදෙනාගේ හිමිකම් ආරක්ෂා කරන ස්වාධීන පලස්තීනයක් ඉල්ලාසිටි විට’ බ්‍රිතාන්‍යය, එම කමිටුව මෙන්ම අනිත් සියලු පලස්තීන දේශපාලන සංවිධානද විසුරුවා හැර, එමඟින් ඔවුන්ගේ හඬ සම්පූර්ණයෙන්ම යටපත් කළේය. නිව්යෝර්ක් හිදී 1942 දී රැස්වූ සියොන්වාදී නායකයින්ගේ බිල්ට්මෝර් සමුළුවේදී, ‘පලස්තීනය යුදෙව් නිජබිමක් බවට පත්කිරීමට ඉල්ලා සිටි අතර, එම සාකච්ඡා සඳහා පලස්තීනුවන්ට ආරාධනා කිරීමට ඔවුන් තැකීමක්වත් කළේ නැත. ඇත්තෙන්ම 1947 තරම් ඈත කාලයකදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටියේ ‘පලස්තීනය සඳහා, ඔවුන්ගේම භූමියෙන් සියයට 43ක් සහ යුදෙව් රාජ්‍යයක් සඳහා පලස්තීනයෙන් සියයට 56.5ක ප්‍රමාණයක්’ පමණි. එහෙත් වර්තමානය වනවිට පලස්තීනුවන්ට, තමන්ගේ උපන්බිමෙන් හතරෙන් එකක්වත් හිමි නැත. ඒ කුඩා ප්‍රදේශය පවා ‘බෝම්බ හෙළීම ගැන හෙළිකිරීමට ඉඩක් නැති වනසේ, මුරපොළවල් සහ ප්‍රචණ්ඩකාරී බලහත්කාරකම් මගින්’ විකෘතියක් බවට පත්කර ඇත.

 

ප්‍රධාන ප්‍රවෘත්ති මාධ්‍ය ‘ත්‍රස්තවාදය යන මාතෘකාව ඉස්මතු කිරීමේ අමුතු ආසාවකින්’ පෙළෙයි. නමුත් ඇත්තෙන්ම, 1935 දී පලස්තීන දේශපාලන ව්‍යාපාරය ආරම්භ වෙද්දීත්, ඒ වනවිටත් වසර දාහතරක් තිස්සේ ‘යුදෙව් අසල්වැසි මුරකරුවෙකු ලෙස හැඳින්වූ - එහෙත් ඇත්තෙන්ම නීති විරෝධී සංක්‍රමණ සහ නව ප්‍රදේශවල ජනාවාස ගොඩනැගීමට සහාය දුන් ‘හගනා’ සටන්කාමී කණ්ඩායම’ ක්‍රියාත්මක වෙමින් තිබිණි! ත්‍රස්තවාදය පිළිබඳ බ්‍රිතාන්‍යයේ 1946 ධවල පත්‍රිකාවේ ‘කිසිදු පලස්තීන ත්‍රස්තවාදී සංවිධානයක් ගැන සඳහන් නොවූ’ නමුත්, අන්තවාදී යුදෙව් සංවිධාන දෙක වන ‘හගනා සහ ඉර්ගුන්’ගැන සඳහන්ව ඇත. බ්‍රිතාන්‍ය, පලස්තීන සහ යුදෙව් සේවකයින් ඇතුළු 91 දෙනෙකු ඝාතනය කරමින් 1946 ජූලි 22 වනදා ‘කිං ඩේවිඩ් හෝටලය’ පුපුරුවා හැරියේ එකී ‘ඉර්ගුන්’ සංවිධානය විසිනි. පුදුමයි; මේ තරම් ලේසියෙන්, ‘එම කලාපයේ මුල්ම ත්‍රස්තවාදී කණ්ඩායම් අමතක කිරීමට’ පුළුවන්ද?

 

1948 වනවිට, ටෲමන් - යුදෙව් රාජ්‍යය ප්‍රකාශයට පත්කිරීම සඳහා සහායවීමට චයිම් වයිස්මාන්ට පොරොන්දු වී තිබූ නිසා ඇමරිකාව සියොන්වාදීන් සමඟ අත්වැල් බැඳගෙන සිටි අතර; අප්‍රේල් වන විට එක්සත් ජනපදය, යුදෙව් සංවිධානවලට අඛණ්ඩව සහ කොන්දේසි විරහිතව අවි නැව්ගතකිරීම ආරම්භ කළේය. මැයි මාසය වනවිට සිටි පලස්තීන සරණාගතයින් ගණන 200,000ක් වූ අතර; ජෝර්දාන්, ලෙබනන්, සිරියානු සහ ඊජිප්තු ජාතිකයන් සම්බන්ධව සටන් ඇරඹුණ අතර ඉන්පසු වසර කිහිපයක් මුළුල්ලේ; ගාසා තීරයේ, කල්කිල්යා, කෆ්ර් කාසිම්, ඛාන් යුනිස්, අස්-සම්මු', ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලියට ගිනිතැබීම් සහ ජෝර්දාන් ගඟ හැරවීම වැනි අමානුෂික ඊශ්‍රායල සංහාරවලට මුහුණදීමට අපට සිදුවිය. 1967 දී පලස්තීනයේ ඉතිරි කොටස සියොන්වාදීන් සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කළේ, සැබෑ තතු වසන් කරමිනි!

 

මෑත ඉතිහාසයේ, 1993 ඔස්ලෝ ගිවිසුමෙන් යම් ස්වයං පාලනයක් පොරොන්දුවීමට නියමිතව තිබුණි. එහෙත් ඇත්තෙන්ම, සියොන්වාදී නායකත්වය කළේ පලස්තීනයේ ඇතැම් ප්‍රදේශවලින් ‘ඉවත්වන බව මවාපෙන්වා’ - පසුව සියලු ආකාරයේ තාප්ප සහ මුරපොළවල්, හමුදා මධ්‍යස්ථාන යොදා සියලු දේශසීමා තමන්ගේ දැඩි පාලනයකින් වටකිරීමයි. ගොඩබිමින්, මුහුදෙන් හෝ ගුවනින්, ගාසා තීරයට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැක. සියොන්වාදීන් 2001 දී, ගාසා ගුවන්තොටුපළට බෝම්බ හෙළීය. ගාසා වරාය පාලනය කරන්නේ ද, සියොන්වාදීන් ය. සියොන්වාදීන්ගේ අභිමතය මත පමණක් ‘ගාසා තීරයේ ධීවරයින්ට වෙරළට නාවික සැතපුම් 3-6ක් අතර ප්‍රදේශයේ පමණක් මසුන් ඇල්ලීමට අවසරදී තිබූ අතර’, දැන් එයටද කිසිම ඉඩක් නැත. 2023 ඔක්තෝබර් 7 දාට පෙර, වසර 16ක් තිස්සේ ගාසා තීරයට දැඩි ලෙස සීමාකළ හා සම්පූර්ණයෙන්ම තහනම් භාණ්ඩ පිළිබඳ කෙටි ලැයිස්තුවකි, මේ: වෛද්‍ය සැපයුම් සහ වෛද්‍ය උපකරණ, විදුලිය සහ ඉන්ධන, ගොඩනැගිලි ද්‍රව්‍ය, තාක්ෂණය, පොත් ඇතුළු අධ්‍යාපනික සැපයුම්, කෘෂි හා ධීවර ජීවනෝපාය සඳහා අවශ්‍ය උපකරණ හා ආම්පන්න, විදුලිසංදේශ, සන්නිවේදන හා අන්තර්ජාල පිවිසීම, මූලික ගෘහ උපකරණ සහ ආහාර. 2018 වනවිට ගාසා තීරයේ ජනගහනයෙන් 30%කට පමණ ගලායන ජලය ලබාගැනීමටවත් ඉඩ ලැබුණේ නැත.

 

පලස්තීනයේ ඉතිරි කොටසේ තත්ත්වය, මීටත් වඩා ඛේදනීය ය. උදාහරණයක් ලෙස, නැගෙනහිර ජෙරුසලම ඇතුළු බටහිර ඉවුරේ පලස්තීනුවන්ට තමන්ගේම භූමියේ ජලය පොම්පකර, පසුව සියොන්වාදීන් ආපසු ඔවුන්ටම මුදලට විකුණා - හිතුවක්කාර ලෙස බෙදාහරින තෙක් බලාසිටීමට වී ඇත. පලස්තීන වැසියන්ට - කලකට පෙර තිබූ සිය අලංකාර නිවාසවල දැනට ඉතිරි වී ඇති කොටස් මත තබා ඇති විශාල කළු බැරල්වලට - මේ ජලය එකතු කරගැනීමට සිදුව තිබේ. නිතරම පාහේ සියොන්වාදී හමුදාවේ වෙඩි ප්‍රහාරවලින් එම බැරල් සිදුරුවන අන්දම බලාසිටිනවාට වඩා ඔවුන්ට කළහැකි යමක් නැත. වැසි ජලය අයිති ඔවුන්ට මිස කාන්තාර වාසී ජනකොටස්වලට නොවන බව විශ්වාස කරන සියොන්වාදී රජය; ස්වදේශිකයන් මත ප්‍රචණ්ඩත්වය මුදාහරී; ඔවුන්ගේ නිවාස වනසයි; දරු පවුල් භීතියෙන් ත්‍රස්තකර, කෲර වධබන්ධනවලට ලක්කරයි; පලස්තීන මව්වරුන්ට රෝහලකට යාමට ඉඩනොදී මුරපොලවල දරුවන් ප්‍රසූත කරන්නට බලකරයි. ඒ දරු උපත්වලින් බොහෝමයක් මළ දරු උපත් ය. ඇමරිකාවෙන් ආ ‘ජනඝාතක යන්ත්‍ර මෙන් අවි අතදරා සිටින’ වීදිසරන සුදු ජාතිකයින් පිරුණු තැන්වල, පලස්තීන පිරිමින්ට ‘අහිංසක අසරණයන් ලෙස’ පෙනීසිටීමට සිදුවී ඇත. මේ තත්ත්වය, ඔබට සිතාගැනීමටවත් නොහැකි නම්, තව ටිකක් උත්සාහ කරන්න. වැඩිකල් නොගොස්, එය ඔබේ නගරයේ දකින්නට හැකිවෙනු ඇත.

 

බටහිර ඉවුරේ සියොන්වාදීන් හරි අපූරු වැඩක් කරමින් සිටී. ඒ ප්‍රදේශයේ කුඩා ගරාවැටුණ නිවසක්, සමහරවිට වාහනයක ට්‍රේලරයක්, යුදෙව්වන්ගේ චබාද් නිවසක් බව මුලින් කියා - ඉන් පසු එයට පලස්තීනුවන්ගේ තර්ජන ඇති බව කියමින්, ඔවුන් ඒ වටා හමුදාව යොදවයි. ඉන්පසු, ඒ ප්‍රදේශයේම තවත් නිවසකට හෝ පැල්පතකටද එවැනිම දෙයක් කර, ඊළඟට කියන්නේ ඒ චබාද් නිවෙස් දෙක අතර මාර්ගයක් තිබිය යුතු බවයි. එසේ ඉදිකරන මාර්ගය, පලස්තීනුවන්ට තහනම් ය! එම මාර්ගය පලස්තීනුවන්ගේ තර්ජනයට ලක්වූ මාර්ගයක් බව කියා, මාර්ගයේ ආරක්ෂාවට යැයි කියමින්  ඒ වටා මුරපොලවල් සහ සන්නද්ධ පිරිස් යෙදවීම, ඊළඟ පියවරයි. අපූරුයි! වැඩි දවසක් නොයා එය, සියොන්වාදීන් අයිති ය!

 

‘සියොන්වාදය ජාතිවාදය හෙළාදකින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 3379 යෝජනාවට’, මේ වනවිට වසර 50කි. ‘එදා බේරූට් නගරයෙන් පිටත සබ්‍රා සහ ෂටිලා සරණාගත කඳවුරුවල පලස්තීනුවන් 3,500ක් පමණ සියොන්වාදීන් විසින් ඝාතනය කිරීම’ අපි මේ සැප්තැම්බරයේදීත් සිහිකරමු. ඒ සියල්ල මොහොතකට අමතක කළත්, අපි අද මේ මොහොතේදීත් ‘සජීවීව විකාශනය වන ජන සංහාරයේ 101 වන සතිය’ අත්විඳිමින් සිටිමු.

 

‘සියොන්වාදී මිනීමරුවන් දෙස සානුකම්පිතව බලමින්, ඇත්තෙන්ම සියවස් ගණනක් අප සමග ජීවත්වුන අපේ මුස්ලිම් සහෝදර-සහෝදරියන් දෙස වපර ඇසින් බලන අය, ශ්‍රී ලංකාවේ අදටත් හිඟ නැත. අපේ භූමිය සහ අපේ ජනතාව වෙනුවෙන් සටන් කිරීමට ඇති අපට අයිතිය සහ වගකීම, පලස්තීනුවන්ටද එලෙසින්ම ඇත.

 

පෘතුගාලයේ සිට ශ්‍රී ලංකාව දක්වා වෙරළබඩ නගරවල, දැන් දැන් සිදුවෙන අමුතු යමක් ගැන ඔබ දන්නවාද? උදාහරණයක් ලෙස; ශ්‍රී ලංකාව වැනි කිසිම යුදෙව් ඉතිහාසයක් නොමැති රටක - සියොන්වාදී ප්‍රබලයන් පිරිසක් අරුගම්බේ ප්‍රදේශයේ ‘චබාද් නිවසක්’ පිහිටුවන ලදී. එය වසාදැමීමට මෑතකදී නියෝග නිකුත්කළ පොතුවිල් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට (DDC), අපි සැබවින්ම ස්තූතිවන්ත විය යුතුය.

 

 

ශ්‍රී ලංකා රජයත් - සියොන්වාදීනුත් අතර ඇති සම්බන්ධයට එරෙහිව වීදි බැස ඇති බොහෝ ශ්‍රී ලාංකිකයන්, ‘සුප්‍රකට අරගල ක්‍රියාකාරිකයන්’ ය. ඔවුන්ගේ නිරන්තර විරෝධතා, අපට යම් සුබවාදී අපේක්ෂාවක් ඇතිකරයි. රජය බලයට ගෙනඒමට සටන්කළ ක්‍රියාකාරීන්ටම, මෙහිදීත් හඬ අවදිකරන්නට වීම, එක්තරා ආකාරකින් අප තැතිගන්වනසුළු යතාර්ථ‍යකි. මේ තරුණ කොටස්වල හදවතේ කැකෑරෙන වේදනාව සහ භීතිය, ‘රජය හොඳින් තේරුම්ගෙන, දැනටමත් නිසි පිළියම් යොදා ඇතැයි සිතන්නේ නම්’, එය රජයට වූ බරපතළ වැරැද්දකි. ඔවුන්ගේ හිත්වල ඇති අවේගය හා ජවය, තවමත් බුර බුරා නැගෙන ගින්නකි. ඒ නිසා, ‘තමන්ගේ කරමතින් බලයට ආ රජය’ යළි පෙරළා දැමීමට ඔවුන්ට දෙවරක් නොසිතනු ඇත; ඊට අවශ්‍ය ජවය සහ බලයද ඔවුන් සතු බව රහසක් නොවේ. බලන්න, නේපාලය දෙස!

 

 

අහන්න මොහොතක්; පලස්තීනයේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන්ගෙන් රජයට ලැබෙන විදේශ විනිමය, අහිංසක පලස්තීන දරුවන්ගේත් වැසියන්ගේත් ලේවලින් පෙඟී ඇත. ‘වීසා රෙගුලාසි උල්ලංඝනය කරන සහ අපගේ මාතෘභූමියේ ආගමික මධ්‍යස්ථාන පිහිටුවන සංචාරකයින් ගැන’ රජය නෑසූ කනින් අන්ධව සිටී නම්, ඒ තමන්ට ලැබෙන ‘ලේ වැගිරෙන මුදල්’ නිසා විය හැක. පලස්තීන හිතවාදී විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය උසිගන්වමින්, අපේම ශ්‍රී ලාංකිකයන් බියවැද්දීමට ඇමරිකානු තානාපති කාර්යාලවලට බුද්ධි තොරතුරු විකුණන රජය; අහිංසකයන්ගේ ලේ පිපාසිතයන් වියයුතුය.

 

මේ සියල්ලට වගකිවයුත්තේ, ඔවුන් පමණක් නොවේ. සියොන්වාදී ප්‍රචාරණවලට, සිය ගොඩනැගිලි සහ කඩකාමරවල ඉදිරිපස කොටස් මුදලට ලබාදෙන සාමාන්‍ය ජනතාවද - දැනුවත්ව හෝ නැතුව, මේ ජන සංහාරයට උඩගෙඩි දෙන්නෝය. අපේ රටට අදාළ නැති භාෂාවලින් ලියූ සංඥා දෙස බලමින්; සිය කැෆේ සහ හෝටල සියොන්වාදීන්ට පමණක් යැයි කියන ඔබේ දෑත්ද, පලස්තීන ලේ පැල්ලම්වලින් ගහණ ය. නවතින්න මොහොතක්; හිතන්න. ඔබට තවමත් සුලු කාලයක් ඉතුරු වී ඇත. ඔබේ ආදරණීයයන් ඉරා මරාදැමීමට අකමැති නම්; අපේ පිරිමින් කොන්ද පණනැති අසරණයන් වීමට අකමැති නම්; අපේ දූවරුන්, බිරින්දන් සහ අම්මාවරුන් නින්දා වදබන්ධනවලට ලක්වෙනවා දැකීමට අකමැති නම්; සිඟිති දරුවන් අපේ දෑස් ඉදිරියේ මියැදෙන ආකාරය දැකීමට අකමැති නම්; ඔබේ කඩ සාප්පු හා ව්‍යාපාර වැසී ගොස්, නිවාස අළු දූවිලි වෙනවා දැකීමට අකමැති නම්; තවදුරටත් නිහඬව ඉන්න එපා. මීට එරෙහිව ඔබේ හඬ අවදිකරන්න. එන්න, ඉදිරියට. අපි මේවා නවත්වමු. අමතක කරන්න එපා, ඉතිරි වී ඇත්තේ ඉතා සුළු කාලයකි. එන්න, එරෙහිවෙන්න. වීදි බසින්න. අපි මේවා නවත්වමු, ඉතිරි සුළු කාලය තුළදීවත්!

 

@ ගෝතමී පීරිස්

නවතම ලිපි